Breaking
19 Apr 2025, Sat

2015 පාර්ලිමේන්තු මැතිවරණයේ ජාතික ලැයිස්තුවට පරාජිතයින් නම් කිරීමට සැළසුම් කළ මෙහෙයුම පියවරෙන් පියවර (කාට අමතක වුවත් අපට මතකයි) -පාවා දෙන්නන්ගේ හොරාවේ සිට අනාගතයට ….

Published-2017/11/16-ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ආයතනවල හැසිරීමත් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියාදෙන පක්ෂ ලෙක්ම්වරුන්ගේ සැබෑ තත්ත්වය ගැනත් බුද්ධිමත්ව සහ මනා සිහිබුද්ධියෙන් විමසිලිමත් වීම සියලු පුරවැසියන්ගෙන් වගකීම බව අප මැනවින් පසක් කර දි තිබේ.

පසුගියිදා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී වරුන් හමුවී ආණ්ඩුවේ කඩා වැටීම පිළිබද හා රනිල් වික්‍රමසිංහ හා ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ හොරකම් පිළිබද විශේෂ කතාවක් සිදු කරමින් ආණ්ඩුවෙන් ඉවත් විමට ශ්‍රිලනිප මෛත්‍රී පිළ සුදානම් බව දවල් මිගෙල් රෑ දනියෙල් නොහොත් සුසිල් ප්‍රේමජයන්ත කියා තිබේ…

සුසිල් කියන්නේ සත්‍යමද? ඉතිහාස පාඩම අමතක කර වර්තමානයේ යලිත් රැවටෙමුද?

මේ  දිර්ඝ ලිපිය ඉතාමත් හොදින් කියවන්න …

කෝට්ටේ, මාදිවෙල, ඔබහේන පාර, අංක 35 ලිපිනයේ විශ්වා වර්ණපාල විසින් එක්සත් ජනතා නිදහස් සංධානයේ ප්‍රධාන ලේකම්නුගේගොඩ, ගංගොඩවිල පාර, දුම්රිය පල පාර, 123/1 ලිපිනයේ සුසිල් ප්‍රේම්ජයන්ත ට සහ එක්සත් ජනතා නිදහස් සංධානයේ උපසභාපතිවරයෙක් වන කොළඹ 7, ග්‍රෙගරීස් පාර, C 78, ලිපිනයේ ආතාවුද සෙනෙවිරත්නට එරෙහිව 2015 අගෝස්තු 14 දින කොළඹ දිසා අධිකරනයේ නඩු අංක DSP/113/15 නඩුව පැවරීම. (කොළඹ දිසා අධිකරණයේ නඩු ගොනුවේ පළමු කාර්ය සටහන මෙසේ ය.)

2015 අගෝස්තු 14 දින කොළඹ දිසා අධිකරණයේ නඩු අංක DSP/113/15 යටතේ පවරන ලද පැමිණිල්ල…..(පැමිණිල්ල පිටු 14 කි. එකී පැමිණිල්ල පහත දැක්වේ.)

ඉහත 2015.08.14 දින ගොනු කර ඇති පැමිණිල්ල එදිනම දිසා අධිකරණයේ හර්ෂ සේතුංග විනිසුරුවරයා ඉදිරියේ කැදවා කරුණු තහවුරු කර පැමිණිල්ලේ ආයාචනයේ අයද ඇති “එෆ්”, “ජී” වලට අදාල අතුරු තහනම් නියෝග දැන්වීම්ද, “එච්” සහ “අයි” වාරණ නියෝගද ලබා ගෙන ඇත.(2015.08.14 දින දිසා අධිකරණයේ නීති කෘතයයන් මෙසේ ය.)

විශ්වා වර්ණපාල විසින් ඉහත නියෝග 2015.08.14 දින(සිකුරාදා) කොළඹ දිසා අධිකරණයෙන් ලබා ගත් අතර 2015.08.17 දින (සදුදා) 2015 පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලදී.

