LNN SPY

“ඇත්ත කියාපල්ලා” කියමින් අවශ්‍ය ප්‍රකාශ ගන්නා CID පාතාලය… “කලූකොට් ගලවනවා” නීතිඥවරුන්ටද තර්ජන හා බලපෑම් කරන නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින්… නීතියේ දෙවගන පමණක් නොව මේ රටේ සමස්ත ජනතාවටම අබ සරණය

Published on: Sep 27, 2018- යම් නඩු කටයුත්තකදී නිරායාසයෙන් එල්ලවන හා සූක්ෂමව පාදා ගන්නා තොරතුරු සාක්ෂි හා ලේඛන මත වැරදිකරුව්නට දඩුවම් සිදුකළ යුතු වුවත් සාක්ෂි කරුව්නට මෙන්ම නීතිඥවරුන්ටද තර්ජන හා බලපෑම් කොට කලූතෝට් ගලවන බවට බිය ගන්නවා පාතාලේ ක්‍රමයටත් එහා ගිය ක්‍රමවේද වත්මන් නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින් ක්‍රියාත්මක කරයි නම් නීතියේ දෙවගන පමණක් නොව මේ රටේ සමස්ත ජනතාවටම අබ සරණ බව අමුතුවෙන් කිවයුතු නොවේ.

මේ හරහා සිදුවන්නේ දේශපාලඥයන්ගේ උසිගැන්විම් හෝ මුදල් මලූ හෝ දැනහැදුනුම්කම් තර්ජන බියවැද්දිම් මත සියල්ල තීන්දු වී වැරදිකරු නිවැරදිකරු වී නිවැරදිකරු වැරදීකරු බවට පත්වී නීති ක්ෂේත්‍රයම නරාවලක් බවට පත්විම මහා ඛේදවාචකයක් බවට පත්විමය.

නීතියේ දෙවගන සාධාරණය. ඒතුළ නීතිය කාටත් එකය. එහෙත් එම දෙවගනට හරිහමග යාමට පාර කියන නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ හා එහි තවත් නිලධාරින් හතරකට එරෙහිව අලූත්කඩේ උසාවියේ ක්‍රියාත්මක බෝගොඩගේ චන්දන පෙරේරා නම් නීතිඥයෙකු විසින් අපූරු පැමිණිල්ලක් සිදු කර තිබේ.

පොලිස්පති, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති, නිතිපති, අග්‍රවිනිශ්චයකාර, අධිකරණ ඇමතිනි තලතා අතුකෝරාල, නිතිය, සාමය හා රාජ්‍ය පරිපාලන ඇමති රංජිත් මද්දුම බණ්ඩාර හා නිතිඥ සංගම්වලට එම නිතිඥයා විසින් අදාළ පැමිණිලි සිදු කොට ඇත.

චන්දන පෙරේරා නම් නිතිඥයා මෙන්ඩිස් සමාගම වෙනුවෙන් පෙනී සිටින නිතිඥ කෝලිත ධර්මවර්ධනගේ නීතිඥ කණ්ඩායමේ අයෙකි. අදාළ පැමිණිල්ලෙන් කියවෙන්නේ අතිරේක සොලිසිටර් ජනරාජල් යසන්ත කෝදාගොඩ ඇතුළ නිලධාරින් සිව් දෙනෙකු විසින් නඩු කටයුත්තකට අදාළ තොරතුරු හා ලියකියවිලිවල විස්තර එළිකරන ලෙස තර්ජනය කරමින් බිය වැද්දීමට ක්‍රියාකල බවය.

යම් නඩුවකදී තම සේවාදායකයාගේ විස්තර ඉල්ලීම හා තර්ජනය කිරීම නීති විරෝධි මෙන්ම සදාචාර විරෝධි මෙන්ම නීතිඥ ආචාර ධර්මවලටද පටහැනි ක්‍රියාවක් බව අමුතුවෙන් කිය යුතු නොවේ. තවද නීතිපතිවරයා විසින් චන්දන පෙරේරා නම් නීතිඥයා කැදවා ප්‍රශ්න කොට ඇති බවද කියවේ. එයද නීතියට හා සදාචාරයට පටහැනි ක්‍රියාවක් බව නීති අංශවල මතයවේ.

මීට පෙරද මහබැංකුවේ පදුමන් නම් නිලධාරියෙකු නිතිපති දෙපාර්තමේන්තුවට කැදවා බැන තර්ජනය කිරීමක් ගැන ද යසන්ත කෝදාගොඩ එරෙහිව මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. මෙකී ඉහත ක්‍රියාවලිය සිදුවන්නේ බැදුම්කර ගණුදෙනුවට අදාළව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුත්තකට අදාලවය.

