LNN SPY

අන්තවාදය සාතන්ගේ දාසයෙකු මිස දේවදූතයෙකු නොවේ….

Published on: Mar 7, 2018- යලිත් වරක් ජාතීන් අතර සාමය ගිනි අවුලුවමින් ප්‍රචන්ඩත්වය හිස ඔසවා ඇත. අවි හැරවිය යුත්තේ ගෙන්දගම් පොලොවේ ජීවිත ගැටගසා ගැනීමට වෙර දරන තවත් ජන කොටසක් දෙසට නොව අස්ථාවාදී දේශපාලකයන් දෙසටය.ලිපිය ලියයන විටත් පොලීසිය විසින් Face book , whatsapp, messenger, blogs මොනිටර් කිරීම අරඹා ඇත . ඒනමුත් සත්‍ය කිමට කුමට බිය විය යුතුද

රනිල් වික්‍රමසිංහ

2001-2004 කාලයේ පැවතියේ එ.ජා.ප ආන්ඩුවකි. රටේ අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ වූ අතර රටේ ජනාධිපති ධූරය චන්ද්‍රිකා බන්ඩාරනායක අත විය. 2002 වර්ශය ආරම්භය සනි‍ටුහන් වනවාත් සමගම එක් ඛේදජනක සිදුවීමකින් මුලු ගුවන් හමුදාවම සසල විය. පියාසර නිලධාරී ආක්ෂ් වන්නිආරච්චි , ඉන්ටේක් 36 ( රෙජිමේන්තු )පුත්තලම නගරයේ දෙනෝදාහක් ඉදිරිපිට ඝාතනය විය.ආකාෂ් සේවය කලේ පාලවි ගුවන් හමුදා කදවුරට අනුයුක්තවය. පුත්තලම නගරය අශ්‍රිතව ක්‍රියාත්මක සංවිධානාත්මක මුස්ලිම් අපරාධ කල්ලියක් අතින් ආකාෂ් ඝාතනය විය. ඔහු මියගියේ පපු ප්‍රදේශයට ලද පිහි ඇනුම් ප්‍රහාරයක් හේතුවෙනි. මෙම ඝාතනයේ කෙස් කෙලින් කර වන කොටස නම් ඝාතකයන් මුස්ලිමුන් වීම නොව මිනීමරුවා රිෂාඩ් බදුර්දින්ගේ සහෝදරයෙකු වීමය. මිනීමැරුමේ ඇසින් දු‍ටු සාක්ෂිකරුවා වූ වින්ග් කමාන්ඩර් නුගේගොඩ තවම ගුවන් හමුදා සේවයේ නියුතුය. දේශපාලන වාසිතකා පුත්තලමේ මිනීමරුවන් ආරක්ෂා කලේ රනිල් වික්‍රමසිංහය. රනිල්ගේ එදාවෙල දේශපාලනයට අත් උදව් දුන්නේ එවක පොලිස්පති ලක්දාස කොඩිතුවක්කු සහ ගුවන් හමුදාපති ජයලත් වීරක්කොඩිය. එදා සක්‍රීය සේවයේ යෙදී සිටි ගුවන් හමුදා නිලධාරියෙකුගේ ලේ පැල්ලම අතින් වසන්කල රනිල්ට මෙදා දිගන රියෙදුරෙකුගේ ලේ පැල්ලමකින් ජාත්‍යන්තර අපකීර්තියක් ලැබීම දෛවයේ සරදමකි. සරදම කොතෙක් කුරිරුදයත් නීතිය හා සාමය භාර ඇමතිවරයාද ඔහුය.

