LNN SPY

මැතිවරණ කොමිෂන් සභාපති තනිවෙයි……. අනෙක් දෙදෙනාගේ සහය දේශප්‍රියට නෑ…… රෑට රෑට බොන්න ගොහින් වැඩ වරද්ද ගත් මහින්ද!

Published on – Oct 17, 2019 – මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (16) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රාජ්‍ය මාධ්‍ය වෙත අභියෝගයක් ලබා දුන්නා. එනම් රාජ්‍ය මාධ්‍ය අපක්ෂපාතිව ක්‍රියා කල යුතු බවටත් එසේ  නොකරන්නේ නම් ඒ වෙනුවෙන් තදබල පියවරක් ගන්නා බවත්ය. එසේම සභාපතිවරයාගේ මෙම ප්‍රකාශය රාජ්‍ය මාධ්‍ය විසින් ප්‍රචාරය කරන්නේ ද යන අභියෝගයද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලබා දුන්නා.

රටක මාධ්‍ය රාජ්‍ය හෝ වේවා පෞද්ගලික හෝ වේවා මාධ්‍ය සදාචාරය හා ආචාර ධර්ම සියල්ලටම පොදු වේ. එසේම ජනාධිපතිවරණයක පැවැත්වෙන සමයක මාධ්‍ය සතු වගකීම රජයේ මාධ්‍ය පෞද්ගලික මාධ්‍ය ලෙස වර්ගකළ යුතු නැති බවයි අපේ අදහස වන්නේ. රජයේ මාධ්‍ය වල අපක්ෂපාතී බව හොයන මහින්ද දේශප්‍රිය මහතා පෞද්ගලික මාධ්‍ය එලි පිටම රෙදි නැතුව ගෝඨාභය රාජපක්ෂ වෙත කඩේ යන ආකාරය හා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම නොදකින අරුමය නම් පුදුම සහගතය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ මේ හැදි දෙකෙන් බෙදීමේ රහස පිටුපස සිටින්නේ බැසිල් රාජපක්ෂ බවද පෙරේදා (15) වෙනිදා රාත්‍රියේ බැසිල් රාජපක්ෂ හා මහින්ද දේශප්‍රිය අතර රහසිගත හමුවක් පැවති බවද අප දේශපාලන වාර්තාකරු සඳහන් කළා.

කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක විශේෂ ප්‍රභූ කුටියක මෙම හමුව සිදුවී ඇති අතර ලෝකයේ ඉහළම පෙලේ මත්පැන් බෝතල කිහිපයක් බැසිල් රාජපක්ෂ ත්‍යාග වශයෙන් ගෙනවිත් සාකච්ඡාවට පෙර මේසය මත තැබූ බවත් අප දේශපාලන වාර්තාකරු සඳහන් කළා.

සාකච්ඡාව සම්පූර්ණයෙන්ම යොමු වී තිබුණේ පසුදිනට පැවැත්වීමට නියමිත මාධ්‍ය සාකච්ඡාව කෙරහි බවයි වාර්තාකරු සඳහන් කළේ. එහිදි මාධ්‍ය භාවිතය පිළිබඳව මහින්ද දේශප්‍රිය වෙත උපදෙස් දෙමින් බැසිල් රාජපක්ෂ සඳහන් කොට ඇත්තේ පෞද්ගලික මාධ්‍ය ගැන සිය පාර්ශවය වග බලා ගන්නා බවත් රාජ්‍ය මාධ්‍ය සමබර කිරීමේ වගකීම මහින්ද දේශප්‍රිය විසින බාරගත යුතු බවත් ය.

ඒ සමඟ ම මහින්ද දේශප්‍රිය විසින් එයට පිළිතුරු ලබා දෙමින් සඳහන් කොට ඇත්තේ තමා හා සමාන බලය ඇති තවත් කොමසාරිස්වරුන් දෙදෙනෙකු කොමිසමේ සිටින බවත් ඔවුන් දෙදෙනාගේ අදහස්වලට පටහැනිව ක්‍රියා කළ නොහැකි බවත් ය.

එසේම තමා අනවශ්‍ය ලෙස රාජපක්ෂලාට පක්ෂව ක්‍රියාකරන බව අනෙකුත් කොමසාරිස්වරුන් දෙදෙනාගේ අවධානයට ලක් වී ඇති බැවින් කොමිසම තුළ තමන් තනිවී සිටින බවත් තමාගේ උපකාරය සීමා සහගත විය හැකි බවත් මෙහිදි දේශප්‍රිය බැසිල් වෙත පවසා තිබෙනවා.

කෙසේවෙතත් මහින්ද දේශප්‍රිය හා බැසිල් රාජපක්ෂ අතර ඇති මෙම අසමාන්‍ය බැදීමේ විස්තර අපි මෙයට පෙරද අනාවරණය කර ඇති අතරම කොළඹ ලොකු ලොකු හෝටල්වල යක්කු ගස් යන යාමය වන තෙක් කරටි කැඩෙන්න ගහන මැතිවරණ කොමසාරිස්වරයා පඩි පෙලකින් බිමට වැටි සිය වම් පාදය බිදගෙන ඇති බවද අපි අනාවරණය කළා.

2015 දී ද ජනාධිපතිවරණයක් පැවති බවත් තමා එවිටද මැතිවරණ කොමසාරිස් බවත්, ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය මාධ්‍ය යනු රාජපක්ෂ පවුලේ මාධ්‍ය බවට පත්ව තිබූ බවත් මහින්ද දේශප්‍රිය වෙත අමතකව ඇත්තේ මෙම අසමාන්‍ය බෝතල් පාට්නර්ශිප් එක නිසා බව නම් පැහැදිළිය.

සිය ප්‍රතිවාදියා වන මෛත්‍රීපාල සිරිසේන ට මඩ ගසන්න මහින්ද රාජපක්ෂ ස්වාධින රූපවාහිනියේ එවකට නියෝජ්‍ය සමාන්‍යාධිකාරි ලෙස කටයුතු කළ සුදර්මන් රදලියගොඩ හරහා ITN එකේ කැමරාව, වාර්තාකරු හා අනෙකුත් රාජ්‍ය දේපල අවභාවිත කළ ආකාරය ද මැතිවරණ දැන්වීම වෙනුවෙන් තවමත් මහින්දරාජපක්ෂ ITN වෙත ණය බවද  බැසිල්ගේ රට ලේබල් බෝතලයට පිං සිදු වන්නට දේශප්‍රිය මහතාට අමතක වී ඇත.

කෙසේවෙතත් මහින්ද දේශප්‍රිය මේ අකාරයෙන් පක්ෂපාතීව කටයුතු කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ අනෙකුත් කොමසාරිස්වරුන්ගේ දැඩි විවේචනයට ලක් ඇති බවයි වාර්තා වන්නේ. එම හේතුව නිසාම පක්ෂපාතී ලෙස මහින්ද දේශප්‍රිය විසින් සිදු කරන කිසිදු තීරණයකට එම කොමසාරිස්වරුන් සිය අනුමැතිය ලබා නොදෙන බව ප්‍රකාශ කොට ඇති බවද වාර්තා වෙනවා. මේ හේතුව නිසා මැතිවරණ කොමසාරිස්වරයා කොමිසම තුළ හුදකලා තත්ත්වයට පත් ව ඇති අතර ස්වාධීන කොමිෂන් සභාවක සභාපතිවරයා වශයෙන් මැතිවරණ කොමසාරිස්වරයාගේ දැඩි පක්ෂ්පාති බව පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පවා අවධානය ලක් වී ඇති බවයි වාර්තා වන්නේ.

Top