LNN SPY

ගෝඨා පරාදයි බැසිලුත් පිළිගනි….. රටේවත් ඉන්නේ නෑ, අමෙරිකාවට යනවා….. සිරගෙදරින් නතර වන බැසිල්ගේ ගමන මෙන්න!

Published on – Nov 14, 2019 2019 ජනාධිපතිවරණයට ඇත්තේ තවත් පැය 48 කට වඩා අඩු කාලයකි. මේ වන විට සියලු අපේක්ෂකයන් සිය ප්‍රචාරණය අවසන් කොටතිබෙනවා.

නමුත් ජනපති සටන ආරම්භයේ තිබු ප්‍රසාදය හෝ මේ වන විට රැක ගැනීමට අපොහොසත් වී ඇති පොහොට්ටුව මේ වන විට වෙනත් විවිධ ක්‍රියා මාර්ග වලින් සිය මැතිවරණ ව්‍යාපාරය ඉතා කූඨ ලෙස මෙහෙයවන බවත් අපි අනාවරනයකළා.

මේ  අතර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (13) පවත්වනු ලැබූවා එහිදි ඔහු සඳහන් කළේ මැතිවරණය පරාද වීමෙන් පසු තමන් අමෙරිකාව බලා පිටත් වෙන බවයි.

කෙසේවෙතත් ඒ සඳහා අධිකරණයේ අවසරය අවශ්‍ය බව පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ තමා තවමත් අමෙරිකානු පුරවැසියෙක් බව ප්‍රකාශකළා . මෙහිදි මාධ්‍යවේදීන් විමසා සිටියේ දේශප්‍රේමය, විදේශ බලවේග වලට යට නොවීම, ආදි වූ දේ නිතර කතා කරන පක්ෂයක අපේක්ෂකයා ද  මැතිවරණය මෙහෙයවන්නා ද අමෙරිකානු පුරවැසියන් වීම කෙබදු තත්ත්වයක් ද යන්නයි.

එයට පිළිතුරු ලබා දෙමින් බැසිල් රාජපක්ෂ සඳහන් කළේ සියලුම රටවල් අතර සුහදතාව පවත්වා ගෙන යාමට තම රජය බලාපොරොත්තු වන බැවින් එලෙස ද්විත්ව පුරවැසි බව පවත්වා ගෙන යාමට බලාපොරොත්තු වන බවයි.

මැතිවරණ සටන ආරම්භයේදීම මාධ්‍ය වෙත පැමිණ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට ස්ථිර වශයෙන්ම ලක්ෂ 50 ක ඡන්ද ඇති බව පවසමින් මැතිවරණයේදි 65% ප්‍රතිශතයක් සහිතව මැතිවරණය ජයග්‍රහණය කරන බවට පාරම් බෑ බැසිල් රාජපක්ෂ මේ වන විට සැබෑ ජනමතය ඇත්තේ පොහොට්ටුව සමග නොවන බව තහවුරු කොට ගෙන ඇත.

සියළු සමීක්ෂණ හා බුද්ධි අංශ වාර්තා පවා සජිත් ප්‍රේමදාස ගේ ජයග්‍රහණය තහවුරු කිරීමේදි නෙළුම් මාවතේ සිය ව්‍යාජ සමීක්ෂණ වාර්තා පවා සකස් කිරීමට බැසිල් කටයුතු කළේ තමා ඇතුළු තම අයියලා මල්ලිලා, පුතාලා දුවලා විසින් ජනතා මුදල් මංකොල්ල කමින් සිදු කල දූෂණ වංචා වලින් බේරීමට නම් අනිවාර්යයෙන්ම මෙම මැතිවරණ ජයග්‍රහණය කළ යුතු බව දන්නා බැවිනි.

ඒ වුවද සියළු සැළසුම් රුයිතෙට ගොස් ප්‍රජාතන්ත්‍රවාදය අන් සියළු දේට වඩා බලවත් බව තහවුරු වෙද්දි කෙසේ හෝ රටින් පිටව යාම හැරෙන්නට වෙනත් විකල්පයක් තමා සතු නොවන බව බැසිල් අවබෝධ කොට ගෙන ඇති බව නම් තහවුරුය.

ඒ අනුව මේ වන විට අමෙරිකාව බලා යාම සඳහා අවසර ඉල්ලුම් කරමින් මෝසමක් පවා ගොනු කොට තිබෙන බවයි වාර්තා වන්නේ.

Top