LNN SPY

ප්‍රතිපල තවමත් මග…. මහින්දගෙන් හදිසි නිවේදනයක්!

පසුගිය වකවාණුවේ තමන් ආණ්ඩුව පැත්තෙන් කොතරම් පීඩනයකට, දඩයමකට ලක් වී සිටියත්, ජනතාව අපට ලබා දී ඇති මේ විශිෂ්ඨ ජයග්‍රහණ ඉතාමත්ම සාමකාමීව,සංවරයකින් යුතුව, සමරන ලෙස හිටපු ජනාධිපති, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

 

ජයග්‍රහණය සාමාකාමීව භුක්ති විදිමු

 

මෙවර පලාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබමින් සිටින බව නන් දෙසින් ලැබෙන පුවත් වලින් සනාථ වේ. අනේක විධි බාධා මැද මෙවන් සුවිශේෂී ජයග්‍රහණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දුන් ශ්‍රී ලංකාවේ සියළුම ඡන්ද දායකයින්ට මගේ ප්‍රණාමය පුදකර සිටිමි. ශ්‍රී ලංකාවේ විපාක්‍ෂික බලවේගය වන ඒකාබද්ධ විපක්‍ෂය ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා ඉතාමත්ම දුෂ්කර හා පීඩාකාරී තත්වයන් යටතේ මේ ජයග්‍රහණය ලබාගෙන තිබේ.

පසුගිය වකවාණුවේ තමන් ආණ්ඩුව පැත්තෙන් කොතරම් පීඩනයකට, දඩයමකට ලක් වී සිටියත්, ජනතාව අපට ලබා දී ඇති මේ විශිෂ්ඨ ජයග්‍රහණ ඉතාමත්ම සාමකාමීව,සංවරයකින් යුතුව, පරාජිත පාර්ශව වලට අගෞරවයක් සිදුනොවන ආකාරයට භුක්ති විදින මෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කළ සියලුම පාර්ශව වලින් මම සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමි. අප මේ රටේ ඡන්ද දායකයන්ට උපහාර දක්වන ප්‍රධානම විදිය එය බව කවුරුත් සිහිපත් කළ යුතු වේ.

 ශ්‍රී ලංකාවාසී ජනතාවට ජයවේවා !

 ඔබ සැමට තෙරුවන් සරණයි.

 මහින්ද රාජපක්‍ෂ

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති  

Top