LNN SPY

යන එන මං නැති ශ්‍රිලනීප,පොහොට්ටු කාරයෝ තවත් ගිවිසමක් ගහයි…. මහින්ද කපා ගෝඨා මුලට ගනී… ජනාධිපතිවරණයේන් පසුව පොහොට්ටුව සුනේ සුන්…

Published on: Oct 30, 2019- ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්‍ෂ 15ක් එක්ව පිහිටුවන ‘ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය’ සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම එම දෙපාර්ශවයේ නායකයින්ගේ සහභාගීත්වයෙන් කොළඹ නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී හෙට (31) සිදු කිරිමට නියමිතයි.

මෙහි සම නායකයින් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් පත්කෙරෙන අතර සභාපති, මහලේකම්, සමලේකම්, උප සභාපති ආදී සෙසු තනතුරු සඳහා පුද්ගලයින් නම්කිරීම ජනාධිපතිවරණයෙන් පසුව සිදු කිරිමට නියමිතව තිබේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය සහ මහජන එක්සත් පෙරමුණ ඇතුළු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන පක්ෂ 15ක් එම ගිවිසුමට අත්සන් තැබීමට නියමිත අතර මේ වනවිට මහින්දවාදින් එම ගිවිසුමට දැඩි ලෙස විරෝධතාව දක්වා තිබේ.

මේ සම්බන්ධයෙන් අප දේශපාලන වාර්තාකරු සමග ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු අනාවරණය කර ඇත්තේ බහුතර පක්ෂ කැමත්ත දක්වන පුද්ගලයා අගමැතිවරයා ලෙස පත්කර ගැනිමට හැකියාව ඇති වන අකාරයට අදාල ගිවිසුම සකස් කර තිබේන බවයි.

ඉදිරි මහ මැතිවරණය ඇතුළු මැතිවරණවලදී ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ ‘පුටුව’ ලකුණින් තරග කිරීම මෙම ගිවිසුමට අනුව සිදුවිය යුතු අතර ඒ හෙතුවෙන් පොහොට්ටුව අතහැර දැමිමට සිදුවිම මේම විරෝධයට හේතු  තිබේ.අනිත් අතට අදාල ගිවිසුමේ මුලික කොන්දේසියක් වන බහුතර පක්ෂ වල කැමත්ත මත අගමැතිකම ලබා දිමට සිදුවිමද විරෝධතාව උග්‍ර විමට හේතු වි තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මෙම් ගිවිසුමට අනුව ප්‍රබල පාර්ශ්වයන් දෙක බවට පත්වන අතර ගිවිසුමට අනුව ගෝඨාභය පරාජය විමෙන් පසුවද ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට තනිවම මැතිවරණයකට ඉදිරිපත් විමට අවස්ථාවක් උදා නොවනු ඇත.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ගණිකාවක් මෙන් අවස්ථා දෙකකදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමග ගිවිසුම් ගතවු අතර මුලින්ම පක්ෂය සමගත් පසුව අපේක්ෂකයා සමගද ගිවිසුමකට එළඹීමට ශ්‍රිලනිප අනාත කණ්ඩායම කටයුතු කර තිබේ.

 

Top