LNN SPY

බොරු ජාතික හැඳුනුම්පතක්, අලුත් අංකයක්,ගමන් බලපත්‍රයක්.. අරන් බයිපාස් සැත්කමක් සඳහා සිංගප්පූරුවට ගිය දේශ්‍රප්‍රේමි ගෝඨාභය

Published on: Aug 21, 2019– 2005 එවකට අමෙරිකානු පුරවැසියෙකු බවට පත්වී ලංකාවේ පුරවැසිකම අත්හැරි ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ජනාධිපතිවරණයට ඡන්දය භාවිතා කිරීම සහ ඒ වෙනුවෙන් සිය නම ඡන්ද නාම ලේඛනයට ඇතුලත් කර ගැනීම බරපතළ මැතිවරණ අපරාධ ක්‍රියාවක් බවත් එයට එරෙහිව කඩිනම් සහ සාධාරණ පරික්ෂණයක් පවත්වන ලෙසත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා.

ශ්‍රි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලංකාවේ පුරවැසියෙකු නොවන පුද්ගලයෙකුට ජනාධිපතිවරණයකට හෝ ජනමත විචාරණයකට ඡන්දය භාවිතා කළ නොහැකි බවත් ජනාධිපතිවරණ පනත අනුව එය බරපතල අපරාධ වරදක් බවත් ඒ සඳහා අධිකරණ ඉදිරියේ දඬුවම් ලබා දීමට හැකියාව ඇති බවත් එම මධ්‍යස්ථානය පෙන්වා දෙනවා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි කාලයේ ඔහුගේ ජනපති බලය උපයෝගි කරගෙන රටේ නීතිය හා සාමය විනාශ කරමින් නීතිය බල්ලට දමමින් ක්‍රියා කළ බවට රාජපක්ෂ පවුලේ සියල්ලන්ටම පාහේ අඩු වැඩි වශයෙන් චෝදනා ඇති අතර ආරක්ෂක ලේකම්වරය ලෙස ක්‍රියා කළ අවධියේ සහ ඊට පෙර සිය වැඩිමහල් සොහොයුරාගේ ජනාධිපති පවර් එක ගැම්මට ගෙන නීතිය නැමීම නිසා ගෝඨාභය රාජපක්ෂ සිටින්නේ අනෙකුත් රාජපක්ෂවරුන්ට වඩා ඉද්‍ඉරියෙනි. ගෝඨාගේ නීති අවනතභාවයේ දිග පළල මනින්නට මේ ආකාරයෙන් හොර පාරෙන් ඡන්දය දැමීමම උදාහරණ සපයනු ඇත.

2005 වර්ෂයට වඩා අවුරුදු 14 පසු අද එනම් 2019 වර්ෂයේදි පවා කුලියට නිවසක සිටින පුද්ගලයෙකුට ඡන්දනාම ලේඛනයට නම දා ගැනීමට ග්‍රාමසේවක සහතියකයට අමතරව පොලිස් සහතිකයද අවශ්‍ය අතර නිවසක ජීවත් නොවන පුද්ගලයෙකුගේ නම ඡන්ද නාම ලේඛනයට ඇතුලත් කර ඇත්නම් එයට දහසක් හේතු ග්‍රාමසේවකට පැවසිය යුතුය. මේ සාමාන්‍ය පුද්ගලයෙකුට අදාළ වන නීතිය බවත් ගෝඨා වැනි නෙළුම් මලෙන් උපන් උසස් කුලයේ ප්‍රභූන්ට එය අදාළ නොවන බවත් පසක් වන්නේ රටේවත් නොසිටිය ගෝඨා ලංකාවේ ජාතික හැදුනුම්පතක් හෝ නොමැතිව හම්බන්තොට මුල්කිරිගල මැතිවරණ කොට්ඨාශය යටතේ වාර්ෂිකව ජන්දහිමි නාමලේඛනයේ සිය නම ලියාපදිංචි කරන තුරු එම ප්‍රදේශයේ ග්‍රාමසේවක මර නින්දේ පසු වී ඇති බැවිනි.

