LNN SPY

ශ්‍රිලංකා, ඒකාබද්ධ නව පෙරමුණක්! මහින්ද සභාපති ධුරයට! රහසිගත සාකච්ඡා පලදරණ ලකුණු!

Published on: Nov 27, 2017 – පළාත් පාලන මැතිවරණය සදහා මහින්දගේ ඒකාබද්ධ විපක්ෂය සහ මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට එකතු කර ඒකාබද්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණක් ලෙස තරග වැදිම සදහා යම් එකඟතාවක් ඇති වි තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය විසඳීම සඳහා පත්කරන ලද කමිටු නියෝජිතයන් ඉතාම රහසිගතව සිදුකරන සාකච්ඡා වලදි මේ සම්බන්ධයෙන් දිර්ඝ ලෙස සාකච්ඡා කර තිබේන අතර නව පෙරමුණේ සභාපති ධුරයට මහින්ද රාජපක්ෂ පත්කිරිමටද කැමත්ත පලවි තිබේ.

ඒකාබද්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස තරග වැදිම හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ විම නතර වි යෑම සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිවරණ වගකිම් වලින් ඉවත් විම හේතුවෙන් ජාතික ආණ්ඩුව පවත්වා ගෙන යෑමට ඇති අර්බුද අවම විමත් හේතුවෙන් එම එම යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කැමත්ත පලකර ඇති බවයි  අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලේ.

පසුගියදා 25දා රාත්‍රි කොළඹ ව්‍යාපාරිකයේකුගේ නිවසේදි මෙම කමිටු දෙකේ සාමාජිකයන් මුණගැසුනු අතර දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනා ගැන මෙහිදී සාකච්ඡා කර ඇති අතර එහිදී ඒකාබද්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස තරග වැදිම සදහා ගෙන ආ යෝජනාවට ප්‍රමුඛතාව ලැබි අතර ඒ අනුව අදාල පෙරමුණ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම නායකයන්ට දැනුම්දී එම උපදෙස් අනුව තවත් සාකච්ඡාවක් හෙට (28දා) පැවැත්වීමට නියමිතයි.

 

Top