එදා ආකාෂ් සිය පවුලේ නෑ හිතවතුන්ගේ හද කම්පා කරමින් අවසන් ගමන් ගියේය. එම අසීමිත වේදනාව දැනුනේ සිය පවුලේ උදවියට පමනි . ඔවුන් අන්ත අසරණය, කරකියා ගත හැකි කිසිවක් නොවීය. රටේ අගමැති , පොලිස්පති සහ ගුවන් හමුදාපති බඩවියත වෙනුවෙන් ආකාෂ්ගේ ඝාතකයා සැගවීය . චම්පිකලා, වීරවන්සලා ආකාෂ් ගේ ඝාතනය දු‍ටුවේ නැත. ජනතාවගේ යුක්ති යුක්ත දුක් ගැනවිලි හමුවේ දේශපාලනඥයන් අන්ධය. ඔවුන්ට ඇස්- කන් නැත, දැනෙන්නේ ‍ දේශපාලනයේ ගද සුවද පමනි. 2002 කාලයේ මුහුනුපොත වැනි සමාජ ජාලා ප්‍රචලිතව නොතිබිනි. ආකාෂ්ගේ මරනය රනිල්ට වසන් කල හැකි වූයේ එහෙයිනි . සමාජ ජාලා නොතිබුනි නම් දිගන රියදුරාගේ ඝාතනය තවත් එක් මරණයක් පමනි. කල දු‍ටු කල වල ඉසගැනීම මිස ඉන් එහා යමක් දේශපාලනඥයෙන්ගෙන් බලා පොරොත්තුවිය නොහැක. ජනතාවගේ කැකෑරෙන දුක් වේදනා යටපත් කිරීම අලු යට ගිනි පුපුරු මෙනි. 2015 මැතිවරනයේදී මුස්ලිම් ජනතාව ඉදිරියේ රාජපක්ෂ බිල්ලෙකු මවා දේශපාලන වාසි ගත්තේය. ඇතැම් මුස්ලිම් ව්‍යාපාරිකයන් පුලුල් තිර සහිත ජංගම රූපවාහිනී ට්‍රක් යොදවමින් අලුත්ගම කථාව පෙන්වූයේ රාජපක්ෂලා නැති කිරීමටය. මේ සියල්ල මෙහෙය වූයේ රනිල්ගේ අනුදැනුම මතය. රනිල් කල කී සියල්ල අද බැක් ෆයර් වී ඇත.

චම්පික රනවක

ඊලාම් යුද්ධය තුල චම්පික රනවක විශාල කාර්ය භාර්යක් ඉ‍ටුකල බව සෑබෑය. ඊලාම් යුද්ධය අවසන් කල ගැම්මටම ඔහු තවත් මෙහෙයුමක් ආරම්භ කලේය . ඒ මුස්ලිම් ව්‍යප්තවාදයට එරෙහිවය. මුස්ලිම මූලධර්මවාදය ගැන ඔහු පොතක් ලියුවේය . ඒ පිලිබද සම්මන්ත්‍රන කිහිපයක්ද පැවැත්වූයේය. නමුත් දෛවඥයෙකු විසින් 2020 තමාට රාජ යෝගයක් ඇති බව පැවසූ පටන් සියල්ල උඩු ය‍ටුකුරු විය. එතැන් පටන් ප්‍රාදේශීය දේශපාලනයට තිත තබා ජාතික දේශපාලනයට කුරුමානම් ඇල්ලුවේය. එ අනුව මුස්ලිම් ආගමට එරෙහිව ලියු පොත හකුලා ගත්තේය. මුස්ලිම් ජනයා කෙරේ ගොනා සහ තණකොල න්‍යාය අනුගමනය කලේය. විදේශ තානාපතින් සමහ පෑහීමට පටන් ගත්තේය . මේ අතර තුර මහින්දගේ දෙවන ධූර කාලයේ අවසාන භාගය එලඹිනි චම්පිකට ඉස්මතුවීමට මහින්ද විසින් හයිජැක් කර තිබෙන ජාතික ව්‍යාපාරය යලි අතට ගත යුතුව ඇත. මහින්ද -ගෝඨාභය සිටින තාක් ජාතික ව්‍යාපාරය යලි චම්පික අතට ගත නොහැක. මහින්ද දේශපාලනයෙන් අතු ගෑ දැමීම ඔහුගේ සැලසුම විය.

චම්පික මහින්දගේ ආන්ඩුවේ සිටියදීම රනිල් – චන්ද්‍රිකා සමග ගනුදෙනු කිරීම ආරම්භ කලේය . මහින්ද පැ‍රැදවීමට නම් එක්කෝ සිංහල බෞද්ධ බලවේගයෙන් කොටසක් වෙන් කල යුතු විය නැතිනම් මහින්ද සමග සිටින මුස්ලිම් ජනයා වෙන් කල යුතු විය. ඉන් චම්පිකට පහසු වූයේ දෙවැන්නය. ඒ අනුව විහාරමහාදේවී ප්‍රහාරයෙන් පසු විශ්‍රාම ගන්වා සිටි ඥානසාර හිමිට නැවත කැදවිමක් ලැබුනේය. චම්පිකගේ කොන්ත්‍රාත්තුව අනුව ඥානසාරහිමි හත්පොලේ ගෑවේ මහින්දගේ රජය ගද ගස්සවමිනි.අන් කවර ජාතියකටවත් නොමැති ගැටලු බෞද්ධයන්ට ඇත.බෞද්ධයන් මුහුන දී සිටින සංවේදී ගැටලු පිලිබද කථා කිරීමට ඥානසාරගේ බුල්ඩෝසර් ශෛලිය ඔබින නොවේ. 2013 මාර්තු මස 15 දින චම්පික විසින් අල් ජිහාඩ්-අල්කයිඩා නොහොත් ඉස්ලාම් මූල්ධර්මවාදයේ ඉතිහාසය, වර්තමානය සහ අනාගතය කෘතිය එලි දැක්වීය. බොදු බල සේනාව කෝච්චිය ධාවනය වූයේ චමිපික ලියු පොත් පින්චේ පීලි මතය.

