LNN SPY

නීතිය හා සාමය ඇමතිකම පවරා ගන්න….ජනපතිට ශ්‍රිලනිප,එජාප ඒකාබද්ධ ඉල්ලිමක්!

Published on: Dec 11, 2017 – පළාත් පාලන මැතිවරණයට පෙර නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පවරා ගන්නා ලෙසට ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම ජනාධිපතිවරයාට යෝජනා කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

රාජපක්ෂ පාලනයේ දී සිදු වූ බවට චෝදනා එල්ලව පැමිණිළි ලැබී ඇති පරීක්ෂණ කඩිනමින් සිදු නොවීම සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය සාගල රත්නායක මහතාට දිගින් දිගටම එල්ලවු චෝදනා එම අමාත්‍යාංශය පවරා ගන්නා ලෙසට දෙපාර්ශවයේම ඉල්ලා සිටිමට මුලික හෙතුව වි තිබේ.

මැතිවරණ සමයේ පොලිසිය මෙහෙයවිම නිවැරදිම සිදුකිරිමට වත්මන් අමාත්‍යවරයා අසමත් වනු ඇති බවත් ඊට ප්‍රධානම හේතුව සාගල අමාත්‍යවරයා සමග විවිධ කණ්ඩායම් පවත්වාගෙන සමීප සබඳතාවයන් බවද ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් පෙන්වා දි තිබේ.

මිට අමතරව පොලිස්සියේ සහ FCID වැනි ආයතන ප්‍රධානින්ගේන්ද ජනපතිට මෙම යෝජනාවම යොමුවි තිබේන බවද අප මීට පෙර අනාවරණය කලා.

මේ අතර පසුගියදා මෛත්‍රී පාලනයට එක්වු වීරකුමාර දිසානායක මහතාට නීතිය හා සාමය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟත්වය පළකර තිබුනද දිසානායක මහතා තමන්ට එම අමාත්‍යධුරයේ වගකිම් දැරිමට හැකියාවක් නොමැති බව පවසා තිබේ.ඒ අනුව ඉදිරි දින කිහිපය තුලදි වීරකුමාර දිසානායක මහතා බොහෝවිට පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දිමට නියමිතයි.

http://198.211.112.164/archives/16476

Top