LNN SPY

සජිත්ගෙ ආණ්ඩුවේ ආරක්ෂක වගකිම ෆොන්සේකාට! අගමැති හෝ වෙන ඇමතිකම් සම්බන්ධයෙන් තින්දුවක් නෑ…. රට කෙලෙසූ,සුරා කෑ කිසිම කෙනෙක්ට නව රජය තුළ පත්වීම් නෑ …

Published on: Oct 31, 2019- තමාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව ලබා දෙන්නවා යැයි මේ වන විට සදහන් කර ඇත්තේ නීතිය හා සාමය පිළිබද අමාත්‍යය දුරය පමණක් බවත්,ඉදිරි පාලනයේදී වංචාව, දුෂණය, හොරකම, රටේ සම්පත් මංකොල්ල කෑම් සිදුකළ පුද්ගලයින්ට තනතුරු ලබා නොදෙන බව  ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

දඹුල්ල ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

“මෙවර ජනාධිපතිවරණ ජයග්‍රාහණයෙන් පසුව ලබා දෙනවා කියා අපි නම් කර තිබෙන්නේ එකම එක තනතුරයි.රටේ ජාතික ආරක්ෂාව,රටේ ආරක්ෂාව ගැන සලකා රටේ නීතිය හා සාමය පිළිබද අමාත්‍යය වරයා පමණයි මම තීන්දු කර තිබෙන්නේ.මම එය ලබා දුන්නේ පුද්ගල හිතවත් කමක් නිසා නෙමෙයි.රටට සේවය කළ ,යුද්ධය දිනපු සරත් ෆොන්සේකා මැතිතුමාට විතරයි.දක්ෂතාවය ,කුසලතාව හැකියාව නිපුනත්වය මත ඒ තනතුර භාරදුන්නේ.ඒ පත්වීම ආදර්ශයට ගන්න.ඉදිරියේදී මගේ අත්සනින් පත්වීමක් ගන්නව නම් එය තමයි මිනුම් දණ්ඩ.රට සුරාකාපු ,හොරා කපු කිසිම කෙනෙකුට සජිත් ප්‍රේමදාසගෙන් අත් සන් ලබා පත්වීමක් දෙන්නේ නැහැ.රට කෙලෙසූ,සුරා කෑ කිසිම කෙනෙක්ට නව රජය තුළ පත්වීම් නැහැ.දුෂණය ,වංචාව,හොරකම,රටේ සම්පත් මංකොල්ලා කාලා තියනවද යන්න සොයා බලා තමයි මම මගේ රජයේ පත්වීම් ලබා දෙන්නේ.” සජිත් ප්‍රේමදාස සඳහන් කර සිටියා.

මේ අතර ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස කිසිම ගිවිසුමකට හෝ කොන්දේසියකට යටත් නොවන බව අමාත්‍ය අජිත් පී. පෙරේරා සඳහන්කළා .

“අපි හොඳටම දන්නවා සජිත් ප්‍රේමදාස මැතිතුමා කිසිම ආකාරයේ කොන්දේසියකට, ගිවිසුමකට කිසි කෙනෙක් සමඟ යටත් වී නෑ කියලා. අපේක්ෂකත්වය ගන්නකොට කිසිදු කොන්දේසියකට, ගිවිසුමකට යටතෙ වුණේත් නෑ. මේ මැතිවරණ ව්‍යාපාරය තුළ කිසිම කොන්දේසියකට යටත් වෙන්නේත් නෑ. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ විශ්වාසය මත පදනම් වෙලා එතුමා සමඟ එක්ව කටයුතු කරන පිරිස හා සමඟ තමයි එතුමාගේ දේශපාලනය කරන එක තමයි එතුමාගේ ක්‍රමය. බොහෝම පැහැදිළියි එහෙම ගිවිසුමක් ගැන කතා කරන එකෙන් මේ මැතිවරණයේ ගැම්මක් ගන්න බෑ.” අමාත්‍යවරයා

Top