LNN SPY

විධායක පිස්සුව ඔලුවටම ගහයි…. 19 වෙනි සංශෝධනයටත් ගරහන සිරිසේන පයින් ගසා පැන්නිය යුතුය….

Jun 23, 2019 – අවුරුදු 10 පුරා ලංකාව වෙලා ගෙන සිටි ඒකාධිපති වියරුව වෙනුවෙන් එම ඒකාධිපති පරම්පරාව රජ කළ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්ධූරය ද අතහැර ජනාධිපතිධූරය වෙනුවෙන් තරග කොට මේ රටේ යහපාලනයක් වෙනුවෙන් ප්‍රතිඥා ලබා දෙමින් ඒ මතින් බලයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිය පොරොන්දු සියල්ල පසකලා විධායක බලයෙන් උමතු වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 18 වෙනි 19 වෙනි සංශෝධනයන් අහෝසි කළ යුතු බව පවසා සිටියා.

අද (23) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලවේ පැවති උත්සවයක්දි ජනාධිපතිවරයා පවසා සිටියේ 19 වෙනි සංශෝධනය නිසා රටට හරි නායකයෙක් නොමැති වූ බවත්, ආණ්ඩුවේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කරන මෙම කාලයේ සිදු වූ වැරදි පිළිගෙන 19 වෙනි සංශෝධනය අහෝසි කිරීමට කටයුතු කළ යුතු බවත් ය.

එහිදි අදහස් දැක්වූ ජනාධිපතිවරයා පවසා සිටියේ,

“ගරු අගමැතිතුමණි අපේ ආණ්ඩුවට දැන් අවුරුදු හතරාමාරක් වෙනවා. මේ ආණ්ඩුවේ තිබිලා දැන් මැතිවරණයක් තියන්න තියෙන්නේ තව මාස 4 යි 5යි. පශ්චාත් මරණ පරීක්ෂණය තියන්න දැන් කාලය ඇවිල්ලා තියෙන්නේ. අවුරුදු හතරාමාරක් තුළ ආණ්ඩුව රටේ නරක වුණා නම් නරක් වෙන්න ප්‍රධානම හේතුව තමයි 19 වෙනි සංශෝධනය. මේ රටේ ජනතාව අතරේ චෝදනාවක් තියනවා අගමැතිතුමයි මමයි දෙපැත්තට අදිනවා කියලා. මේ දෙපැත්තට අදින දේ ඇති වුණේ 19 වෙනි සංශෝධනයෙන්. 18 වෙනි සංශෝධනය රාජාණ්ඩු ක්‍රමයක් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ. 18 වෙනි සංශෝධනය අහෝසි කරන්න තමයි අපි ආණ්ඩුව හැදුවේ. 19 වෙනි සංශෝධනය මේ රටේ දේශපාලන අස්ථාවරත්වය ඇති වුණා. එක නායකයෙක් නැති වුණා. මේ රට යහපත් රටක් කරන්න නම් 18 වෙනි සංශෝධනයත්, 19 වෙනි සංශෝධනයත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අවලංගු කළොත් තමයි මේ රටට යහපතක් වෙන්නේ. 18 ඒකාධිපති, 19 අස්ථාවරත්වය. රට අරාජිකයි කියලා මිනිස්සු කියන්නේ 19යෙන් ඇති වෙච්ච තත්ත්වය. 19 වෙනි සංශෝධනය ඇති නොවුණා නම් මේ අවුරුදු හතරාමාර මීට වඩා ජයග්‍රාහී විශිෂ්ට සිව් වසරක්.” යනුවෙනි.

19 වෙනි සංශෝධනය සම්මත කර ගත්තේ 18 වෙනි සංශෝධනය අහෝසි කරමින් බව ජනාධිපති සිරිසේනට සමහර විට අමතක වී ඇතුවා වන්නට ඇත. එසේම 19 වෙනි සංශෝධනය නිසා මේ රටේ නීතියේ ආධිපත්‍ය, අධිකරණ ස්වාධීනතාවය ආරක්ෂා වූ ආකාරය පමණක් නොව ජනතා කැමැත්තෙන් පත් වූ නීත්‍යානුකූල අගමැති ප්‍රමුඛ රජය පෙරලා හොර අගමැතිවරයෙක් පත් කිරීමට ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය ව්‍යර්ථ වූ හැටිත් සිරිසේන ජනපතිට අමතක ඇති. නොඑසේනම් මේ විදියට 19 වෙනි සංශෝධනය සමඟ වෛර බදින්නේ කැමති කැමති පරිදි බලය පාවිච්චි කිරීමට ඒ හරහා වැට බැන්ද නිසා ද යන්න දන්නේ සිරිසේන ජනාධිපතිමය.

තමා සතුව තිබෙන ආරක්ෂක අමාත්‍යධූරයේ වැඩ නිසි පරිදි ඉටු නොකට රටේ ආරක්ෂාව බල්ලට දමා මාකඳුරේ මධූෂ් ඇල්ලීම සිය එකම රාජකාරිය කොට ගෙන සිටි සිරිසේන ජනාධිපතිවරයා 250කට සිය ජීවිත අහිමි කළ ආකාරය සිහිවන විට 19 වෙනි සංශෝධනය හෝ නොතිබුණා නම් කුඹුර ගිනි තිබ්බාට වඩා විනාශයක් රටට කරන්න ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය සිතා ගත හැකිය.

විධායක ජනාධිපති පුටුවේ රස දැණුනු කිසිවෙක් එය අත නොහරින බව නම් ප්‍රත්‍යක්ෂය. ඡන්දය ලං වෙන්න වෙන්න විධායක පිස්සුව ඔලුවටම තද වී ඇති ජනාධිපති සිරිසේන මේ කරන්නේ නන් දෙඩවිමක් බව නම් පැහැදිළිය. තව පාරක් නමට හෝ රටේ ජනාධිපතිවීමට ජනතාව ඉඩ නොදෙන වේලාවක සිරිසේන ජනාධිපතිවරයා මේ දකින්නේ 19 අහෝසි කොට ජනමත විචාරණය හරහා නැවත විධායක ජනාධිපති වීමේ සිහිනයද???

Top