මහින්ද රාජපක්ෂ

62 දෙලක්ෂයක ජනවරමක් ලැබුනේ රාජපක්ෂලාට එරෙහිව ඇති චෝදනා විභාග කිරීමටය. ඒ පිලිබද සම්පූර්ණ වගකීම යහපාලන රජය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සතුය. ඒ කෙසේ වෙතත් මුස්ලිම් ජනයා ඉදිරියේ මැවූ රාජපක්ෂ බිල්ලා දේශපාලන ඩමියකි. මහින්ද කවදත් මුස්ලිම් ජනතාව සමග කිට්‍ටුවෙන් වැඩ කල අයෙකි.මුස්ලිමුන්ට ප්‍රහාර එල්ල කිරීමේ කිසිදු සැලසුමක් මහින්ද තුල හෝ ගෝටාබය තුල නොවිනි. මුස්ලිමුන් සමග රාජපක්ෂලා කල ව්‍යපාරික ගනුදෙනු පවා යහපත් අයුරින් සිදුවිය. සෑම ගනුදෙනුවකටම එකග වූ මුදල් ප්‍රමාණය ගෙවා දැමුවේය .බලහත්කාරයෙන් හෝ දෙන්නම් කාසි වලට ගනුදෙනු සිදු නොවිනි. ඉහත පැහැදිලි කලාක් මෙන් බොදු බල සේනාව යනු ගෝඨාභය මෙහෙයවූවක් නොව වෙනත් පිරිසක් විසින් මෙහෙය වූවකි. මුස්ලිම් කල්ලි කන්ඩායම් විසින් රාජපක්ෂලාට කොකා පෑමෙන් දෙපාර්ෂවයම සිදුව ඇත්තේ අගතියකි. මහින්දගේ කාලයේ ලංකාවට එරෙහිව එ.ජා මන්ඩලය චෝදනා ගෙන එනවිට රනිල් ඒ දෙස බලා සිටියේ ආනන්දයෙනි . එදා අලුත්ගම සිද්ධිය මෙන් නොව ඊටවඩා සිය ගුනයක් විශාල ව්‍යවසනයක් අද සිදුව ඇත. තවම එය පවතින්නේ රජයට පාලනය කර ගත නොහැකි මට්ටමකය එක්සත් ජාතීන්ගේ 73 සැසිවාරය තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිතය. දැන් රනිල් ඊට මුහුන දිය යුතුව ඇත

මුස්ලිමුන් කොයිබටද ?

වහාබි වාදයයනු 17 වන සියවසේ විසූ මුහම්මද් ඉබ්නු අබ්දුල් වහාබ් විසින් පන පෙවූ රැඩිකල් හර පද්දතියකි. මොහු විසින් ඇති කලා වූ පුනරුදය සද්භාවයෙන් කලා වුවද දේපාලකයන්එදා සිට අද දක්වාම ඔහුගේ ඉගැන්වීම දේශපාලන අතකොලුවක් ලෙස භාවිතා කරන්නේය. එය මුලින්ම ආරම්භ වූයේ ප්‍රාදේශීය පාලකයන්ගෙනි. ඉන්පසු සෞදි රජ පවුල මක්කා මදීනා ඇතුලු භූමිය අල්ලා ගැනීමට උපක්‍රමයක් ලෙස යොදා ගත්තේ වහාබ් වාදයයි. ක්‍රමයෙන් වහාබ් වාදය දේශපාලන ව්‍යපෘතීන්ට නැතිවම බැරි උපකරණයක් බවට පත්වූයේය. බ්‍රිතාන්‍යයන් විසින් ඔටොමන් අධිරාජ්යට එරෙහිව සටන් කිරීමට බලල් අතක් ලෙස යොදා ගත්තේ සෞද් පවුලයි. ඔටෝමන් අධිරාජ්‍යයාට එරෙහිව ජනතාව කුපිත කිරීමට වහාබ් වාදය යොදා ගත්තේය. අදද අඩු වැඩිව වහාබ්වාදය සේවය කරන්නේ බරහිර කදවුරටය