2015 පාර්ලිමේන්තු මැතිවරණයට අදාල ජාතික ලැයිස්තුව නම් කිරීමේදී යම් අක්‍රමිකතාවයක් වීමට ඉඩ ඇති හෙයින් සහ එය නිදහස් මැතිවරණ ක්‍රමයට අනුකූල නොවන හෙයින් සහ ඡන්ද අයිතියට උල්ලංඝණය කරන හෙයින්, ජනතාව විසින් පරාජයට පත් කළ අපේක්ෂකයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇතුල්වීමවළක්වා ගැනීම සදහා එක් නීතීඥවරයෙක් 2015.08.19 දින මහාචාර්ය විශ්ව වර්ණපාල මහතා විසින් යොමු කරනු ලබන එක්සත් ජනතා නිදහස් සංධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ලැයිස්තුව පිළිනොගන්නා ලෙස දැනුම් දෙමින් මැතිවරණ කොමසාරිස් වෙත දැනුම් දීමක් කර තිබුණි.(එකී ලිපිය පහත දැක්වේ.)

ඉහත විශ්වා වර්ණපාල විසින් කොළඹ දිසා අධිකරණයේ පවරා ඇති නඩුව නීතියට පටහැනි බවත්, එය ආරම්භක අවස්ථාවේ සිටම අවලංගු නඩුවක් බවත්, වලංගු නඩු නිමිත්තක් පවා ඉදිරිපත් කර නැති බවත්, නිසි ලෙස නඩුවට පාර්ශවයන් නම් කර නැති බවත්, වැදගත් කරුණු යටපත් කිරීමෙන් වාරණ නියෝග ලබා ගෙන ඇති බවත්, කරුණු විකෘති කර ඇති බවත්, සත්‍ය කරුණු යටපත් කර ඇති බවත්, අපිරිසිදු දෑතින් අධිකරණයේ සහන පතා ඇති බවත්, මැතිවරණ නීති උල්ලංඝණය කරමින් නඩු පවරා ඇති බවත්, තමන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කළ යුතු බවත් දක්වමින් එකී වාරණ නියෝග අත්හිටුවා ගැනීමට සහ ඉවත්කර ගැනීමට පෙත්සමක් දිසා අධිකරණයට 2015 අගෝස්තු මස 21 දින ඉදිරිපත් කර ඇත. (එකී පෙත්සම පහත දැක්වේ….)

ඒ අතර 2015.08.21 දින කොළඹ දිසා අධිකරණයේදී තවත් එක් අපූරු සිදුවීමක් වූ අතර එනම්    සුසිල් ප්‍රේම්ජයන්තට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් ධූරයේ  කටයුතු කිරීම වළක්වන වාරණ නියෝගය 2015.08.14 දින ලබා ගෙන තිබියදී ජාතික ලැයිස්තුව පත් කිරීමේ කාර්ය සදහා නැවත එකී  සුසිල් ප්‍රේම්ජයන්තටම අවසර ලබා ගැනීමට     කරුණු දැක්වීමක් කොළඹ දිසා අධිකරණයට සිදුකර ඇත. (එකී පැමිණිලිකාර විශ්වා    වර්ණපාල වෙනුවෙන් දිසා අධිකරණයට කළ කරුණු දැක්වීම මෙසේ ය…)

සුසිල් ප්‍රේම්ජයන්ත විසින් ජාතික ලැයිස්තුව (2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට       පත් වූ අයද ඇතුළත්) නම් කරමින්  මැතිවරණ කොමසාරිස් වෙත යවන ලද X-1 දරන ලේඛනය පහත දැක්වේ…

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත් අපේක්ෂකයන්ගේ නම් ඇතුළත් ජාතික ලැයිස්තුව මැතිවරණ කොමසාරිස් වෙත යොමු කිරීමටසුසිල් ප්‍රේම්ජයන්ත කටයුතු කිරීමෙන් පසු විශ්වා වර්ණපාල විසින් කොළඹ දිසා අධිකරණයේ පවරා තිබූ නඩුවද  2015.08.28 දින ඉල්ලා අස්කර ගන්නා ලදී. එකී නඩුව ඉල්ලා අස්කරගැනීමට අදාල නීති කටයුත්ත මෙසේ ය.(අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේවාට ය.)

ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ආයතනවල හැසිරීමත් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියාදෙන පක්ෂ ලෙක්ම්වරුන්ගේ සැබෑ තත්ත්වය ගැනත්බුද්ධිමත්ව සහ මනා සිහිබුද්ධියෙන්විමසිලිමත් වීම සියලු පුරවැසියන්ගෙන් වගකීමකි.

අධිකරණය කටයුතුවල වාර අවසාන් කරන දිනම එනම් 2015 අගෝස්තු 14 වන දින(සිකුරාදා) එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් වෙනස් කිරීමට පවරන ලද නඩුව කියවිය යුත්තේ 2017 අගෝස්තු මස 17 වැනි දින(සදුදා) පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම්කර තිබෙන පරිසරයකදී ය. ඡන්ද දායකයින්ගේ නිදහස් මැතිවරණයට මෙය කොයි ආකාරයෙන් බලපෑම් කළේද යන්න සම්බන්ධව සමාජයේ පැවති සාකච්ඡාව අඩු වූයේ “වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව” නිසාද නොදනී.

කෙසේ වෙත්ත අධිකරණ කටයුතු වාර්තා කරන්නන් මේ සිදුවීම පැහැදිලිව නිරවුල්ව ජනතාව වෙත ගෙන ගියේද? යන්න ගැටළු සහගත වුවත් මෙම ලිපිය මගින් 2015 අගෝස්තු මස පැවති පාර්ලිමේන්තු මැතිවරණයට පෙර දින (වැඩ කරන දින) කොළඹ දිසා අධිකරණයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා ඉවත් කිරීමට පවරන ලද නීති කටයුත්තේ වැදගත් සිද්ධීන් ඇති සැටියෙන් මෙහි දක්වා ඇත්තේ ජනතා අධිකරණය ඉදිරියේ සිය හෘදය සාක්ෂිය විවර කර බැලීමට සෑම පුරවැසියකුටම මෙයින් ආරාධනා කරමිනි.

මෙහි ඊළග අදියර එනම් ජාතික ලැයිස්තුවට පරාජිතයින් පත් කිරීමේ නීතිමය සැළැස්මේ දෙවැනි ඉනිම නුදුරේදී පවත්වන පළාත් පාලන මැතිවරණයේ දී ජයගන්නා යහපාලන විරෝධී මන්ත්‍රීවරුන් (පොහොට්ටු) අතරින් 15%ක් යහපාලනයට නැවත නම්මවා ගැනීම ය. එය සිදු කරන ආකාරයත් – සංශෝධිත මැතිවරණ පනත 60% සහ 40% අනුපාතය, පරාජිතයන් විසින් විධායකයේ බලය සමග පළාත් පාලන ආයතන වල බලය ඇල්ලීම සම්බන්ධවත් සාකච්ඡා කරනු ඇත. වරදක් එළි දරව් කිරීමෙන් වරද වැඩි නොවන බවත්, දවල් මිගෙල් රෑ දනියෙල් ලා ගැනජනතාව මනා අවබෝධයෙන් සිටීන බවත් රට කරවන ඇත්තෝ නිතර සිහි තබා ගැනීම වටී.

රාජපක්ෂලා ගොනාට අදින විට ගම්මන්පිලලා තප්පුලෑම …..

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී වරුන් හමුවී ආණ්ඩුවේ කඩා වැටීම පිළිබද හා රනිල් වික්‍රමසිංහ හා ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ හොරකම් පිළිබද විශේෂ කතාවක් සිදු කරමින් ආණ්ඩුවෙන් ඉවත් වන බවට විශේෂ කතාවක් සිදු කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී වරුන් හමුවී ආණ්ඩුවේ කඩා වැටීම පිළිබද හා රනිල් වික්‍රමසිංහ හා ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ හොරකම් පිළිබද විශේෂ කතාවක් සිදු කරමින් ආණ්ඩුවෙන් ඉවත් වන බවට විශේෂ කතාවක් සිදු කර තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.