බොරු ජාතික හැඳුනුම්පතක්, අලුත් අංකයක්,ගමන් බලපත්‍රයක්.. අරන් බයිපාස් සැත්කමක් සඳහා සිංගප්පූරුවට ගිය දේශ්‍රපේමි ගෝඨාභය

ගෝඨාභය රාජපක්ෂ ලොස් ඇන්ජලීස් සිට ලංකාවට ආවේ 2005 සැප්තැම්බර් 04 වැනිදාය. ඒ වන විට ඔහු ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවේ. 2003 ජනවාරි 31 වැනිදා, ඔහු උපතින්ම ගෙනා ශ්‍රී ලංකාවේ පුරවැසිකම අත්හැර තිබුණු නිසාය. ඒ ඔහු ඇමරිකානු පුරවැසියෙකු බවට පත්වීමෙනි. යම් පුද්ගලයකු වෙනත් රටක පුරවැසිකම ලබාගත් විට ඔහුගේ මුල් රටේ පුරවැසිකම ස්වයංක්‍රීයවම අවලංගු වේ. එකී වෙනත් රටේ පුරවැසියෙකු බවට පත් වේ. නැවතත් මුල් රටේ පුරවැසිකම ලැබෙන්නේ, එකී මුල් රටේ ද්විත්ව පුරවැසිකම විශේෂයෙන් ඉල්ලා ලබාගත හොත් පමණකි. නැතහොත්, දෙවැනි රටේ පුරවැසිකම අතහැර, ඒ බව මුල් රටට දන්වා නැවතත් මුල් රටේ පුරවැසිකම ඉල්ලා සිටියහොත් පමණි.

2003 ඇමෙරිකානු පුරවැසියෙකු බවට පත්වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ කිහිප වරක් ලංකාවට පැමිණ තිබේ. එහෙත් ඒ කිසි අවස්ථාවක ඔහු ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කළේ නැත. ඇමෙරිකානු පුරවැසිභාවයද තබාගෙන ලංකාවේ පුරවැසියකුටත් හිමි අයිතිවාසිකම් හා වරප්‍රසාද භුක්ති විඳීමට නම්, ඔහු ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන තිබිය යුතුය.

ඒ අතර, රාජපක්ෂ ඇමෙරිකානු පුරවැසියන් සඳහා ශ්‍රී ලංකාවෙන් පිරිනැමෙන ‘ඔන් අරයිවල් හොලිඩේ වීසා’ හෙවත් රටට පැමිණි විට වීසා ලබාගැනීමේ අවස්ථාව සඳහා වරප්‍රසාදලාභියෙක් වූයේය. ඔන් අරයිවල් වීසා පිරිනැමෙන්නේ සංචාරකයන් සඳහාය. එනම්, හුදෙක් සංචාරය කිරීම සඳහා පමණක්ම ලංකාවට පැමිණෙන පිරිසය. එවැනි වීසා එකක් ලබාගෙන වෙනත් කිසිම කටයුත්තක ලංකාව තුළදී නියැලීම නීතියෙන් වරදකි. ඒ වීසා ලැබෙන්නේද දින 30ක කාලයකට පමණි.‍

2005 සැප්තැම්බර් 04 වැනිදාත් ඔහු ලංකාවට ආවේ දින 30 ක් සඳහා සංචාරකයන්ට පමණක් ලැබෙන සංචාරක වීසාවක් ලබාගෙනය. ඒ අනුව ඔහුට ලංකාව තුළ කළ හැක්කේ සංචාරය පමණි.

