LNN SPY

Exclusive: පිළිකා රෝගීන්ට මරු කැදවමින් රාජිතගේ ගෝලයා නීති විරෝධී ඖෂධ මාෆියාවක…. රුපියල් මිලියන 1,500ක මහා පරිමාණ දූෂණ වාර්තා මෙන්න

Published on: May 23, 2018 –‘හර්ටිකැඩ්’(HERTCAD)නමැති ඖෂධය පිළිකා රෝගීන්ට එන්නත් කිරීම හරහා ඔහුන්ගේ ජිවත් විමෙ කාලය අඩු කර දමා ඉක්මනින්ම මරණයට පත්කිරිමේ සෞඛ්‍ය අමාත්‍යංශයේ මාෆියාවක් මෙ වනවිට අනාවරණය වි තිබේ.

මෙම දූෂිත ගනුදෙනුව සිදුකරනු ලබන්නේ සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සමීපයේ සිටින මුස්ලිම් ජාතික කුඨ ව්‍යාපාරිකයෙක් වන මොහොමඩ් හෂීම් මොහොමඩ් රූමි (රූමි මොහොමඩ්) යන අය විසින්ය.

ඔහුගේ ඥාතී සහෝදරයන් මෙරට ප්‍රධාන පෙළේ ඖෂධ ව්‍යාපාර වල හිමිකරුවන් ය. උදාහරණයක් ලෙස, ඒ වන විටත්, රූමි මොහොමඩ් යන අය ගේ ඥාති සහෝදරයන් වන මුශ්තාක් ඉක්‍රම් සහ ඩිල්ෂාඩ් මොහොමඩ් ඉක්‍රම් යන දෙදෙනා මෙම ව්‍යාපාර වලට සම්බන්ධ වී ඇති අතර, මුශ්තාක් ඉක්‍රම් පී.සී.හවුස් (පුද්) සමාගමේ සමූහ ජ්‍යෙෂ්ඨ උප සභාපති වන අතර ඩිල්ෂාඩ් මොහොමඩ් ඉක්‍රම් එහි අනුබද්ධිත සමාගමක් වූ පී.සී.ෆර්මා (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ ෆාර්ම්ඒස් (පුද්) සමාගමේ අධ්‍යක්ෂවරයා ලෙස කලින් සිටම ක්‍රියා කර ඇත. මේ සියළු සමාගම් නීතිවිරෝධී ඖෂධ ව්‍යාපාරවල යෙදෙන ප්‍රධාන පෙලේ සමාගම් වේ.

2015 ජනවාරි 8 වනදා ට පසු රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍ය තනතුරට පත්වීමෙන් පසු කලින් නම් සඳහන් කළ ඩිල්ෂාඩ් මොහොමඩ් ඉක්‍රම් යන අය විසින් රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ ආශීර්වාදයෙන් සහ අනුග්‍රහයෙන් මෙම ව්‍යාපාරය පුළුල් කිරීම සඳහා තවත් නීතිවිරෝධී ඖෂධ සමාගම් 5 ක් ලියාපදිංචි කරන ලදී.

අමාත්‍යවරයා, බිරිඳ සුජාතා, පුත් චතුර සහ රූමි මොහොමඩ්.. සිංගප්පූරුවේ මවුන්ට් එලිසෙබෙත් රෝහලේ සැපගත් අවස්ථාවක්

මෙම ‘නීති විරෝධී ඖෂධ මාෆියාවේ’ අරමුණු පහසු කර ගැනීම සඳහා රාජිත සේනාරත්න අමාත්‍යවරයා ගේ ආශිර්වාදයෙන් ඔහුගේ සමීප හිතවතා වූ රූමි මොහොමඩ් යන අය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරයට පත් කරන ලදී.

සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ පූර්ණ ආශීර්වාදයෙන් මෙම නීතිවිරෝධී ඖෂධ මාෆියාවට ඔවුන් මුලින්ම ඇතුළුවන්නේ පියයුරු පිළිකා රෝගීන්ට දෙනු ලබන ඖෂධයක් වූ ‘ට්‍රස්ටුසුමැබ් එන්නත’, ‘හර්ටිකැඩ්’ යන වෙළඳ නාමයෙන් ‘ෆර්මාඒස්  (පුද්) සමාගම’ට රුසියානු බයෝකැඩ් සමාගම වෙනුවෙන් සපයන්නට ටෙන්ඩරය ලබාදීමෙනි. ටෙන්ඩරය සඳහා සමාගම් 6 ක් මිළ ගණන් ඉදිරිපත් කර තිබූ අතර, ඒ අනුව ‘ෆර්මාඒස්  සමාගම – රුසියානු බයෝකැඩ්’ වෙනුවෙන් වැඩිම මිල ඉදිරිපත් කර තිබුණත් ටෙන්ඩර් මණ්ඩලය රැස්වීමට ප්‍රථම අඩු මිල ගණනක්ද රහසිගතව ඇතුලත් කර ඇත. මේ ටෙන්ඩරයට අනුව ඒ ‘හර්ටිකැඩ්’  වෙළඳ නමින් ඉදිරිපත් වන  ‘ට්‍රස්ටුසුමැබ් එන්නත’ වෙනුවෙනි. මෙම ‘හර්ටිකැඩ්’   නම් ඖෂධය රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යංශ අනුමැතිය ලැබෙන්නේ 2016-01-20 බවට එම ඖෂධය නිෂ්පාදනය කරන ‘බයෝකැඩ්’ වෙබ් අඩවියේ දක්වා ඇත. නමුත් මොවුන් මේ නමින් ඇමෙරිකාව, රුසියාව ඇතුළු විශාල රටවල් කිහිපයක් අනුමැතිය ලැබුණු ඖෂධය නමින් පිළිකා රෝගීන්ට නුසුදුසුම තහනම් ඖෂධද ගෙන්වන බවටද තොරතුරු ලැබී ඇත.

පිළිකා ඖෂධය සඳහා රුසියාවේ අනුමැතිය ලබාගත් දිනය දැක්වෙන වෙබ් අඩවිය

සාමාන්‍යයෙන් පිළිකා ඖෂධයක් සම්බන්ධ ටෙන්ඩරයක දී ‘පිළිකා වෛද්‍යවරුන්ගේ ශ්‍රී ලංකා කොලීජිය’ (Sri Lanka College of Oncologists) වෙත අදාළ ඉදිරිපත් කර ඇති ඖෂධවල සායනික ප්‍රතිපල සහිත නිර්දේශ වාර්තාවක් ලබා ගැනීමයි. ඒ අනුව, මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් ද එවැනි විමසීමක් කළ යුතුව තිබූ නමුත්, එය සිදු නොකර අමාත්‍යාංශය විසින් සිදු කළේ ‘ජාතික ඖෂධ පාලන අධිකාරියේ’ නිර්දේශය මත පමණක් මෙම ඖෂධය ලියාපදිංචි කර, ‘හර්ටිකැඩ්’  නියෝජිතයා වූ ෆර්මාඒස් (පුද්) සමාගම වත මෙම ඖෂධ ටෙන්ඩරය ප්‍රදානය කිරීමයි. එහෙත්, ඊට පෙර වෛද්‍ය ක්ෂේත්‍රයේ විරෝධතා එල්ල විය. ඒ අතර ‘පිළිකා වෛද්‍යවරුන්ගේ ශ්‍රී ලංකා කොලීජිය’ (Sri Lanka College of Oncologists) ප්‍රධාන තැනක් ගනී.

