Featured

මරාගෙන මැරෙන ප්‍රහාරය අස්සේ ජනපති සිංගප්පුරුවේ හැංගිල්ලා …. අප්‍රේල් මස 04 වනදා ලැබුන බුද්ධි වාර්තාවට මොක්ද වුනේ….

Apr 25, 2019 – මරාගෙන මැරෙන ප්‍රහාරයන් හයක් සිදුව තිබියදීත් සිංගප්පුරුව බලාගොස් සිටි ජනාධිපති, ආරක්ෂක හා නිතිය හා සාමය පිළිබද ඇමති මෛත්‍රිපාල සිරිසේන මහතා කඩිනමින් මෙරටට නොපැමිණියේ මන්දැයි ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රීවරු ජනාධිපතිවරයා හමුවී කරුණු පැහැදිලි කර ගැනීමට තිරණය කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

සුනාමි ව්‍යසනය අවස්ථාවේ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එන්ගලන්තයේ සිට පළමු ගුවන් යානයෙන්ම ශ්‍රී ලංකාවට පැමිණි බව පෙන්වා දෙන පසුපෙළ මන්ත්‍රීවරු ජනාධිපතිවරයා ලංකාවට පැමිණියේ එදින මෙරටට පැමිණෙන ගුවන් යානා තුනෙන් අවසන් ගුවන් යානයෙන්නි.

කතෝලික දේවස්ථාන ඇතුළු සංචාරක හෝටල්වලට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන බවට අප්‍රේල් මස 04 වන දින තොරතුරු ලැබීමෙන් පසුව එය පොලිස් දෙපාර්තමේන්තුව ඉහළම නිලධාරින්ගේ සිට ඊළග නිලධාරියා දක්වා යොමු කිරීම හැර කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි රජයට ඉදිරිපත් කළ රහස්‍ය වාර්තාවක සඳහන් වන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් තානාපති ප්‍රජාව හරහා ලැබුණු බුද්ධි තොරතුරු පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති  ආදි ලෙස තනතුරු වෙත යොමු කිරිම පමණක් සිදුව තිබෙතැයි ඉහත වාර්තාවේ වැඩිදුරටත් සදහන්වේ.

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් දිනපතාම ජාතික ආරක්ෂක, නීතිය සාමය හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට කරුණු වාර්තා කිරීම ජාතික බුද්ධි තොරතුරු කාර්යාංශය ඒ සම්බන්ධයෙන් දින 16 ක් ගතවන තෙක් ගත් පැහැදිලි ක්‍රියාමාර්ගයක් පෙන්නුම් නොකරතැයි අදාළ වාර්තාව වැඩිදුරටත් විස්තර කර සිටියි.

රජයට ඉදිරිපත් කළ රහස්‍ය වාර්තාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට ද බාරදීමට නියමිතය.

Top