LNN SPY

බෝම්බකරුට හොර පාරෙන් ටෙලිකොම් අබලි කේබල් දුන්න ජනාධිපති සහෝදරයා මාධ්‍යයට තග දමයි………. ජනපති අයියා අන්ධයි, නිහඬයි!

Apr 27, 2019 – සමාජ මාධ්‍ය ජාලා හා වෙබ් අඩවි එක්ක බද්ධ වෛරයෙන් පසුවන ජනාධිපති සිරිසේනගේ සහෝදරයා වන කුමාරසිරි සිරිසේන සභාපතිත්වය දරන ශ්‍රි ලංකා ටෙලිකොම් හා මොබිටෙල් වෙබ් අඩවි වාරණයක නිරතව සිටිනවා.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරන්නේ  ශ්‍රී ලංකා  ටෙලිකොම් සමාගමේ අබලි කේබල් විකිණිම සදහා  ටෙන්ඩරයක් පිට පාරෙන් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුගේ තඔ කම්හලට ලබා දී ඇති බවට එම ව්‍යාපාරය විසින් කළ චෝදනාව ප්‍රචාරය කළ වෙබ් අඩවි කිහිපයකට ප්‍රවේශ වීම ඊයේ දහවල සිට ශ්‍රි ලංකා ටෙලිකොම් හා මොබිටෙල් හරහා අවහිර කොට ඇති බවයි.

එසේම එම පුවත් වාර්තා කළ වෙබ් අඩවි වල සංස්කාරකවරුන්ට බලපෑම් කරමින් එකි පුවත එම වෙබ් අඩවි වලින් ඉවත් කිරීමටද ජනපති සහෝදරයා ක්‍රියා කළ බවටත් එම ව්‍යාපාරය චෝදනා කරනවා.

සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයේ සාමුහික වගකීම රටේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස බාර නොගෙන ආරක්ෂක ලේකම්වරයාට, පොලිස්පතිවරයාට බෝලේ පාස් කරමින් අනාගත ජනපති සිහින දකින ජනාධිපතිවරයාට සිය සහෝදරයාගේ හා තමාගේ ඇසේ ඇති පොල් පරාලය නොපෙනනු ඇති.

ඊයේ පැවති මාධ්‍ය ප්‍රධානීන් හමුවේදි ජනාධිපතිවරයා පවසා සිටියේ තම ඉන්දියාවේ ගියේ අප්‍රේල් 16 වෙනිදා බවත් ඒ වන විට ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ බුද්ධි තොරතුරු නොදන්නා බැවින් ආරක්ෂක අමාත්‍යධූරයේ වැඩ බැලීමට කෙනෙකු පත් කිරීමට තමාට කල්පනා නොවු බවත් ය.

ත්‍රස්තවාදය හා මත්ද්‍රව්‍ය අතර ඇත්තේ සමීප සම්බන්ධයක් බැවින් තමා ගෙනියන මත්ද්‍රව්‍ය විරෝධි සටන නිසා මේ ත්‍රස්ත ප්‍රහාරය සිදු වූවා දැයි තමාට සිතෙන බවත් පවසා සිඟිති ආතල් එකක් තමාටම ගැනීමටත් ජනාධිපති සිරිසේන මෙහිදි අමතක නොකළේ ය.

පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත දක්වා ඇත.

ශ්‍රී ලංකා  ටෙලිකොම් සමාගමේ අබලි කේබල් විකිණිම සදහා  ටෙන්ඩරයක් පිට පාරෙන්   ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුගේ තඔ කම්හලට ලබා දී ඇති බවට අප සංවිධානය විසින් කරන ලද හෙළිදරව්ව මෙරට ප්‍රධාන වෙබ් අඩවි කිහිපයක් ඊයේ දිනයේදී වාර්තා කර තිබියදී විනාඩි කිහිපයකින් මොබිටෙල් හා ටෙලිකොම් සම්බන්ධතාවලින් එම වෙම් අඩවි වෙත පිවිසීම අවහිර කිරීමට ශ්‍රී ලංකා  ටෙලිකොම් සභාපති කුමාරසිරි සිරිසේන ඇතුලු නඩය කටයුතු කර ඇති බව අපට පෙනී ගියේය.

එම පුවත nethgossip.lk/article/33755  උක්ත වෙබ් අඩවිය වාර්තා කර තිබූ අතර ඊට විනාඩි කිහිපයකට පසු එම වෙබ් අඩවිය අවහිර කර තිබුණි. පැය කිහිපයකට පසු නැවත එම වෙබ් අඩවියට පිවිසිමේදී එම පුවත ඉවත්කර ඇති බව දැක ගැනීමට හැකි විය. අප විසින් එල්ල කර ඇති චෝදනාව වැරදි නම් ඒ පිළිබදව ප්‍රකාශයක් කිරීමට ඇති අයිතියට අප ගරු කරන අතර එසේ නොකොට වෙබ් අඩවි මර්ධනය කිරීමටයාම අප තරයේ හෙළා දකිමු.

මාධ්‍ය සදහා සම්මාන උත්සව සංවිධානය කරන මේ රටේ ජනාධිපතිවරයාගේ මාධ්‍ය නිදහස මෙයදැයි අප ප්‍රශ්ණ කරන අතර මාධ්‍ය සදහා සම්මාන උත්සව සංවිධානය කරන්නේ තමන්ට එරෙහිව පුවත් පළකරන වෙබ් අඩවි හා මාධ්‍ය වේදීන් නිහඩ කරන්න යැයි අපි චෝදනා කරමු.

ශ්‍රී ලංකා  ටෙලිකොම් ආයතනය හෝ මොබිටෙල් ආයතනය කුමාරසිරි සිරිසේනගේ බූදලයක් නොවන බව අප ඔහුට මතක් කර සිටින අතර ඉතිහාසයේ මෙරට මාධ්‍ය මර්ධනය කල පුද්ගලයින්ට අත්වුනු ඉරණම කනගාටුදායක බවද මතක්කර සිටිමු.

ආදරණිය මාධ්‍යවේදී මහත්ම මහත්මියනි ඔබලා කරනු ලබන මෙහෙයට ජනතා සම්මාන ඔබට නිතැතින්ම පිරිණැමෙන අතර ඔබට පිරිනැමුණු ජනාධිපති සම්මානයට ඔබ සත්‍ය වසන්කරන්නේ නම් අපි ඒ පිළිබදව කණගාටුවෙමු.

මෙයට, විශ්වාසි

රංජිත් විතානගේ – සභාපති

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 

 

 

 

Top