එහෙත්, තමා අත්අඩංගුවට ගැනීමෙන් වළක්වාලන නියෝගයක් ඉල්ලමින් ඔහු 2005 දී ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමට අමුණා තිබූ දිවුරුම් ප්‍රකාශයේ, තමා ඇත්ත වශයෙන්ම 2005 සැප්තැම්බර් 04 වැනිදා ලංකාවට ආවේ ඇයි දැයි සඳහන් කර තිබේ. ඒ මෙසේය.

‘මා (දිවුරා) කියා සිටින්නේ, මගේ සහෝදරයා 2005 ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටීම නිසා, ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට සහය දීමට මම ඇමෙරිකාවේ සිට ලංකාවට පැමිණි බවය.’

තමන්ගේ වචනවලටම අනුව, දින 30ක් සඳහා ගෝඨාභය රාජපක්ෂ වෙත ලැබී තිබෙන වීසා බලපත්‍රයේ කොන්දේසි ඔහු කඩකර තිබේ. සැකහැර ගැනීම සඳහා කියතොත්, වීසා නීතිවල දැක්වෙන්නේ, ‘ නිවාඩුවක් ගත කිරීම සඳහා නොවන වෙනත් කාර්යයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන්නෙකු පූර්ව අයදුමක් කර වීසා ලබාගත යුතු බව” ය. ඒ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් හෝ කොන්සියුලේට් කාර්යාලයෙනි.

යම් පුද්ගලයෙකු වීසා කොන්දේසි කඩකරමින් ශ්‍රී ලංකාවට ඇතුළු වන්නේ නම් හෝ නැවතී සිට්න්නේ නම් ඔහු ආගමන විගමන පනතේ 45(1) (ඒ) වගන්තිය උල්ලංගනය කරන අතර, වරදකරුවකු වන විට අවුරුදු 1 සිට 5 දක්වා කාලයක් සඳහා සිරදඬුවම් නියම කළ හැකිය.ඒ අතර, 2005 ජනාධිපතිවරණයේදී භාවිතා කළ ඡන්දදායක ලැයිස්තු සඳහා ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන ඔහුගේ නම ඇතුළත් වූයේ කෙසේද යන්න ද ප්‍රශ්නයකි.

2005 ඡන්දදායක ලැයිස්තුව නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ, මුල්කිරිගල ආසනයේ මැදමුලන ඡන්ද කොට්ඨාසයේ ඔවුන්ගේ ලිපිනයෙහි එක් ඡන්දදායකයකු වශයෙන් ඔහු ලියාපදිංචි වි ඇති බවයි. එහෙත්, ඔහු ඒ වන විට ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවේ. ඡන්දදායකයකු වීමට නම් අනිවාර්යයෙන්ම ඔහු හෝ ඇය ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නියම කරයි.

මැදමුලන නිවසේ ඡන්දදායකයකු ලෙස ලියාපදිංචි වී ඇති තවත් කෙනකු නම් අයෝමා උදේනි රාජපක්ෂ (අංක 130) හෙවත් ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳයි. ඇයට ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාය ලැබෙන්නේ 2006 පෙබරවාරි 09 වැනිදාය. ඒ වන විට ඇගේ ස්වාමි පුරුෂයා වන ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාය. ඇගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකයට අත්සන් කර තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂය.
දැන් ප්‍රශ්නය මෙයයි. 2006 පෙබරවාරි 09 වැනිදා, ද්විත්ව පුරවැසිභාවය ලබාගත් අයෝමා රාජපක්ෂ, 2005 මුල්කිරිගල ආසනයේ ඡන්ද ලැයිස්තුවේ ඉන්නේ කොහොමද යන්නයි. ඒ වන විට ඇය ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවේ.

