LNN SPY

යකඩ ලෙස උණු කරන්න කාලතුවක්කු උණ්ඩදීමට අනුමැතිය දුන් ගෝඨාගෙ ගෝලයා…. යුද්ධයේ නාමයෙන් රාජපක්ෂලා කල ‘බිස්නස්’ මෙන්න ….

May 3, 2019 – ජා-ඇල, ඒකල, උදම්මිට ප්‍රදේශයේ යකඩ උණු කිරීමේ කර්මාන්ත ශාලාවක තිබී කාලතුවක්කු පතරොම් 800කට අධික ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර ඒ අතර සජීවී උණ්ඩ තිබු බව තහවුරු වී තිබේන බව වාර්තා වේ.

පසුගිය ආණ්ඩුව සමයේදී මෙම කම්හලට මෙසේ කන්කසන්තුරේ සිමෙන්ති පැක්ටරියකින් ඉවත් කල පරණ යකඩ තොගයක් සමග පතරෝම් උණ්ඩ තොග ලැබී ඇත්තේ එකල යුධ හමුදාවේ හිටපු ප්‍රධානියකුගේ නිර්දේශය මත ලබා දුන් බලපත්‍රයකින් බව ආරක්ෂක අංශ විසින් මේ වනවිට අනාවරණය කර ගෙන ඇත.

එම චෝදනාව එල්ල වන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයකුව සිටියදී ඔහුගේ සමීපතම හිතවතවකුව සිටි උතුරු පළාත බාර හමුදා ප්‍රධානියකට ය. රටේ ආරක්ෂාව ගැන නන්දොඩවන ගෝඨාභයට මේ ගැන වගේ වගක් නැත.සජීවී උණ්ඩ බාහිර පාර්ශව වෙත ලබාදීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ වගකීම බාරගන්නවා ද ? නැද්ද ? යන්න කතාවක් නැත.

මෙවැනි ‘ඩිල්’ යද්දී ගෝඨාභය රාජපක්ෂගේ බුද්ධි අංශය ඔහුට මේ ගැන දැනුම් දී නැද්ද ? දැනුම් දී ඇතත් තමන්ගේ හිතවතකු ගානක් කපාගැනීමට කල බිස්නස් එකක් නිසා නිහඬව සිටියේද ?

සාලාවට වැඩි විනාශයක් !

යම් හෙයකින් මෙම ස්ථානයේ තිබු සක්‍රිය උණ්ඩ පුපුරා ගියේ නම් 2016 ජුනි 05 වනදා අවිස්සාවේල්ල කොස්ගම සාලාව යුධහමුදා කඳවුරේ අවිගබඩාවක ඇති වූ පුපුරායාමක් හේතුවෙන් සිදුවූ විනාශයට වැඩි විනාශයක් වීමට ඉඩතිබු බව ආරක්ෂක අංශ මේ වනවිට අනාවරණය කර තිබේ.

අදාළ ද්‍රව්‍ය ටෙන්ඩර් පටිපාටියක් යටතේ ලෝහ උණු කිරීම සඳහා යුද සමයේදී ලබාගත් බව කර්මාන්ත ශාලාවේ සාමාන්‍යාධිකාරිවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් ගිහාන් සෙනවිරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු මාධ්‍යවෙත පැවසුවේ, වෙඩි බෙහෙත් සහිත උණ්ඩ කිසිඳු ආකාරයකින් වෙනත් පාර්ශ්වයකට ලබා නොදෙන බවයි.

එමෙන්ම යුද හමුදාව භාවිත කළ හිස් උණ්ඩ කොපු ටෙන්ඩර් පටිපාටිය යටතේ කාර්මික සංවර්ධන මණ්ඩලයට පමණක් ලබා දී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේය.ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, එහි උප කොන්ත්‍රාත්කරුවන් සිටීදැයි තමන් මෙතෙක් දැනුවත් නොමැති බවයි.මේ අතර නීති විරෝධී ආකාරයෙන් පුපුරණ ද්‍රව්‍ය පිටස්තර පුද්ගලයින්ට ලබාදෙන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව නාවික හමුදාව පවසා සිටියේය.

ගෝඨාභයගේ මාධ්‍ය සුරතලා නොදැනුවත්කමින් එම පුවත වාර්තාකල අයුරු….

Top