LNN SPY

රාජපක්ෂ භීෂණය හිස ඔසවයි…….. වෙලගමගේ ජිවිතෙත් අනතුරේ………

Published on- Nov 1, 2019 තමන්ට අවතන නොවන අය කෙසේ හෝ අවනත කර ගැනීම හෝ අවනත නොවේ නම් ඔවුන් අදාළ ප්‍රශ්නයෙන් ඉවත් කිරීම රාජපක්ෂ සමාගමට හා එහි හෙංචයියන්ට අමුත් දෙයක් නොවේ.

රාජපක්ෂ පාලනය තිබුණ්යි ඒ අදුරු දශකය තුළම හොඳන් හෝ නරකින් තමන්ට අවාසිදායක පුද්ගලයන් තාවකාලිකව හෝ සදහටම ඉවත් කිරීම රාජපක්ෂවරුන් සිය නිල බලයෙන්, දේශපාලන බලයෙන් මැර බලයෙන් සිදු කළ ආකාරය අමතක නොවේ.

සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග, මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැලිගොඩ, වැළිකඩ බන්ධනාගාරයේ දි ඝාතනය වූ සිරකරුවන්, කටුනායක රොෂේන් චානක, රතුපස්වල දි ඝාතනය වූ පුද්ගලයින් එලෙස තමන්ට අවාසි නිසා රාජපක්ෂවරුන් සදහටම ඉවත් කළ කණ්ඩායමින් කොටසකි.

කීත් නොයාර්, පෝද්දල ජයන්ත වැනි අය පහර දී තර්ජනය කොට තාවකාලිකව ඉවත් කළ පුද්ගලයන් ය.

2019 ජනාධිපතිවරණයේදි අනිවාර්යයෙන්ම රටේ ජනාධිපති වීමට සිතා සිටින ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ තුන් කට්ටුව නැවතත් බලය ලබා ගැනීමට ද ප්‍රථමව සිය සුපුරුදු මර්දනකාරී තත්ත්වයට අවතීර්ණ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම විසින් සිදු කළ ප්‍රකාශයක් හරහා තහවුරුවිය.

ඊයේ (31) රාත්‍රියේ ස්වාධීන රූපවාහිනියේ සංවාදය වැඩසටහන සඳහා එක්වෙමින් කුමාර වෙල්ගම සඳහන් කළේ සිය ජීවිතයට අනතුරක් ඇති බවය. පසුගියදා සිය නිවසට ඇතුලු වූ පුද්ගලයා හොරෙකුවත් කුඩුකාරයෙක්වත් නොව තමාගේ කට වැඩි නිසා තමාව මට්ටු කිරීමෙ අරමුණින් පැමිණි පුද්ගලයෙකු බවත් මන්ත්‍රිවරයා මෙහිදි පෙන්වා දුන්නා.

සිය කාමරයට පමණක් ඇතුළු වීමත්, කාමරයේ තිබු කිසිම වටිනා ද්‍රව්‍යයක් හොරකම් නොකිරීමත්, පොලිස් පරීක්ෂණ කණ්ඩායම් වලට පවා ඇගිලි සළකුණු හොයා ගත නොහැකි වීමත් එම කාරණව තහවුරු කරන බවයි මන්ත්‍රිවරයා සඳහන් කළේ.

කුමාර වෙල්ගම මන්ත්‍රිවරයා විසින් සංවාදය වැඩසටහනේදි මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස් ඇතුලත් වීඩියෝව පහතින්. (දර්ශන උපුටා ගැනීම සංවාදායි වැඩසටහන – ITN)

කුමාර වෙල්ගම යනු මහින්ද රාජපක්ෂට පසුගිය වසර ගණනාවේදිම සහය පලකොට සර්පයා කවුදැයි දැන, මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට සිදු කිරීමට යන විනාසය දැන මහින්ද රාජපක්ෂ හා පොහොට්ටුවෙන් ඉවත් වූවෙක් වන අතර මේ වන විට හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා එක්වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය රැක ගැනීම වෙනුවෙන් පෙරමුණ ගෙන ක්‍රියා කරන්නෙකි.

රාජපක්ෂලාගේ පැත්තෙන් ගතහොත් කුමාර වෙල්ගම යනු කඩාකප්පල්කාරියෙකි. සිය සැලසුම් නිසි ලෙස ඉටු කරගැනීමට නොහැකි වන ලෙස කරුණු කෙලින් පවසන ප්‍රතිවාදියෙකි. එසේ නම් ගෝඨාභය රජ කරවීමට යන ගමනේදි අනිවාර්යයෙන්ම ඉවත් කළ යුතු සාධකයකි.

එසේනම් නැවතත් රාජපක්ෂ භීෂණය හිස ඔසවන්න පටන් ගෙන ඇති බව තහවුරුය.

Top