LNN SPY

2020දි අලියා දිනවන්න මෛත්‍රී,රනිල් එක පිලක… අලුත් නමකින් සහ ලකුණකින් අලුත් සන්ධානයක්

Published on: May 21, 2018 – 2020 ජනාධිපතිවරණය සඳහා අලුත් නමකින් සහ ලකුණකින් යුතු පුළුල් දේශපාලන සන්ධානයක් ලෙස ඉදිරිපත් වීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර තිබේන අතර ඒ සදහා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රිලංකා නිදහස් පක්ෂය සහය ලබාදෙන බවද එජාප නායකයා පලමු වරට අනාවරණය කර තිබේ.

පසුගිය (17) රාත්‍රියේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ ශ්‍රිලනිප අර්බුද ඇතුලු සියලුම තත්ත්වයන් අවශ්‍ය මොහොතේදී සමනය වනු ඇති බවයි.

2015 ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කිරිමේදි දෙපාර්ශ්වය අතර ඒ සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කරගත් බවත් ඒ අනුව අනිවාර්යයෙන්ම එම එකඟතාව ඉටු කිරිමට සිදුවන බවත් ඒ සදහා 2015 දි මැදිහත් වු කණ්ඩායම සහ ජාත්‍යන්තරවද සහය හිමිවන බවත් එම වගකිමෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇතුලු ශ්‍රිලනිප කණ්ඩායමට ගැලවිමට නොහැකි බවද ඔහු පෙන්වා දි තිබේ.

2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු බවට තීන්දු කර ඇති එක්සත් ජාතික පෙරමුණේ නායකයින්,මහින්ද රාජපක්ෂ ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එරෙහි සියලු දේශපාලන පක්ෂ,සර්වාගමික සංවිධාන,සිවිල් සංවිධාන,බහු ජන ව්‍යාපාර සහ පුද්ගලයින් මේ නව දේශපාලන සන්ධානය වටා එකට ඒකරාශී කිරීමට ද තීරණය කර තිබේ.

Loading…

Top