මේ අනුව බලන කල එම නිවසේ ගෘහ මූලිකයා ලෙස පෙනෙන චමල් ජයන්ත රාජපක්ෂ , සිය නිවසේ සිටින, ඡන්දය පාවිච්චි කිරීමට හැකියාව ඇති අය ලෙසට, එවැනි හැකියාවක් නැති අයද ලැයිස්තුගත කිරීමෙන් ලංකාවේ ඡන්ද නීතිය උල්ලංඝනය කර තිබේ. සාමාන්‍යයෙන් ගෘහ මූලිකයා විසින් පුරවන ඡන්ද ලැයිස්තුවේ අවසානයේ ගෘහ මූලිකයා අත්සන් කරන්නේ, අසත්‍ය හා වැරදි කිසිවක් තමා මේ පෝරමය පිරවීමේදී නොකී බවට සහතික කරමිනි. දැන් රාජපක්ෂවරුන් සිය නිවසේ සිටම ඡන්ද නීති කඩකර ඇති බව පෙනෙයි.රට හදන්නට බලය ඉල්ලන්නේ තමන් වසන නිවසේ සිටම නීතිය කඩමින්, එය බල්ලාට දමමින් ජීවත්වන පිරිසක් බව පෙනේ.

වීසා කොන්දේසි ඒ වන විටත් කඩකර තිබුණත්, තමා ලංකාවට පැමිණ සිටින්නේ සංචාරක වීසා ලබාගෙන දින 30ක කාලයකට පමණක් අවසර ඇතිව බව හොඳින්ම දන්නා ගෝඨාභය රාජපක්ෂ සහෝදරයාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ නොනැවතී නියැලී සිටියත්, එම දින 30 ඉක්ම යෑමට පෙර, එනම් හරියටම 30වැනි දිනයේ එනම් 2005 ඔක්කෝබර් 04 වැනිදා, ලංකාවෙන් ඉන්දියාවට පිටත්ව යන්නේය. ඒ දිගු කාලයකට නොවේ.

ඉන්දියාවට ගොස් දිනකට පසු, එනම් ඔක්තෝබර් 06 වැනිදා ඔහු නැවතත් ලංකාවට එයි. ඔක්තෝබර් 07 වැනිදා, ජනාධිපතිවරණය සඳහා මහින්ද රාජපක්ෂ නාමයෝජනා භාරදුන් දිනයයි. කාලය අපතේ නොයවාම ඔහු යළිත් (වීසා කොන්දේසි කඩකරමින්) සිය වැඩිමල් සහෝදරයාගේ මැතිවරණ ව්‍යාපාරයට එක්වන්නේය. මේ සමග පළවෙන, 2005 ඔක්තෝබර් 07 වැනිදා, මහින්ද රාජපක්ෂ නාමයෝජනා දුන් පසු පැවැත්වුණු දේශපාලන රැලියක ගෝඨාභය රාජපක්ෂ මහතා සිටිනු පෙනෙයි.

නොවැම්බර් 17 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයගත්තේය. 18 වැනිදා ඔහු ජනාධිපතිධූරයේ දිවුරුම් දුන්නේය. ඒ වනතුරුම ගෝඨාභය රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කළේ නැත. ‘සන්ඩේ ඔබ්සර්වර්’ පුවත්පත විමර්ශනය කළ පරිදි, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ‘ද්විත්ව පුරවැසියන්ගේ ලියාපදිංචි ලේඛනය’ අනුව හා ඊට අදාළ පරිගණක දත්ත අනුව, ඔහු ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කරන්නේ නොවැම්බර් 18 වැනිදාය. එදින සිකුරාදා දවසකි. 19, 20 සති අන්තයයි. 21වැනි සඳුදාම ද්විත්ව පුරවැසිභාවය සඳහා අවශ්‍ය මුදල් ඔහු තැන්පත් කරයි.

