LNN SPY

ශ්‍රීලනිපයට ඔනේ විදියට මැතිවරණය කල් දාන්න දෙන්න බෑ…කොමිසමෙන් කූජීත වු එජාපය ගේමක් දෙන්න සුදානම්

පලාත් පාලන මැතිවරණය කිසිදු හේතුවක් නිසා ක්ල් නොදැමිමට කටයුතු කල යුතු බවට වු යෝජනාවක් එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සහ පසුපෙල මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කර තිබේන බව වාර්තා වේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිල සහ මහින්දගේ ඒකාබද්ධය එකට එකතු කර ගන්නා තුරු විවිධ් උපක්‍රම හරහා පළාත් පාලන මැතිවරණය කල් දමා ගැනිමට උත්සහ දරණ බවත් ඊට කිසිදු අවස්ථාවක ඉඩ ලබා නොදිය යුතු බවත් එම කණ්ඩායමේ මතය වි තිබේ.

විශේෂයෙන්ම බැදුම්කර කොමිසම හරහා අගමැතිවරයා මෙන්ම එජාප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු කූජිත කිරිම හේතුවෙන් මෛත්‍රී ජනපති මෙන්ම ශ්‍රීලනිපයේ මෛත්‍රී පිළ සමග විරසකයක සිටින මෙම කණ්ඩායමේ මතය වි ඇත්තෙ කවර නීතිමය කරුණක් පැන නැගුනද මැතිවරණය ඉතා ඉක්මනින්ම පැවැත්විමට කටයුතු සුදානම් කලයුතු බවයි.මීට අමතරව බැදුම්කර කොමිසම හරහා එජාපය අමාරුවේ දැමිම පසුපස ශ්‍රීලනීප කණ්ඩායමට අමතරව එජාපයේ කිහිප දෙනෙකු සිටින බවත් ඔහුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කලයුතු බවත් එම කණ්ඩායම අගමැතිවරයාට පෙන්වා දි තිබේ.

ඒ අනුව අගමැතිවරයාගේ ඉන්දිය සංචාරයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරිමට එකඟතාව පලවි තිබේ.

පලාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීමේ 2017 නොවැම්බර් 2 බ්‍රහස්පතින්දා අංක 2043/ 56 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය දෙසැම්බර් 4දා දක්වා බලරහිත කිරීමේ අභියාචනාධිකරණ තීන්දුවත් සමඟ ඉදිරි මැතිවරණය තවත් කල් යාමට ඉඩ ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ මත පළ කර සිටින අතර එම අභියාචනාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් මැදිහත් විමට එජාපයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් පිරිසක් මේ වනවිටත් සුදානම් වෙමින් සිටින බවද අප වාර්තාකරු අනාවරණය කළේ.

අද (22) දහවල් අදාල තින්දුව ප්‍රකාශ විමත් සමග මැතිවරණය කළ් යැමේ අවධානමක් ඇති බවට මත පලවිමත් සමග එජාප දිස්ත්‍රික් සහ පලාත් නායකයින්ට පක්ෂය හරහා දැනුම් දි ඇත්තේ මැතිවරණය කල් දැමිමට ඉඩ නොදෙන බැවින් මේ දක්වා කරගේන ආ සංවිධාන කටයුතු ඉදිරියටම කරගෙන යන ලෙසයි.

පලාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීමේ 2017 නොවැම්බර් 2 බ්‍රහස්පතින්දා අංක 2043/ 56 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය දෙසැම්බර් 4දා දක්වා බලරහිත කිරීමේ අභියාචනාධිකරණ තීන්දු කල අතර එම ගැසට් පත්‍රයේ සඳහන් නිර්දේශ සංශෝධනය කිරීමේදී විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා තම බල සීමාව ඉක්මවා කටයුතු කර ඇත්දැයි විමසා බැලීම සඳහා දෙසැම්බර් මස 4 වෙනි දින විභාගයක් පැවැත්වීමට අභියාචනාධිකරණය තීරණය කර ඇති අතර ඒතාක් ගැසට් පත්‍රය සම්බන්ධයෙන් වාරණ නියෝගයක් පනවා තිබේ.

Top