මෙම ටෙන්ඩරය සඳහා ඉදිරිපත් කර තිබූ විවිධ වෙළඳ නාමයන්ගෙන් හැඳින්වූ  ‘ට්‍රස්ටුසුමැබ්’ එන්නත් පිලිබඳ වෛද්‍ය විද්‍යානුකූල සංසන්දනයක යෙදී ‘පිළිකා වෛද්‍යවරුන්ගේ ශ්‍රී ලංකා කොලීජිය’ සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් දෙකක් යවන ලදී. ඒ අනුව, ඔවුන් දක්වා සිටියේ ‘හර්ටිකැඩ්’  ඖෂධය රෝගීන්ට එන්නත් කිරීම කිසිසේත්ම සුදුසු නොවන බවයි. මෙයින් රෝගියා ආයු අඩු ඉතා ඉක්මනින් අඩු වී මරණයට පත් වන බවත්ය.

මෙකී වෛද්‍ය විද්‍යාත්මක විරෝධතා කිසිවක් නොසලකා, අවසානයේ අමාත්‍යවරයාගේ අනුග්‍රහය මත ‘හර්ටිකැඩ්’ එන්නත් 5000 ක් සඳහා රුපියල් මිලියන 990 ක් වටිනා ටෙන්ඩරය 2016 අග භාගයේ ප්‍රදානය කරන ලදී. එහෙත්, එම ටෙන්ඩරය ප්‍රදානය කළ ද, ‘හර්ටිකැඩ්’ ඖෂධය ආනයන කිරීම ප්‍රමාද කර, දේශීය වෙළඳ පළෙන් එය මිලදී ගැනීමේ ‘කුඨ ජාවාරමක්’ ද ක්‍රියාත්මකය. ඒ අනුව 2016 මැයි සිට මේ වන තෙක් එන්නත් 2800 ක් රුපියල් 403,480,000/- ක් ගෙවා දේශීය වෙළඳපලෙන් මිලට ගෙන තිබේ. වසර  අවසානය්  ‘හර්ටිකැඩ්’ ෆාර්මෙස් විසින් ආනයනය කරනු ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන අතර එන්නත් 5000 ක රුපියල් මිලියන 990 ක් වටිනා ඒ ටෙන්ඩරය මගින් මුළු වෙළදපොලේම එන්නත් අතිරික්තයක් නිර්මාණය කරනු ඇත. එවිට මෙම එන්නත ගෙන්වීමට ලබන වසර තුළද වෙනත් කිසිවෙකුට නොහැකිවන අතර ඒ අනුව ‘ෆර්මාඒස්  (පුද්) සමාගමට’ 2017 සහ 2018 වසර දෙක සඳහාම සැපයුම වක්‍රාකාරයෙන් ලැබී ඇත.

‘පිළිකා වෛද්‍යවරුන්ගේ ශ්‍රී ලංකා කොලීජිය’ (Sri Lanka College of Oncologists) ‘හර්ටිකැඩ්’ එන්නත සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම නිසා සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න  ඔවුන්ගේ පළිගැනීම ආරම්භ වී ඇති බව පෙනේ. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් එම ඖෂධය නිර්දේශ නොකරන වෛද්‍යවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමට රූමි මොහොමඩ් නමැති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ බලපෑම මත  ඇමතිවරයා නියෝග කර ඇති බව ප්‍රකාශයට පත් කරන ලදී.

ඊට අමතරව, ඒ අනුව පිළිකා වෛද්‍යවරුන්ගේ ශ්‍රී ලංකා කොලීජිය’ (Sri Lanka College of Oncologists) හි සභාපතිනිය වන වෛද්‍ය දමයන්ති පීරිස් මහත්මියගෙන් මේ වන විට ‘හර්ටිකැඩ්’ ඖෂධය විවේචනය කළාට එරෙහිව දඬුවම් නොකර සිටීමට ‘නිදහසට කරුණු’ දක්වන ලෙස නියම කර ඇත.

මේ වසර තුළ පමණක් ‘ෆර්මාඒස් (පුද්) සමාගමට’ වෙනත් පිළිකා ඖෂධ ද ඇතුළුව රුපියල් මිලියන 2,250/- ක ටෙන්ඩර ප්‍රදානය කර ඇත.