2005 වන විට ද්විත්ව පුරවැසිභාවය සඳහා කළ ඉල්ලීම් හා ලිපිගොනු තිබුණේ, බම්බලපිටියේ ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේය. ඒ ඉල්ලීම් සමග විවිධ ලේඛන ඉදිරිපත් කළ යුතුය. එනම්, අධ්‍යාපන සුදුසුකම් සනාථ කළ හැකි ලියවිලි, උපත් හා විවාහ ලියාපදිංචි කිරීමේ සහතික, ලංකාව තුළ යම් දේපළක් අයිති බවට වූ සහතික හෝ විදේශ මුදල් හා දිවුරුම් සහතිකයකි. මේ ලේඛන සලකා බැලීමෙන් පසු පොලිසියෙන් හා බුද්ධි අංශ වෙතින් නිෂ්කාෂණ වාර්තා ලබාගැනේ. එම නිෂ්කාෂණ වාර්තා අමාත්‍යංශ නිලධාරීන් විසින් විමර්ශනය කෙරෙන අතර, දීර්ඝ ක්‍රියාවලියකට පසුව, අමාත්‍යංශය විසින්, ද්විත්ව පුරවැසිභාවය ලබාදිය යුතුද නැද්ද යන්න ගැන තීරණය කෙරේ.

එහෙත් ගෝඨාභය රාජපක්ෂ ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමේ අත්දැකීම මේ සාමාන්‍ය ක්‍රියාවලියෙන් සම්පූර්ණයෙන්ම පිට පැන සිදුවුණකි. සන්ඩේ ඔබ්සර්වර්, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ කරන ලද ඉල්ලීමකින් දැනගන්නට ලැබුණේ, ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය අයදුම් කිරීමට අදාළ ලිපිගොනු දෙපාර්තමේන්තු භාරයේ නොපවතින බවයි.

දෙපාර්තමේන්තු නිලධාරියෙකු ඊට හේතුව හැටියට පැවසූවේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ කටයුතු අමාත්‍යංශ මට්ටමෙන් සිදුවීමයි. එහෙත්, සන්ඩේ ඔබ්සර්වර් ස්වාධීනව කළ සොයාබැලීමකින් තහවුරු කරගෙන ඇත්තේ, බොහෝ ද්විත්ව පුරවැසියන්ගේ ලිපිගොනු, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සුරක්ෂිතව තිබෙන බවයි. කොච්චර ද කියනවානම්, ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳ අයෝමා රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ලිපිගොනුවද එහි සුරක්ෂිතව තිබුණි.

නිසි ලෙස අදාළ ලිපිගොනු නඩත්තු නොකරන තත්වයක් යටතේ, මේ ගැන සොයාබැලීමට ඇත්තේ මූලාශ්‍ර දෙකකි. එකක් නම්, ආගමන විගමන දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන ද්විත්ව පුරවැසියන් ලියාපදිංචි කිරීමේ ලේඛනයයි. දෙවැන්න ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්තයි. මේ මූලාශ්‍ර දෙකටම අනුව, ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසි අයැදුම එක වැඩකරන දිනකට පසුව, එනම් නොවැම්බර් 21වැනිදා, සඳුදා පිළිගෙන තිබේ. එහෙත්, ඒ, ඊට පෙර 2005 ජූනි මාසයේ සිට ද්විත්ව පුරවැසිභාය සඳහා කර තිබුණු ඉල්ලීම් පෝලිමේ පස්සට දමමිනි.

සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතට ද්විත්ව පුරවැසියන් ලියාපදිංචි කිරීමේ ලේඛනය දකින්නට ලැබිණ. එහි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අයැදුමට අදාළ කොටසේ යම් වෙනස්කම් කළ බවට ලකුණු දකින්නට ලැබිණ. ඔහුගේ උපන්දිනයට අදාළ කොටුව තිබුණේ හිස්ව ය. ඒවගේම බොඳවුණු සලකුණු සහිතවය. ඔහුගේ ‘අයැදුම් පත්‍රයේ අංකයට’ අදාළ කොටුව තුළ, වෙනත් පෑනකින් යළිත් උඩින් ලියා තිබිණ. ඒ වගේම කෙටි අත්සන හා නිලධාරියාගේ සටහන් සඳහා ඇති කොටුව ද වෙනස්කම්වලට භාජනය කොට තිබිණ.

ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලුම් පත්‍රය, සහායක ලිපිලේඛන, ආරක්ෂක නිෂ්කාෂණ වාර්තා, සහතිකවල පිටපත් ඇතුළත් ලිපිගොනුව අතුරුදහන්ව ඇති තත්වයක් යටතේ, ගෝඨාභය රාජපක්ෂට ද්විත්ව පුරවැසිභාවය ප්‍රධානය කළ බවට ඇති එකම සාක්ෂිය වන ලියාපදිංචි ලේඛනයේ මේ සැකසහිත සටහන් සහ පරිගණක දත්ත පැහැදිළි කරන්නේ, ද්විත්ව පුරවැසිභාවය සඳහා වූ අයැදුම්පත පිළිගෙන ඇත්තේ, 2005 නොවැම්බර් 30වැනිදා බවයි.
ගෝඨාභය රාජපක්ෂ මහතාට ද්විත්ව පුරවැසිභාවය ප්‍රධානය කැරුණු 2005 නොවැම්බර් 24 වැනිදා වන විටත් ඔහු ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය සඳහා ලේකම්වරයා ලෙස පත්කර තිබුණි. එනම් 2005 නොවැම්බර් 04 වැනිදා, ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයට අනුව ගෝඨාභය රාජපක්ෂ ඉහත කී අමාත්‍යංශයේ ලේකම්ධූරයට පත් කෙරිණ. ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ ‘විදේශිකයන් ඇතුළු වීම පාලනය කිරීම හා නීතිවිරෝධී ආගමනයන් පාලනය කිරීම’ ද ඇතුළත් පුරවැසිභාවය පිළිබඳ විෂය ඔහුගේ අමාත්‍යංශය යටතට පත්කර තිබිණි.

නොවැම්බර් 24 වැනිදා, ඒ වන විටත් ඇමරිකානු පුරවැසියෙකු පමණක් වූ ගෝඨාභය අමාත්‍යංශ ලේඛම්ධූරයට පත්වී දින 6කට පසුවය, ඔහුට ඇමෙරිකාවේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසි තත්වය ලැබෙන්නේ. ඒ ඔහුගේ අමාත්‍යංශය යටතේම වූ දෙපාර්තමේන්තුවක් විසිනි. එය, 2005 දෙසැම්ර් 20වැනි දින ඔහු ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා හැටියට ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රය ලබාගන්නා විටද, ‘දරන්නා ද්විත්ව පුරවැසියෙකි’ යන සටහන ලැබීමට උදවුවෙයි.

ද්විත්ව පුරවැසියන් ගමන් බලපත්‍රයක් අයැදුම් කරන විට, අයැදුම්කරු සිය ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකය ඉදිරිපත් කිරීම අවශ්‍ය වෙයි. එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා ගමන් බලපත්‍ර 5ක්ම ලබා ගනිද්දීත් (ඉන් තුනක් රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍ර වන අතර දෙකක් සාමාන්‍ය ගමන්බලපත්‍රය.) කිසිම අවස්ථාවක ඔහු ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකය ඉදිරිපත් කළ බවට දෙපාර්තමේන්තුව සතු ලිපිගොනුවල කිසිම සාක්ෂියක් නැත. ඒ හැම අවස්ථාවකම ජ්‍යෙෂ්ඨ ආගමන නිලධාරියෙකු ඔහුගේ අයැදුම්පතේ ඒ වන විටත් ඔහු ද්විත්ව පුරවැසියෙකු බවට සටහන් යොදා ඇත.

ඔහුගේ 2009 රාජ්‍යතාන්ත්‍රික ගුවන්ගමන් බලපත්‍රය පෙන්වන්නේ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සියලුම නීති ගෝඨාභය රාජපක්ෂට වාසි වන ආකාරයට කෙතරම් හැසිරවීද යන්නයි. ඒ වනවිට, ගමන් බලපත්‍රවල ඉල්ලුම්කරුවන්, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙකුගෙන් චරිත සහතිකයක් ලබාගෙන ආගමන විගමන පාලක ජෙනරාල් වෙත ඉදිරිපත් කළ යුතුව තිබුණු අතර, ඔහු ඉදිරියේ තමාගේ අයැදුම්පත අත්සන් කළ යුතුවද තිබුණි.