එම නඩුවට පර්පචුවෙල් ටෙෂරීස්, මෙන්ඩිස් හා පෝල්ට් ඇන්ඩ් රෝ වැනි පාර්ශව කිහිපයක් සිටී. ඔවුන් විත්තිකාර පාර්ශවය වේ. මේ සමාගම් අර්ජුන ඇලෝසියස්ලාට අයිති ඒවාය. එම නඩු කටයුත්තේදී චෝදනාව වී ඇත්තේ බැදුම්කර ලාභයෙන් ගත් මුදල් ඉහත සමාගම් වෙත යවා ඒ සමාගම් හරහා විවිධ පක්ෂවල දේශපාලඥයින්ට ද ඒවා බෙදා දී ඇති බවය. එම නඩුවේදී විත්තිකරුවන් වෙනුවෙන් කෝලිත ධර්මවර්ධන නීතිඥ කණ්ඩායම හා නීතිඥ චන්දන පෙරේරා ද ක්‍රියාකරයි.

CID පාතාලය

පසුගිය දිනක එම නඩුවට අදාළව CID යට ප්‍රකාශ ලබා දෙන ලෙස ඉල්ලා මෙන්ඩිස් සමාගමේ සේවකයන් හතර දෙනෙකුට කැදවීම් ලැබී තිබේ. සේවකයන් බියවී කටඋත්තර දීමට පෙර චන්දන පෙරේරාව කොළඹකොටුව GOH හෝටලයේදි හමුවී තිබේ. පසුව චන්දන සමඟ එම සේවකයින් CID ය වෙත ගියේය. චන්දන පැය 02 ක් CID හි හිද ඉන් පිටවී ගියේ සේවකයන් හතර දෙනා ස්ථාන හතරකට ගෙනයාම නිසාය.එය සිදුව ඇත්තේ 2018/08/31 දාය. හවස 4.00 ට චන්දන CID හි CIU ඒකකයේ ප්‍රධාන පොලිස් පරික්ෂකය සුමනතිස්සට කතා කොට තිබේ. තවම පරික්ෂණ ඉවර නැති බව ඔහු කියා තිබේ. රාත්‍රී 7 – 8 අතර ද චන්දන යළිත් CID වෙත කතා කොට ඇති අතර ඒ වන විටද කටයුතු හාර වී නොතිබූ නිසා දන්දන රාත්‍රී 8 ට යළිත් CID ය ලගට ගොස් තිබේ.

යළිත් ඇමතුම් දුන් විට රාත්‍රී 9.30 ට අදාළ සේවකයන් 04 දෙනා එළියට එවා තිබේ. එහිදි සේවකයන් තිදෙනෙකු චන්දනට කියා ඇත්තේ මෙන්ඩිස් සමාගමේ මුදල් කළමනාකරු වන සුජිත් අල්විස් (සිව්දෙනාගෙන් කෙනෙකි) නැමැත්තා සිව් දෙනා එකතු වී ලේඛන වගයක් විනාශ කළ බවට CID ට කිව් බවය. නමුත් සිව් දෙනාගෙන් අනෙක් තිදෙනා කියා ඇත්තේ ලේඛන විනාශ නොකළ බවය. පසුව සුජිත් නැමැත්තා හා සෙසු සේවකයන් තිදෙනාට CID ය “ඇත්ත කියාපල්ලා” යයි තර්ජනය දමා CID යට අවශ්‍ය ලෙස ප්‍රකාශ 03 ක් ලබා ගත් බවය. උදේ බොරු කීවේ චන්දන නිතීඤයාගේ උපදෙස් මත බවට එම ප්‍රකාශයේ සටහන් තැබු බවද එම සේවකයන් චන්දනට කියා තිබේ.

පසුව 2018/09/12 දා යසන්ත කෝදාගොඩ විසින් චන්දනව කැදවා තිබුණේ නීතිපති දෙපාර්තමේන්තුවටය. එහිදි යසන්ත කෝදාගොඩ සමඟ නිතිඥ හරිප්‍රියා ජයසුන්දර නම් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියා පෙන්ඩ්‍රයිව් එකකින් වීඩියෝවක් පෙන්වා චන්දන GOH එකට ඇතුල්වන අයුරු පෙන්වා තිබේ.

ඔබ සාක්කිකරුවන්ට සාක්කි වසන් කරන ලෙස උපදෙස් දුන් බව ඒ අය හෙළිකලා යයි යසන්ත චන්දනට කියා තිබේ. ඔබට හිරේ යන්න වේවි කියලාත් ඔහු කියා තිබේ. කලූ කෝට් ගැලවේවි. මම කණගාටු වෙනවා මගේ බැච් එකේ කෙනෙකුට විරුද්දව රිපෝට් එකක් ලියන්න සිදුවිම ගැන කියාත් යසන්ත චන්දනට කියා තිබේ. විනාස නොකල වවුචර් සෙට් එකක් තිබෙන බවත් ඒවා සාක්ෂිකරුවෙකු අතේ ඊළග දිනයේ ප.ව 1.30 ට පෙර CID යෙහි මෙම පරික්ෂණය බාර එස්.එස්.පි අම්පාවිල අතට පත් කරන ලෙසත් කියා තිබේ.

RW, RK, NR යන කෝඩ්වලින් ඉන්නේ කවුද?

