LNN SPY

92 කිය කිය ගහන්නේ ඔක්ටේන් 90 පෙට්‍රල්මයි……. ලංකාව පුරා බාල පෙට්‍රල්, ඉන්ධනහල් හිමියන් පාරිභෝගිකයින් ගසා කයි!

Jul 7, 2019 – ලංකාව පුරා බෙදාහරිනු ලබන ඔක්ටේන් 92  පෙට්රල්වල නියදි පරීක්ෂා කිරීමේදී එම නියදි අදාල  ප්‍රමිතියට නොමැති බව  සිය සංවිධානය විසින් කළ සොයා බැලීමකදි තහවුරු වී ඇති බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ මේ වන විටත් ඔක්ටේන් 92 ලෙසට පාරිභෝගිකයා විසින් මිලදි ගනු ලබන්නේ ඔක්ටේන් 90 පෙට්‍රල් බවයි.

නමුත් මේ පිළිබඳව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බලධාරීන් හා දේශාපාලකයින් මරණ දඬුවම හා 2020 ජනාධිපතිවරණය පිළිබඳව අදහස් දක්වමින් පවතින බවත් එම නිවේදනය මගින් ඔහු චෝදනා කරනවා.

මාධ්‍ය නිවේදනය.

ලංකාව පුරා බාල පෙට්රල් ඉන්ධනහල් හිමියන් පාරිභෝගිකයින් ගසා කයි! බළධාරීන් නිහඩයි!

ලංකාව පුරා බෙදාහරිනු ලබන ඔක්ටේන් 92  පෙට්රල්වල නියදි පරීක්ෂා කිරීමේදී එම නියදි අදාල  ප්‍රමිතියට නොමැති බව අප සංවිධානය විසින් කරන ලද සොයා බැලීමකදී වාර්තා වී ඇත.

2019 පෙබරවාරි මස අප සංවිධානය විසින් ලංකා IOC සමාගම විසින් පාරිභෝගිකයින්ට අලෙවි කරනු ලබන පෙට්රල් තත්වයෙන් බාලබවට පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව පාරිභෝගික අධිකාරිය විසින් IOC සමාගම විසින් අලෙවි කරනු ලබන පෙට්රල් වර්ග කිහිපයක නියදි ලංක‌ා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ පිරිපහදුවේ පිහිටා ඇති රසායනාගාරය වෙත ලබා දී ඇති ඇති අතර 2019/03/23 දින එම නියදි පරීක්ෂා කර ඇත.

අප සංවිධානයට දැන ගැනීමට ඇති ආකාරයට එම වාර්තාවන්ට අනුව 92 ඔක්ටේන් වල ඔක්ටේන් ප්‍රතිශතය 92% කි. මෙම නියදි ලබා ගෙන ඇත්තේ IOC ඉන්ධන පිරවුම්හලකින් වුවුද එම පිරවුම්හලට ඉන්ධන ලබා දී ඇත්තේ ලංකා ඛණිජතෙල් සංස්ථාවේ බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් විසිනි. IOC සමාගමේ ඉන්ධන ගබඩා තිකුණාමලයේ පිහිටුවා ඇති නිසා කොළඔ පිහිටි IOC ඉන්ධන පිරවුම්හල් සදහා ඉන්ධන බෙදාහරිනු ලබන්නේ ඛණිජතෙල් සංස්ථාවේ ඉන්ධන බෙදා හැරීමේ මධ්‍යස්ථාන තුළිනි.ඒ වෙනුවට තිකුණාමලය ආශීත ප්‍රදේශ සදහා IOC සමාගම විසින් ලංකා ඛණිජතෙල් සංස්ථාවේ ඉන්ධන හල් සදහා ඉන්ධන බෙදා හැරීම සිදු කරනු ලබයි.

 තත්වයෙන් බාල නිසා මීට පෙර ඛණිජතෙල් සංස්ථාව වීසින් 90 ඔක්ටේන් පෙට්රල් අලෙවිය නවතා දමා 92 ඔක්ටේන් පෙට්රල් වෙළදපොළට හදුන්වා දෙන ලදී. එහෙත් පාරිභෝගිකයින් නොමග යවමින් මේ වන විටත් 92 ඔක්ටේන් පෙට්රල් ලෙස පාරිභෝගිකයා මිලදී ගනු ලබන්නේ 90 ඔක්ටේන් පෙට්රල්ය.

සමාගම් විසින් පාරිභෝගිකයින් මෙසේ අන්දවද්දී පාලකයින් මරණ දඩුවම පිළිබදව හා 2020 ජනාධිපති අපේක්ෂකයා පිළිබදව අදහස් පළ කරමින් සිටී.

පාරිභෝගික අධිකාරිය භාර ඇමතිවරයා ලෙස කටයුතු කරන්නේ බුද්ධික පතිරණ ඇමතිවරයාය. එම ඇමතිවරයාගෙන් අප සංවිධානය ප්‍රශ්ණ කරන්නේ ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ පෙට්රල් හා ඩීසල් අලෙවි කරන මිලට වඩා වැඩි මිලකට IOC සමාගමට පෙට්රල් හා ඩීසල් අලෙවි කිරීමට ඉඩ දෙන්නේ ඇයිද? යන්න හා මෙසේ රටපුරා බාල පෙට්රල් අලෙවි කිරීමට ඉඩ දෙන්නේ ඇයිද? යන්නයි.

කිරිපිටි සටන මෙන්ම ඉන්ධන සටනද තම කරමත තබා ගන්නා ලෙස අප බුද්ධික පතිරණ ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිමු.

 

ස්තුතියි

මෙයට විශ්වාසී,

රංජිත් විතානගේ- සභාපති – පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

 

Top