2009 රාජපක්ෂ සිය දෙවැනි රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය ඉල්ලුම්කරන විට ආගමන විගමන පාලක ජෙනරාල් වූයේ පී.බී. අබේකෝන් මහතාය. (ජනාධිපති සිරිසේන පත්වුණු විගස ජනාධිපති ලේකම් වුණේ ඔහුය) ගෝඨාභය චරිත සහතිකයක් නැතිවම තම ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කළ අතර, ඊට අදාළ අයැදුම්පතේ කොටස, ‘රාජපක්ෂ මහතා තම අවුරුදු දහයක් තිස්සේ පටන් අඳුනන බව’ ට සටහන් කරමින් පුරවන ලද්දේ අබේකෝන් මහතා විසින්මය.

මේ ආකාරයට බලනවිට, ඔහුගේ ගුවන්ගමන් බලපත්‍ර ඉල්ලීම්, ඔහුගේම සුවිශේෂ වරප්‍රසාදිත පවුලේ අනෙක් සාමාජිකයන්ට පවා වෙනස් බව පෙනේ. ඔහුගේ බිරිඳ අයෝමා උදේනි රාජපක්ෂ සිය ද්විත්ව පුරවැසිභාවය ලබාගත්තේ සාමාන්‍ය නීතිය යටතේය. 2006දී ඉදිරිපත් කරන ලද ඇගේ ඉල්ලුම්පත්‍රය, ඊට සහයක ලේඛන සහ ඇගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකයේ පිටපතක් අදාළ ලිපිගොනුවේ සුරැකිව තිබේ.

ඇය ශ්‍රී ලංකා ගමන්බලපත්‍රයක් ලබා ගැනීමට අයැදුම් කළ සෑම අවස්ථාවකදීම, සිය ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකය ඉදිරිපත් කර තිබේ. පසු දිනයකදී ද්විත්ව පුරවැසිභාවය ලබාගත් බැසිල් රාජපක්ෂද එසේය. ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ අයැදුම්පත්‍රය අතුරුදන් වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ පමණකි.

පසුගිය දිනවල තම පුරවැසිභාවය අත්හැරීම ගැන විවිධ සහතික ඉදිරිපත් වුණු අවස්ථාවෙහි, ගෝඨාභය රාජපක්ෂ මාධ්‍යවලට කීවේ, තමා තවදුරටත් ද්විත්ව පුරවැසියෙකු නොවන බවටත්, මේ අවුරුද්දේ මැයි මාසයේ අලුත් ශ්‍රී ලංකා ගමන්බලපත්‍රයක් ලබාගත් බවත්ය. මේ ප්‍රකාශය ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළත්, ස්වදේශ කටයුතු අමාත්‍යංශය තුළත් විමතියක් ඇති කිරීමට හේතුවී තිබේ. ද්විත්ව පුරවැසියෙකු හැටියට සිටියදී එවැනි ගමන් බලපත්‍රයක් තමන්ගේ නහය යටින් රිංගා ගොස් ලබාගෙන ඇත්තේ කෙසේදැයි ආගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කල්පානා කරති.