RW, RK, NR යන කෝඩ්වලින් කියවෙන අයගේ නම් එළිකරන ලෙසද යසන්ත කෝදාගොඩ ඉල්ලා තිබේ. මම ඒ ගැන හෝ වවුචර් ගැන නොදන්නා බව චන්දන කියා තිබේ. අපේ මේ මීටිම වැරදි එකක් වුනත් මම එය සාධාරණ බව අගවන්න පියවර ගන්නා බවද යසන්ත එහිදි කියා තිබේ. එදින යසන්ත සමග තවත් කාන්තා නීතිඥවරියන් සිව් දෙනෙකුද සිට තිබේ. එහිදී නීතිඥ හරිප්‍රියා යසන්තට කියා ඇත්තේ ඔබ මේ කරන විදිය වැරදියි. ඔබ මෝඩ වැඩක් මේ කළේ. මෙයා මෙව්වා එළියේ කිව්වොත් මොකද වෙන්නේ කියාය. එමෙන්ම මට මේ සිද්ධිය ගැන නීතිපතිට දිව්රුම් ප්‍රකාශයක් දෙන්න වේවි කියලාත් හරිප්‍රියා යසන්තට කියා තිබේ.

එළියට පැමිණි චන්දන තම ජ්‍යෙෂ්ඨ නීතිඥ කෝලිත ධර්මවර්ධන හමුවී සියලූ සිදුවිම් පවසා දෙදෙනා නම ගිය ජනාධිපති නිතිඥයෙකුට කතා කොට තිබේ. පසුව යසන්තගේ වැරදි ප්‍රශ්න කිරිම හා තොරතුරු ඉල්ලීම හා තර්ජන ස්වරූපයෙන් ක්‍රියා කිරීම ගැන නීතිපතිට පැමිණිලි කිරීමට තීන්දුවී තිබේ. ඊට පසුදා ඉහත දැක්වූ ජනාධිපති නීතිඥයා මේ ගැන නීතිපතිට කතා කොට තිබේ. අනතුරුව නීතිපති යසන්තට කතා කොට නීතිඥ මහත්වරුන්ට බලපෑම් කිරිම හා ඔවුන්ට එරෙහිව ක්‍රියා කිරීම නවතන ලෙසත් වහාම පැමිණ මා හමුවන ලෙසත් නීතිපති යසන්තට දැනුම් දී තිබේ.

නීති ක්ෂේත්‍රයම නරාවලක් බවට පත්විමට පෙර 

යම් නඩු කටයුත්තකදී නිරායාසයෙන් එල්ලවන හා සූක්ෂමව පාදා ගන්නා තොරතුරු සාක්ෂි හා ලේඛන මත වැරදිකරුව්නට දඩුවම් සිදුකළ යුතු වුවත් සාක්ෂි කරුව්නට මෙන්ම නීතිඥවරුන්ටද තර්ජන හා බලපෑම් කොට කලූතෝට් ගලවන බවට බිය ගන්නවා පාතාලේ ක්‍රමයටත් එහා ගිය ක්‍රමවේද වත්මන් නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින් ක්‍රියාත්මක කරයි නම් නීතියේ දෙවගන පමණක් නොව මේ රටේ සමස්ත ජනතාවටම අබ සරණය. මන්ද දේශපාලඥයන්ගේ උසිගැන්විම් හෝ මුදල් මලූ හෝ දැනහැදුනුම්කම් තර්ජන බියවැද්දිම් මත සියල්ල තීන්දු වී වැරදිකරු නිවැරදිකරු වී නිවැරදිකරු වැරදීකරු බවට පත්වී නීති ක්ෂේත්‍රයම නරාවලක් බවට පත්විම මහා ඛේදවාචකයක් බවට පත්වනු ඇති නිසාය.

එහෙයින් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරින්ට එරෙහිව තර්ජන කිරීම් බියවැද්දීම් හා නඩු කටයුත්තකට අදාළ ලියකියවිලි හා තොරතුරු ඉල්ලීම වැනි නීති විරෝධි නිති ආචාර ධර්මවලට පටහැනි බවට නීතිඥ චන්දන පෙරේරා විසින් සිදුකළ පැමිණිල්ල ගැන විධිමත් පරික්ෂණයක් සිදුකිරීම පොලිසිය නිතිපති දෙපාර්තමේන්තුව නීතිඥ සංගම් මෙන්ම අදාළ මැතිඇමැතිවරු ප්‍රමුඛ සමස්ත ආණ්ඩුවේම වගකීමක් බව අමුතුවෙන් පෙන්වාදිය යුතු නොවේය.

පසුව යසන්තට එරෙහිව නීතිඥ චන්දන පැමිණිලි කළ පසු පුවත්පත්වල කිහිපදෙනෙක් හරහා චන්දනට පණිවිඩ එවා ඇත්තේ හමුවීමට හා සමතයකට කතා කිරිමටය. එහෙත් චන්දන එය ප්‍රතික්ෂේප කොට තිබේ.

Top