LNN SPY

මංගලගේ සංවාදය ගැන කොමිසමේ ලේ කකියයි… මැතිවරණ කොමිසමේ මැර කණ්ඩායමක් රූපවාහිනියට කඩා පනී… මහින්ද චණ්ඩි පාට් දමා කණ්ඩායම රැගෙන යයි…

Published on: Nov 7, 2019- මැතිවරණ කොමිසමේ සභාපතිගේ උණ ගත් පිරිසක් ජාතික රූපවාහිනියට පැන සේවකයන් භීතියට පත්කිරීමේ සිද්ධියක් අද සවස සිදුව ඇති බව අප කොළඹ දේශපාලන වාර්තාකරු සදහන් කළා.අද සවස MCC ගිවිසුම සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවිරගේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් ජාතික රූපවාහිනිය විසින් මුදල් අමාත්‍යාංශයේදි සිදුකර ඇති අතර පසුව එහි සංස්කරණය කිරිම සවස ජාතික රූපවාහිනියේ සංස්කරණය අංශය තුල සිදුකරමින් සිට තිබේ.

ඒ සමගම සුදු පැහැති වෑන් රථයකින් පැමිණී පිරිසක් තමන් මැතිවරණ කොමිසමේ නියෝජිතයන් ලෙස පෙනී සිටිමින් ප්‍රධාන පාලක මැදිරිය ඇතුලු දැඩි ආරක්ෂිත ප්‍රදේශ වලට ඇතුල් වි එහි සිදුවන දැ දුරකතන භාවිතයෙන් පටිගත කර තිබේ.පසුව ඉහළ කලමනාකාරිත්වය එම කණ්ඩායමේ අන්‍යයතාව සම්බන්ධයෙන් දිගින් දිගටම විමසා ඇති අතර පසුව මැතිවරණ කොමිසමෙන් කල විමසිමක්දි එවන් කණ්ඩායමක් එවා නැති බවට සදහන් කර තිබේ.

ඒ සමගම ජාතික රූපවාහිනියේ ප්‍රධාන ගේට්ටුව වසා දමා ආරක්ෂක අංශ කැදවා ඔහුන් රදවා ගැනිමට කටයුතු කර තිබේ.පසුව පැයකට පමණ පසු මැතිවරණ කොමිසමේ නං පචං සභාපති මහින්ද දේශ්‍රප්‍රිය එම ස්ථානයට පැමිණ සිය සුපුරුදු චණ්ඩිකම් ප්‍රදර්ශනය කර ආරක්ෂක නිලධාරින්ට මෙන්ම ආයතනයේ නිළධාරිටද බැණ වදිමින් රදවාගෙන සිටි කණ්ඩායම ඉවතට ගෙන තිබේ.

අදාළ කණ්ඩායමට මංගලගේ සංවාදය සම්බන්ධයෙන් ලැබුන පොහොට්ටු කාරයෙකුගේ පැමිණිල්ලකට අනුව අදාළ මැතිවරණ මැර කණ්ඩායම කඩා පැන ඇති අතර ඔහුන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන මැතිවරණ කාර්යාලය නිලධාරින් පිරිසක් බව අනාවරණය වි තිබේ.

පසුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ජාතික නාලිකාවේ ඉහළ කළමණාකාරිත්වයෙන් සමාව ඉල්ලා ඇති අතර පටිගත කරන ලද දුරකතන සියල්ලද රූපවාහිනියේ ආරක්ෂක අංශ වෙත ලබාදි තිබේ.

හිරූ,දෙරණ නාලිකා කක්කුසී කටවල් මෙන් අසත්‍ය පතුරුවමින් මාධ්‍ය ගණිකා වෘත්තීයේ යොදවමින් සිටියදි ඒ දෙස නොබලා පුස් පැටියෙකු මෙන් කෙදිරී ගාන මහින්ද ජතික නාලිකා ඉදිරියේ දත් විලිස්සා ගනිමින් හපා කැමට පැණිම ලැජ්ජාවට කරුණක් බව මහින්ද මතක තබාගත යුතුය.

Top