LNN SPY

රාජ්‍ය මාධ්‍යයට බුරන මහින්දගේ කටු කන දේශප්‍රිය…., ඇල්පිටියේ නටපු නාඩගම මෙන්න……මැතිවරණ කොමිසම දෙකඩ වෙයි…….

Published on – Oct 23, 2019 මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් නිරන්තරයෙන් රාජ්‍ය මාධ්‍ය වල පුවත් ප්‍රකාශ හා වැඩ සටහන් විවේචනය කිරීමත් සිය පුවත් ප්‍රකාශ හා දේශපාලන වැඩසටහන් හරහා ඇති වෙන්න ගෝඨාභය රාජපක්ෂට කඩේ යමින් ඉතා නිර්දය ලෙස හා අසත්‍ය පුවත් පතුරවමින් සජිත් ප්‍රේමදාස ඇතුළුව අනෙකුත් අපේක්ෂකයන්ට මඩ ගැසීම පිළිබඳව නිද්‍රාශීලි ක්‍රියා පිළිවෙළක් ආරම්භ කිරීමත්  මැතිවරණ කොමිසම තුල හා සමාජය තුළ දැවැන්ත කතා බහක් ඇති කිරීමට සමත් ව තිබෙනවා.

මාධ්‍ය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා ගෙන යන මේ දෙබිඩි පිළිවෙළ හා රාජ්‍ය මාධ්‍ය ඉදිරියේ වියරු වැටුණු බල්ලෙකු සේ බුරා හැළුනද පෞද්ගලික මාධ්‍ය හමුවේ සුවච කීකරු බලු පැටියෙකු සේ නැට්ට වැනීමත් මැතිවරණ කොමිසම් සභාවේ අනෙකුත් කොමසාරිස්වරුන් දෙදෙනා පවා මවිතයට පත් කොට තිබෙනවා.

රාජ්‍ය මාධ්‍ය පාලනයේ දි හා නියාමනයේදි සභාපතිවරයාගේ බලතල පවා ඉක්මවා යමින් කටයුතු කරන්නේ මැතිවරණ කොමිසමේ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයෙකු ලෙස සේවය කරන චන්න නැමැත්තා වන අතර ඔහු රාජපක්ෂ පවුලේ කටු සූප්පු කරන තවත් සුනඛ පෝතකයෙක් බව චන්න ගේ පැටිකිරිය දන්නා කිසිවෙකුට රහසක් නොවේ. කෙසේවෙතත් මහින්ද දේශප්‍රිය, චන්න සුසංයෝගය මෙලෙස රාජපක්ෂවරුන් කෙරෙහි පක්ෂපාතිව මහජනතාවට අයත් ස්වාධීන කොමිෂන් සභාවක බලතල මෙහෙයවීම මැතිවරණ කොමිසමේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියල්ලන්ගේම විවේචනයට ලක් ව තිබෙන අතර මේ වන විට මහින්ද දේශප්‍රිය හාරාජපක්ෂ කදවුරට කඩේ යන අතලොස්ස හා ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන පිරිස ලෙස මැතිවරණ කොමිෂන් සභාව තුළ බෙදීමක් හට ගෙන ඇත.

2015 දි අමු අමුවේ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රාජ්‍ය මාධ්‍ය ආයතන සිය දේශපාලන පටු අරමුණු වෙනුවෙන් යොදා ගනිමින් සුදර්මන් රදලියගොඩලා වැන්නන් හරහා රාජ්‍ය මාධ්‍ය අවභාවිත කිරීමේ දි එවකට ද මැතිවරණ කොමසාරිස් වූ මහින්ද දේශප්‍රිය දෙකොන වසා නිශ්ශබ්දව සිටි ආකාරය අපට හොදින් මතකය.

එසේ තිබියදි 2019 දි මෙලෙස මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා බුරා හැලෙන්නේ බැසිල් රාජපක්ෂ සමඟ ඇති සම්බන්ධය නිසා බව අප මීට පෙර කිහිප වතාවකම අවධාරණය කර ඇත්තෙමු.

ලංකා නිවුස් වෙබ් විසින් ඔක්තෝබර් 17 වෙනිදා අනාවරණය කළ
“මැතිවරණ කොමිෂන් සභාපති තනිවෙයි……. අනෙක් දෙදෙනාගේ සහය දේශප්‍රියට නෑ…… රෑට රෑට බොන්න ගොහින් වැඩ වරද්ද ගත් මහින්ද!” ලිපියේ මේ බව පැවසූ අතර එහි උපුටා ගැනීම පහත වේ.

“කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක විශේෂ ප්‍රභූ කුටියක මෙම හමුව සිදුවී ඇති අතර ලෝකයේ ඉහළම පෙලේ මත්පැන් බෝතල කිහිපයක් බැසිල් රාජපක්ෂ ත්‍යාග වශයෙන් ගෙනවිත් සාකච්ඡාවට පෙර මේසය මත තැබූ බවත් අප දේශපාලන වාර්තාකරු සඳහන් කළා.