ඒ අනුව, සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, රූමි මොහොමඩ් නමැති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ බලපෑම මත සියලු ටෙන්ඩර් පරිපාටිය උල්ලංඝනය කරමින්, අමාත්‍යාංශයේ නිලධාරීන්ට බලපෑම් කර, රෝගීන්ට නුසුදුසු, රුපියල් මිලියන 1,500/- කට ආසන්න ඖෂධ තොගයක් මෙරටට ගෙන්වමින් මහා පරිමාණ දූෂණයක් සිදුකර ඇත. මෙයි රෝගියාගේ ආයු කාලය සීඝ්‍ර ලෙස අඩුව මරණයට පත්වන බවට තොරතුරු ලැබී ඇත.

මේ රූමි මොහොමඩ් නමැති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ වැඩිමහල් සහෝදරයාද පසුගිය කාලයේ අසාමාන්‍ය ලෙස මියැදුණේ සමාජයටම ශාපයක බයංකාර සෙවනැලි ඉතිරි කරමිනි.

මේ පිළිබද වර්තමාන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු මැතිඇමතිවරුන් මුනිවත රැකීමෙන් දහස් ගණන් රෝගී ජිවිත අනතුරට වැටෙන තෙක් බලා සිටීමෙන් රටේ ජනතාවගෙන්  ඔවුන්ට ඉදිරියේදී පිළිතුරු ලැබෙන අතර නිහඩව සිටිමින් මේ අමානුෂික අපරාධයේ කොටස්කරුවන් වන ඔවුන්ටද ඉදිරියේදී මේ ශාපයේ කොටස් කරුවන් වනවා නොඅනුමානය..

මේ රූමි මොහොමඩ් නමැත්තා බලයට මුවාව සිදු කල බරපතල වංචා දුෂණ අක්‍රමිකතා සියල්ල ඉදිරියේදී සාක්ෂි සහිතව හෙළි කරන්නෙමු.

 

 ඖෂධ මාෆියාව සඳහා ලියාපදිංචි කළ සමාගම් 07 –  http://pharmace.lk

පිළිකා ඖෂධය සඳහා රුසියාවේ අනුමැතිය ලබාගත් දිනය දැක්වෙන වෙබ් අඩවිය – http://biocadglobal.com

පිළිකා වෛද්‍යවරුන්ගේ ශ්‍රී ලංකා කෙලීජියේ සභාපතිනියගෙන් නිදහසට කරුණු දක්වන ලෙස නියම කළ ලිපිය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ල

ඖෂධ මාෆියාව සඳහා ලියාපදිංචි කළ සමාගම් 07

පිළිකා එන්නත ඉල්ලා කැඳවන ලද ටෙන්ඩරය සහ අවසන් මිළ ලේඛණය

පිළිකා ඖෂධය සඳහා රුසියාවේ අනුමැතිය ලබාගත් දිනය දැක්වෙන වෙබ් අඩවිය

පිළිකා වෛද්‍යවරුන්ගේ ශ්‍රී ලංකා කෙලීජිය විසින් අභියායචනාධිකරණයට ඉදිරිපත් කළ ලිඛිත දේශණය

පිළිකා වෛද්‍යවරුන්ගේ ශ්‍රී ලංකා කෙලීජිය විසින් පිළිකා එන්නතට විරෝධය පළ කිරීම නිසා වෛද්‍යවරුන්ට විනය පියවර ගැනීම පිළිබඳ නිවේදනය

පිළිකා වෛද්‍යවරුන්ගේ ශ්‍රී ලංකා කෙලීජිය විසින් පිළිකා එන්නතට විරෝධය පළ කිරීම නිසා වෛද්‍යවරුන්ට විනය පියවර ගැනීම පිළිබඳ නිවේදනය

Loading…

Top