LNN SPY

තිරුපති වැන්ද සිරිසේන වළං කඩේට පනින ලකුණු!..එළඹෙන සතිය තුළ ඉක්මණ ජනාධිපතිවරණයක්?

Published on: Apr 20, 2019- ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය පෞද්ගලික ඉන්දියානු සංචාරය නිමවා ලංකාවට පැමිණි පසු එළඹෙන සතිය තුළ ඉක්මණ ජනාධිපතිවරණයක් කැඳවීම සඳහා උනන්දුවකින් පසුවන්නේ යැයි ඔහුට සමීප ආරංචි මාර්ගවලින් දැන ගන්නට ලැබි ඇත.

නියමිත කාලයට අනුව ජනාධිපතිවරණයක් කැඳවන්නේ නම් මේ වසරේ නොවැම්බර් මාසයේදී එය පැවැත්විය යුතු වෙයි. එහෙත් ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව ධූරකාලයෙන් අවුරුදු 4ක් ඉක්ම ගිය පසු එනම් පසුගිය ජනවාරි 9වැනිදායින් පසුව ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණයක් කැඳවීමේ බලය ජනාධිපතිවරයා සතුවේ.

මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසිභාවය පිළිබඳ ගැටළුව විසඳා ගැනීමට පෙර සහ එක්සත් ජාතික පක්ෂය තුළ අර්බුද ගණනාවක් මතුවී ඇති පසුබිම මත එමගින් තමාට වාසි අත්කරගැනීමේ අරමුණින් මෙම තීරණය ගන්නට බොහෝ දුරට ඉඩ ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

අප්‍රේල් 16 වෙනිදා ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සමීපතමයන් පුද්ගලික සංචාරයක් බව පවසමින් ඉන්දියාවට ගිය අතර අප්‍රේල් 17 වෙනිදා ඔහු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ තිරුපති කෝවිල වන්දනා කර ආශිර්වාද ලබාගන්නට ගොස් තිබේ. මෙම සංචාරය නිමාකර ලංකාවට පැමිණි විගස ජනාධිපතිවරණයක් කැඳවීමට බොහෝ දුරට නියමිතව ඇතැයි දැනගන්නට ලැබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හදිසි ජනාධිපතිවරණයක් කැදවන්නේ දැයි අනිද්දා කළ විමසීමකදි ශ්‍රිලංනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මෙසේ කීය.

“ජනාධිපතිතුමාට නිතියෙන් බාධාවක් නැහැනේ. ජනාධිපතිවරණය ඉදිරියේදි ඕනෑ මොහොතක කැඳවන්න පුළුවන්. එහෙත් ජනාධිපතිතුමා මේ වෙන තෙක් අප සමඟ ඒ ගැන කතාකරලා නැහැ. ජනාධිපතිතුමා නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නට අපේක්ෂා කරන බව නිල වශයෙන් කියා නැතත් එතුමා නැවත ඉල්ලන බව එතුමාගේ ක්‍රියාකාරකම් වලින් සාමාන්‍ය දැනුමක් තියන ඕනෑම කෙනෙකුට තේරෙනවා. විශේෂයෙන් නිවේදනය කරන්න දෙයක් නෑ. ජනාධිපතිතුමා මේ වෙනකොට ජනාධිපතිවරණයට සූදානම් වෙනවා. 2021 වෙනකොට මත්ද්‍රව්‍ය අවසන් කරන බව එතුමා කිව්වේ 2021 වෙනකම් බලයේ ඉන්න බලාපොරොත්තු වන නිසා.”

~~ අනිද්දා~~

Top