ආගමන නිලධාරීන්ට අනුව, ලංකාවේ සාමාන්‍ය පුරවැසියන් බවට පත්වීමට බලාපොරොත්තු වන ද්විත්ව පුරවැසියන්, ඒ සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු භාර ඇමතිවරයාට (දැන් වජිර අබේවර්ධන) ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය. පිටරටක පුරවැසිභාවය අත්හළ යම් ඉල්ලුම්කරුවකුට ලංකාවේ පුරවැසිභාවය ප්‍රධානය කරනවාදැයි යන්න පිළිබඳ ඇමති විසින් සලකා බැලෙන්නේ පැහැදිළි මහජන ප්‍රතිපත්තියක් මතය.එහෙත්, ඇමතිවරයාට එවැනි ඉල්ලීමක් ගෝඨාභය විසින් තවමත් කර ඇති බවට කිසිම සාක්ෂියක් නැත.

මේ සම්බන්ධයෙන්ද ෂෝට්කට් එකක් සොයාගැනීමට ගෝඨාභය රාජපක්ෂ සමත් වී තිබේ. තමාගේ පැරණි ජාතික හැඳුනුම්පතෙන් ඔහු එම ගමන්බලපත්‍රය සඳහා ඉල්ලීම කළේනම්, ගමන්බලපත්‍ර පාලක පරිගණක පද්ධතිය ඔහු ද්විත්ව පුරවැසියෙකු බව හඳුනා ගන්නවා ඇත. ඒවගේම ඔහුගේ ගමන්බලපත්‍රය ත්‍රීපුද්ගල විශේෂ මහාධිකරණය විසින් සිය භාරයට ගෙන ඇති බව එහි දැක්වෙනවා ඇත. (ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමට මහජන මුදල් භවිත කළේය යන්න චෝදනාව මත එම විශේෂ මහාධිකරණය ඔහුට විරුද්ධව නඩුවක් විභාග කරන අතර, ගමන බලපත්‍රය එම අධිකරණය භාරයේ පවතී.)

ගෝඨාභය රාජපක්ෂ අලුත් ජාතික හැඳුනුම්පතක් ලබා ගත්තේය. එහි ඇත්තේ අලුත් අංකයකි. ඒ නිසා, එම හැඳුනුම්පත් අංකය සමග ඔහුගේ පරන ඉතිහාසය ඈඳෙන්නේ නැත. එම ජාතික හැඳුනුම්පත යොදා ලබාගත් ගමන් බලපත්‍රයෙනි ඔහු බයිපාස් සැත්කමක් සඳහා සිංගප්පූරුවට යන්නේ.

ආගමන විමර්ශකයන් සැකකරන්නේ, ගෝඨාභය රාජපක්ෂ නීතියට පිටින් ගත් ගමන් බලපත්‍රය ලබාගෙන ඇත්තේ දේශපාලන බලපෑමකින් විය හැකි බවයි. සිය ඇමෙරිකානු පුරවැසිභාය අත්හැරීමට ප්‍රථම ඔහුට ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාගත හැකි වන්නේ ඒ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඇමතිවරයාගේ තීරණය මත රඳාපවතින නිසාය. ඇමතිවරයාගේ අභිමතය අවශ්‍ය වන අනෙක් අවස්ථාවලදී මෙන් නොව, මේ අවස්ථාවේදී ද්විත්ව පුරවැසිභාවය ලබාදීම හෝ ඉවත්කිරීම, හෝ පුරවැසිභාවය ආරම්භ කිරීම සම්බන්ධයෙන් විෂයභාර ඇමතිවරයාගේ අභිමතය ගැන අධිකරණය ඉදිරියේ අභියෝග කිරීම ඉතාම දුෂ්කර කාර්යයකි. හේතුව, පුරවැසිභාවය පිළිබඳ පනතෙන්, ඇමතිවරයාගේ මේ තීරණය, අවසානාත්මක හා කිසිම අධිකරණයකදී ප්‍රශ්න කළ නොහැකි යැයි සඳහන් වන නිසාය.

මේ විස්තර අපට පැහැදිළි කරන්නේ තමන්ට වුවමනා විදිහට නීතිය නවමින් පුරවැසිභාවය පිළිබඳ ජිමික් දමමින් ගෝඨාභය රාජපක්ෂ රට රවටන බව නොවේද?

Top