1996 සිට විසි වසරක් පුරා ඇමරිකානු මුස්ලිමුන් වෙනුවෙන් රාමදාන් ඉෆ්තාර් භෝජන සංග්රහයක් ධවල මන්දිරයේ පැවතියේය. නමුත්ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් හේතු දැක්වීමන් තොරව මෙම ඉෆ්තාර් භෝජනය සංග්රහය නවතා දැමීය. එම පුවත ලොව පුරා අවධානයට ලක්විය. කොළඹ ඇමරිකානු තානාපති අතුල් කේෂප්ද ධවල මන්දිර පරිපාලනයට සමගාමීව රාමදාන් ඉෆ්තාර් උත්සව අවලංගු කලේය. තෙල් රජවූ කාලය ඉවරය. ඊට විකල්ප පැමින ඇත.

වහාබ් වාදයේ මහගෙදර සෞදි අරාබියයි . අද සෞදියේ සිදුවන්නේ කුමක්ද ? සෞදියේ සල්මාන් කුමරු ආගමික පොලීසිය (මුතෙව්වා ) නිකමුන් බවට පත්කර ඇත. ආගමික පොලීසියට වැ‍ටුප් ගෙවීම අත්හි‍ටුවා ඇත. කාන්තාවගේ කලු කබා අනිවාර්ය නීතිය ඉවත් කර ඇත. නියොම් නම් වූ සංචාරක පුරවරයක් ඉදිකිරීම පසුගිය නොවැම්බරයේදී ගිවිසුම් ගැසුවේය.එහි ක්‍රියත්මක වන්නේ ශරියා නීතිය නොවේ . නියොම් ව්පෘයිතියේ ප්රධාන විධායක නිලධාරී කාලොස් ක්ලෙන්ෆිල්ඩ් Dr. Klaus Kleinfeld- ප්රධාන ආයෝජක ස්ටෙෆන්. එ ස්වොර්මන් Stephen A.Schwarzman සහ රොබෝ තාක්ෂන ප්රධානී මාර්ක් රිබර්ට් Marc Raibert යුදෙව් ජාතිකයන්ය.එහි ඉදිකරන නිෂ්චල දේපල වල සින්නක්කර අයිතිය ආයෝජකයන් සතුය. නියොම් දේශයේ නෛතික ආර්ථික දේශපාලන සහ අරක්ෂක විධිවිධාන මෙහෙයවනුයේ ආයෝජකයන්ට බහුතර බලයක් හිමි මණ්ඩලයකිනි.නියොම් නගරය ජොර්දානයේ ඇකබා, ඊජිප්තුවේ තාබා සහ ඊශ්‍රායෙලයේ එයිලට් වරාය නගර හා එකට සම්බන්ද වූවකි. නො එසේනම් සෞදිය විසින් ඊශ්‍රායෙලය පිලිගැනීමයි

ශිව සේනා, 969, අයි-එස්, අල් කයිඩා, බොදු බල සේනා, තව්හීද් ජමාත් වැනි විවිධ කන්ඩායම් කලින් කලට පැමිනෙයි. බැලූ බැල්මට ඔවුන් පෙනී සිටියේ එක් අභිලාශයක් වෙනුවෙනි. ලස්සන අකුරු, පද, පේලි යොදා ඔවුන්ගේ දැක්ම කැටයම් කර ඇත. පිරිසක් ඔවුගේ අභිලාශ සමග ඇලෙයි, තවත් පිරිසක් ගැටෙයි. මතු වීම සත්‍යයේ ස්වභාවයයි. සැබැවිනම් ඥානසාර හිමි හෙලයන්ට කල අවැඩක් මිස සේවයක් නොමැත. අන්තවාදී මුස්ලිම් කන්ඩායම්වල තත්වයද මීට වෙනස් නැත. මෙම කල්ලි කන්ඩායම් කරන්නේ රහස් සංවිධානයක කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීමය. අන්තවාදය සාතන්ගේ දාසයෙකු මිස දේවදූතයෙකු නොවේ.

ලියුම්කරු – කීර්ති රත්නායක

Top