LNN SPY

බැදුම්කර මගඩියේන් එජාපය “අන්තෝ ජටා – බහි ජටා”…..එජාප මන්ත්‍රී කණ්ඩායම එකා දෙන්නා හැලේ…දැඩි විනය ක්‍රියාමාර්ගයකට රනිල් සුදානම්

Published on: Jan 04, 2018 – එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම සදහා මන්ත්‍රීවරුන් ගේ සහභාගි විම අවම මට්ටමක පැවැතිම සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන ලෙස පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ මහ ලේකම් කබිර් හෂිම් මහතාට නියෝග කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

බැදුම්කර මුල්‍ය වංචාව සම්බන්ධයෙන් වු ජනාධිපති කොමිසම ක්‍රියාත්මකවන සමයේ අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකථන සම්බන්ධතා පැවැත්විම පිළිබඳව අනාවරණය විමත් ඇතැම් මන්ත්‍රීවරුන් ඇලෝසියස් ලාගෙන් ලබගත් විවිධ් වරප්‍රසාද සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම අතරතුර විවේචනයට ලක්විමත් සමග මන්ත්‍රීවරුන් රැස්වීම මගහැරිම ට පටන් ගෙන ඇති බවයි එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කර ඇත්තේ.

කෙසේවෙතත් බැදුම්කර කොමිසමේ වාර්තාව හරහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එල්ල වන චොදනා වර්ධනය කර ඒ හරහා රනිල් එජාප නායකත්වයෙන් ඉවත් කිරිමට රනිල් විරෝධී කල්ලිය කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම මගහැර යන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් දැඩි ලෙස විනය ක්‍රියාමාර්ග ගත යුතු බව රනිල් පිළේ ප්‍රබලයන් පෙන්වා දි තිබේ.

Top