LNN SPY

මුදලට වහ වැටි නිවන අත හැරි තිනියාවේ පාලිත හිමිට මංගල තිත්ත වූ හැටි…….. ලංකා හොස්පිටල් අධ්‍යක්ෂකම නැතිවීම මුදල් අමාත්‍යාංශය පිටින් යයි……

Jul 13, 2019 – යහපාලන රජය පත් කිරීමට දර දිය ඇද්ද බව ලෝකයට පෙන්වමින් යහපාලන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පස්සෙන් ගොස් තනතුරු හිඟා කමින් මේ වන විට ලබන ආත්මයට ද ඇති වෙන්න යහමින් මුදල් උපයා ගෙන ඇති චීවරධාරි තිනියාවේ පාලිත හිමියන්ට හදිසියේම මුදල් අමාත්‍යාංශය ලංකාවේ ඇති දුෂිතම අමාත්‍යාංශය බවට පත් ව ඇත.

පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කොට සිටි අතර මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ ඉදිරිපත් කළ චෝදනා වලට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට තිනියාවේ පාලිත අසමත් වීමයි. යම් අමාත්‍යාංශයයක් හෝ අමාත්‍යවරයා දූෂිත ද යන්න ප්‍රකාශ කිරිම ආවාට ගියාට කිරීමට හෝ පෞද්ගලික ඇරියස් කවර් කර ගැනීමට කළ යුතු නොවන බව පාලිත හිමි තවම අවබෝධ කර ගෙන නැතුවා වන්නට ඇත.

නමුත් හදිසියේ ඇති වූ මේ කඩි ගායේ සුල මුල සෙවු අපට තිනියාවේ පාලිතට  මුදල් අමාත්‍යාංශය තිත්ත කදුරු වූයේ කවර හේතුව නිසාද යන්න සොයා ගත හැකි විය. එයට හේතු දෙකක් පදනම් වී ඇත.

ඉන් පළමුවැන්න නම් යහපාලනය ඇති කිරීම වෙනුවෙන් පරම පවිත්‍ර සේවයක් කළ බවට කන් පින්දම් ගා ලබා ගත් ‘ලංකා හොස්පිටල්’ අධ්‍යක්ෂධූරය තිනියාවේ පාලිතට අහිමි වීමයි. අධ්‍යක්ෂකධූරයට අමතරව අධ්‍යක්ෂවරයෙකු වීම නිසා ම රෝහලේ ඇතැම් කටයුතු වෙනුවෙන් පත් කෙරෙන කමි‍ටු කිහිපයකද සාමාජිකත්වය ලබා ගැනීමට තිනියාවේ පාලිත කටයුතු කොට ඇත. උදාහරණයක් ලෙස රෝහලට අවශ්‍ය ඖෂධ ලබා ගැනිම වෙනුවෙන් වන කමි‍ටුවක් තිබෙන අතර එහි සමාජිකත්වය ලබා ගෙන සිටි තිනියාවේ පාලිත ගේ උවමනාව මතම මාස තුනකට හතරකට වරක් රැස්වෙන එම කමිටුව පසුගිය කාලයේ මාසයකට දෙවතාවක් රැස්වී තිබේ. මේ රැස්වීම් හේතුවෙන් එම කමිටු සාමාජිකයන්ට ලක්ෂ ගණ්නින් මුදල් උපයා ගැනීමට හැකියාව ද  ලැබිඇත .

මේ සමඟ දැක්වෙන සටහනෙන් 2016 දී සහ 2017 දී තිනියාවේ පාලිත ලබා ගත් මුදල් කොටසක් ගැන දැක් වේ. 2016 දී රු හතලිස් පන් ලක්ෂ හැට නවදාස් හයසීයයි.(4,569,600 ය). 2017 දී රු.එකලොස් ලක්ෂ හතලිස් දෙදහස් එකසීයයි( 1,142,100 )

නමුත් මේ පිං චාන්ස් එකට පාත් වූ හෙනහුරා ලෙසට මුදල් අමාත්‍ය මංගල පත් වූ බව තිනියාවේ පාලිත අවබෝධ කරගත්තේ ලංකා හොස්පිටල් මුදල් අමාත්‍යාංශය යටතට පත් වී එහි සියළුම අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වීමට අමාත්‍යවරයා දැනුම් දීමත් සමඟය. අස් වූ අධ්‍යක්ෂවරුන් වෙනුවට තවත් අධ්‍යක්ෂවරුන් තෝර ගෙන ඇති අතර ඒ යටතේ හිටපු සමහර අධ්‍යක්ෂවරුන්ට පත් වීම ලැබුනද තිනියාවේ පාලිත ට නැවත අධ්‍යක්ෂධූරයක් හිමිනොවිය.

මුදලට ලොල් වූ තිනියාවේ පාලිත අග්‍රාමාත්‍යවරයා හරහාද නැවත තමන්ට ලංකා හොස්පිටිල් හි අධ්‍යක්ෂධූරය ලබා දෙන ලෙස ඉල්ලා සිටියද කිසිදු ආගමික පූජකයකුට රජයේ හෝ ඒ අනුබද්ධ ආයතන වල තනතුරු ලබා දීමට විරුද්ධ ප්‍රතිපත්තිය හේතුවෙන් මංගල අමාත්‍යවරයා එයට එකඟ නොවිය. තිනියාවේ පාලිත ට මංගල වහකදුරු වූයේ එතැන් සිටය.

දෙවන හේතුව වන්නේ තිනියාවේ පාලිත මේ අදින්නේ රවි කරුණානායක ගේ කොන්ත්‍රාත්තුවක් බවයි.  ඇමැති රවී කරුණානායකගේ නොමසුරු අනුග්‍රහය අප දන්නා කාලයේ පටන්ම තිනියාවේ පාලිත ට තිබුණි.

රවි කරුණානායක අමාත්‍යවරයා එලි පිට හා හැංගි හැංගි මංගල අමාත්‍යවරයාට එරෙහිව ගෙනි යන මංගල විරෝධයේ තවත් එක් පියවරක් ලෙසට තිනියාවේ පාලිත හිමිගේ මාධ්‍ය සංදර්ශනය හදුන්වා දිය හැකිය.

මහබැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් නිකුත්කරන ලද පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභා වාර්තාව (COPE) අභියෝගයට ලක් කරමින්, 2015 පෙබරවාරි 27 සහ මාර්තු 29 දිනවල සිදුකරන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය නිවැරදිවත් ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගත් විධිමත් ක්‍රමවේදය අනුවත් සිදුකර ඇති බවට ප්‍රකාශයක් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් තිනියාවේ පාලිත ගොනු කරන්නේ රවි කරුණානායක දායකයා බේරා ගැනීම සඳහාය.

මාසයකට සැරයක් හෝ දෙසැරයක් රවිගෙන් ලැබෙන කද මළු වලට පමණක් නොව රවි මුදල් අමාත්‍යවරයා වූ කාලයේ ලබා දුන් ලංකා හොස්පිටල් හි අධ්‍යක්ෂධූරයට ද පිං පිණිස මංගලට විරෝධය දැක්වීමේ පාරමිතාව තිනියාවේ පාලිත පිරිය යුතුය.

යහපාලනයේ නාමයෙන් රටේ ජනතාවගේ බදු මුදල් උලා කෑ පාලිතලා වැනි පාපතරයන්ට තව දුරටත් රටේ ජනතාව හමුවට පැමිණ සෙල්ලම් කරන්න ඉඩක් නැත. ඇත්ත බොරුව කුමක්ද යන්න හෙළිවීම දැන් පහසුවෙන් සිදුවේ.

Top