සාකච්ඡාව සම්පූර්ණයෙන්ම යොමු වී තිබුණේ පසුදිනට පැවැත්වීමට නියමිත මාධ්‍ය සාකච්ඡාව කෙරහි බවයි වාර්තාකරු සඳහන් කළේ. එහිදි මාධ්‍ය භාවිතය පිළිබඳව මහින්ද දේශප්‍රිය වෙත උපදෙස් දෙමින් බැසිල් රාජපක්ෂ සඳහන් කොට ඇත්තේ පෞද්ගලික මාධ්‍ය ගැන සිය පාර්ශවය වග බලා ගන්නා බවත් රාජ්‍ය මාධ්‍ය සමබර කිරීමේ වගකීම මහින්ද දේශප්‍රිය විසින බාරගත යුතු බවත් ය.”

එසේම ඔක්තෝබර් 04 වෙනිදා “නාටක මාරයි, 7 වෙනිදා මාරයි…… ගෝඨා වෙනුවට චමල්……. මහින්දගේ අලුත්ම නාටකය මෙන්න……!” යන මැයෙන් පලවූ ලිපියේ ද අපි මහින්ද දේශප්‍රිය බැසිල් සම්බන්ධතා හෙළි කළෙමු.

උපුටා ගැනීම,

“චමල් රාජපක්ෂ ජනාධිපතිවරණ සටනට අවතීර්ණ වන්නේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ ආරාධනාවෙනි. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන සාධාරණ මැතිවරණයක් සඳහා කැපවන සත්ගුණවත් මැකෝ හට හදිසියේම රාජපක්ෂවරුන් කෙරෙහි ඇති වූ උණු වෙන හදවත පිළිබඳව සොයා බැලීමේදි අනාවරණය වූයේ චමල් රාජපක්ෂට මැකෝගේ ආරාධනාව පිටුපස සිටින්නේ මැකෝ හා එකට සාද දැමු මැකෝගේ බොනපාට් සගයා බැසිල් රාජපක්ෂ බවයි.

බැසිල් රාජපක්ෂ හා මහින්ද දේශප්‍රිය අතර පසුගිය මාස කිහිපයේ ඇතිවූයේ අසීමිත මිත්‍රත්වයකි. එම මිත්‍රත්වයේ හස්තය කෙතරම් දිගු වූවේද කියතොත් කරට් කැඩෙන්න ගැසූ බැසිල් රාජපක්ෂ ද මහින්ද දේශප්‍රිය ද එකට සිටින අවස්ථා ගණන සුලභ විය. එවන් මිතුදමින් බැඳී ගිය එක දිනක මැකෝ හෝටල් පඩිපෙලකින් බිමට කරණමක් ගැසු අතර එම කරණමේ ආනුභාවයෙන් තුවාල වුණ වම් පාදය සහිතව තවමත් මැකෝ ඇවිදින්නේ අත්වාරුවක් සහිතවය.

සිය මිතුරාගේ ඉල්ලීමට මිතුරාගේ ලොකු අයියාට ඡන්දය ඉල්ලන ලෙස මැකෝ පැවසු අතර ඒ හරහා ගෝඨාට බැරි වුනොත් රාජපක්ෂ පවුලේ බලය රැකගන්න චමල්ට හැකිවන පරිදි පිඹුරුපත් සකසා අවසන්‍ ය.”

ඒ අනුව බැසිල් රාජපක්ෂගේ රූකඩය බවට පත් වූ මැතිවරණ කොමිසම් සභාපතිවරයා මෙලෙස දෙබිඩි ක්‍රියා පිළිවෙතක් අනුගනය කරන බව ඉතා පැහැදිළි අතර මේ හරහා 2019 ජනාධිපතිවරණ ප්‍රතිඵලය පවා විශ්වසනීයභාවයෙන් ලබා දීමට මැකෝ කටයුතු කරාවි දැයි යන සාධාරණ සැකය මතුවෙමින් පවති.

ඇල්පිටිය පළාත් පාලන මැතිවරණය රාත්‍රියේ මහින්ද දේශප්‍රිය විසින් නිල වශයෙන් මැතිවරණ ප්‍රතිඵලයට අත්සන් තැබීමටද පෙර නිල ඡන්ද ප්‍රතිඵලය විකාශය කළ දෙරණ නාලිකාවට සත්තම දමා, තමා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන බවද මින් මතු කිසිම දිනක මැතිවරණයක් වාර්තා කිරීමට ඉඩ ලබා නොදන බවද පැවසූ මහින්ද දේශප්‍රිය විසින් මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැත.

