Political

එන්න ඕන කාලෙත් දන්නවා…… යන්න ඕන කාලෙත් දන්නවා…… ශක්තිමත් රටක් ගොඩනගන්න ජන වරම දෙන්න, සජිත් ඇල්පිටියෙන් ඉල්ලයි!

Sep 29, 2019  – ඉදිරි ජනාධිපතිවරණය ජයගැනීම සඳහා තමන් වෙත අවස්ථාව ලබාදෙන්නැයි එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඇල්පිටිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ බෙන්තර ඇල්පිටිය ආසන බලමණ්ඩල රැස්වීමට අද (29) එක්වෙමින්.

එක්සත් ජාතික පක්ෂ බෙන්තර ඇල්පිටිය ආසන බලමණ්ඩල රැස්වීම පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ඇල්පිටිය පක්ෂ කාර්යාලයේදී අද පෙරවරුවේ පැවැත් විය.

එහිදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට රැස්ව සිටි ජනතාවගෙන් හිමිවුණේ උණුසුම් පිළිගැනීමක්.

එම අවස්ථාවේ ආබාධිත රණවිරුවන් පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සමඟ සිය ගැටලු ඉදිරිපත් කළේය.

එහිදි අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ තමන් ළඟ හොර දේවල් නොමැති බවත් තමන් බොහොම පිරිසිදු පුද්ගලයෙක් බවත්ය.

එහිද වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ,
“බොක්කෙන් කියන්නේ’මට විශ්‍රාම ගියාම අහන්න අවශ්‍ය දේ.ඇල්පිටිය ජනතාවගෙන් ආදරෙන් ඉල්ලනවා. මට මේ අවස්ථාව දෙන්න. එන්න ඕනේ කාලෙත් දන්නවා,යන්න ඕනේ කාලෙත් දන්නවා. තනතුරුවලට එන්න බයත් නැහැ,යන්න ඕනේ කාලේ ආවම මම යනවා. ජනතාව යන්න කියනකම් මම ඉන්නේ නැහැ,මට ඉවසන්න පුළුවන් කාල සීමාව. ප්‍රතිවාදියාගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්ද? ඔළු පලාගෙන ගෙදර යන්න වෙයි. මගේ හැකියාව ගැන මට විශ්වාසයි.ඔබ මාව පත්කළාට පස්සේ.විදෙස් ගමන් යද්දී, සාමාන්‍ය ජනතාවගේ පසුම්බියට රටට එකතුවක් වෙන විදිහටයි කටයුතු කරන්නේ ශක්තිමත් රටක් නිර්මාණය කරනවා.”

මේ අතර එක්සත් ජාතික පක්ෂ කොළොන්නාව විශේෂ බලමණ්ඩල රැස්වීමක් අද පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

Top