ඇල්පිටිය ඡන්දය පැවති දිනයේ ඇල්පිටිය කාර්මික විද්‍යාලයේදි දෙරණ එරෙහිව යුද්ධය ප්‍රකාශ කල මහින්ද දේශප්‍රිය ඒ වන විට කරටි කැඩෙන්නට පානය කොට පදමට සූර් වී සිටි බවද වෙරි මතින් සද්දය දැම්මද පියවි සිහියට පැමිණි පසු දෙරණ පාලනය කිරීමේ අවශ්‍යතාවයක් හා හැකියාවක් මහින්ද දේශප්‍රියට නොතිබූ බව අප වාර්තාකරුවන් විසින් අනාවරණය කොට ගෙන ඇත.

මැතිවරණය පැවති දිනයේ වරින් වර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත පැමිණියද මහින්ද දේශප්‍රිය දවසේ වැඩි කාලයක් ගත කොට ඇත්තේ ඇල්පිටිය පොදුජන පෙරමුණේ සභාපති අපේක්ෂකයාගේ නිවසේ වන අතර මැතිවරණ කොමසාරිස්වරයා වෙනුවෙන් විදේශිය මත්පැන්, ෂැන්ඩි, බයිට්ස් හා ආහාර සපයා දීම සිදු වී ඇත්තේ එම නිවසේදි ය.

මුළු දවසම මත්පැනින් හොඳට බඩ කට පුරා සන්තර්පනය වී ඇති මහින්ද දේශප්‍රිය සිය තනියට රත්නපුර දිස්ත්‍රික් මැතිවරණ ලේකම් සුරංග අඹගහවත්තද සම්බන්ධ කොට ගෙන ඇත. දෙන්නා එකතු වී හොදින් කා බී වරින් වර ඡන්දය ගනන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ද ගොස් ඇත.

කෙසේවෙතත් සිය උපන් ගම් ප්‍රදේශයේ ඡන්දයක් බැවින් රාත්‍රිය වන විට මහින්ද දේශප්‍රියගේ ගමේ කැක්කුම, ගමේ ගතිය හිස ඔසවා ඇති අතර උදේ සිට ඇඟට වැටුණු මිල අධික විදේශිය මත්පැන් සාරයද එයට පෝෂණය සපයා ඇත.

අවසානයේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමට ආසන්න වන විට මහින්ද දේශප්‍රියගේ සූර් වීම උච්චස්ථානයට පැමිණ ඇති අතර ඇල්පිටිය මැතිවරණයේ කාර්යයභාර නිලධාරි ලෙස කටයුතු කළ මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයෙකු වන සමන් රත්නායක වෙත සිය රාජකාරිය කිරීමට පවා අපහසු වන ලෙස හැසිරී ඇත.

මෙහිදී පොර ටෝක් දෙමින් කරන කරන සැම වැඩයම විවේචන කරමින් අනම් මනං දොඩවන මැතිවරණ කොමිෂන් සභාපතිවරයා කෙරෙහි රතු කට්ට ඉක්මවා ගිය සමන් රත්නායක පවසා ඇත්තේ “සර් සභාපති වුණාට කමක් නෑ අපිට වැඩේ කරගන්න දීලා පැත්තකට වෙලා සිටින” ලෙසයි.

මේ සමඟ මැතිවරණ කොමසාරිස්ගේ යක්ෂයා අසුහාරදාහසට ආරූඩ වී ඇති බවත් එතැන සිටි සියල්ලන්ටම බැන වැඩි කාර්මික විද්‍යාලයෙන් පිටවි යන්නට ආසන්න වෙද්දි දෙරණේ නසරාණි වැඩේ වාර්තා වී ඇති බවත් අප වාර්තාකරුවන් අනාවරණය කොට ගෙන තිබෙනවා.

ඒ අනුව එදා මැතිවරණ කොමසාරිස්වරයා සද්දය දමා මැතිවරණ ප්‍රතිඵලය පවා අත්සන් නොකොට පිටව ගොස් ඇත්තේ දෙරණ සමඟ කේන්තියෙන් නොව තමන්ගේ ගොං ජෝක් ඉවසා නොසිටි අපක්ෂපාති රාජ්‍ය සේවකයන් හා කේන්තියෙන් බවයි වාර්තා වන්නේ.

ජනතාවට අයත් ස්වාධීන කොමිෂන් සභාවක සභාපතිවරයා මෙලෙස රාජපක්ෂවරුන්ට පමණක් පක්ෂපාතීවීම හා ජනතාව කෙරෙහි අපක්ෂපාති නොවීම බරපතළ ප්‍රශ්නයක් ඇති කොට ඇති අතර රටේ ජනාධිපතිවරණයක් කැඳවා ඇති මොහොතක මැතිවරණ කොමසාරිස්වරයාගේ මේ අපක්ෂපාතී නොවන, වගකීම් විරහිත බව දැඩි ලෙස ප්‍රශ්න කළ යුතු කාලය පැමිණ ඇත.

 

Top