LNN SPY

එජාපය විනාශ කොට රාජපක්ෂලාට විකුණු රනිල් හාමු දැන්වත් ගෙදර යනු….! සජිත් සමඟ එජාපය නව ගමනකට සැරසෙයි…..

Published on: Nov 17, 2019 2019 ජනාධිපතිවරණයේ සමස්ථ ජයග්‍රහණය මේ වන විට තවත් ඒකාධිපතියෙකු සතුවි අවසානය. රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනම් ප්‍රජාතන්ත්‍රවාදය අගයන සුළුතරයේ බලාපොරොත්තුවට තවත් විරාමයක් වැටි තිබේ. තනි මිනිහෙක් ලෙස සජිත් මේ දක්වා ලබා ගත් ජයග්‍රහණය අපි අගය කරන අතරම මෙම පරාජයේ සම්පූර්ණ වගකීම එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් භාර ගත යුතු බව අපි නොබියව ප්‍රකාශ කරමු.

2015 ජනවාරි 08 වෙනිදා ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසුව දූෂිතයන්, ජනතා මුදල් අවභාවිතා කරන්නන්, මිනීමරුවන් බව දැන දැනම රාජපක්ෂලා සමඟ ඩීල් දමා මහින්ද රාජපක්ෂව, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ,  උදය ගම්මන්පිල වැන්නන් නීතියේ රැහැනෙන් රිංගා යවමින් රටේ නීතියේ ආධිපතයට රනිල් වික්‍රමසිංහ කළ අපරාධයට මේ වන විට ප්‍රති විපාක ලැබෙමින් පවති.

එම ප්‍රතිවිපාකයේ පළමු පියවර ලෙස රනිල් වික්‍රමසිංහ අන්ධ ලෙස ඔක්තෝබර් 26 වෙනිදා කුමන්ත්‍රණයට හසුවෙද්දි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතාව ඔහු වෙනුවෙන් නැගි සිටිය බව අමතක කළ යුතු නැත. එම අවස්ථාවේදී දුරකතන ඇමතුම් 100 ක් පමණ ලබා දෙමින් රටේ අගමැතිධූරය භාර ගන්නා ලෙස ජනාධිපතිවරයා ඇරයුම් කරද්දි ද ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තනතුරට පයින් ගැසු සජිත් ප්‍රේමදාස ට ජනාධිපති අපේක්ෂකකම ලබා නොදි කකුලෙන් ඇද්දේද රනිල් වික්‍රමසිංහ බව අමතක නොකළ යුතුය.

අවසන් මොහොත දක්වා හැකි හැමවිදියෙන්ම සජිත් ප්‍රේමදාස අධෛර්‍ය කිරීමට ප්ලෑන් කළ රනිල් වික්‍රමසිංහ අවබෝධ කර ගත යුත්තේ පාස්කු ප්‍රහාරය පවා සිදු තිබු අවස්ථාවකදි පක්ෂය වෙනුවෙන්, රට වෙනුවෙන්,  ජනාධිපති අපේක්ෂකධූරය පවා භාර ගැනීමට පසුබට නොවු සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පක්ෂය  සිය යුතුකම් කොටස මග හැරිය බවය.

අඩුම තරමේ තැපැල් ඡන්දයට දින කිහිපයකට පෙර හෝ නිකුත් කිරීමට සජිත් ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පවා සදා ගැනීමට ඉඩ නොදි පක්ෂය කකුලෙන් ඇද්ද බව ප්‍රකාශ කළයුතුමය. ප්‍රධාන වශයෙන් රනිල්ගේ ප්‍රධානත්වයෙන් අකිල, සාගල, මෙහෙයවීමෙන් සජිත් මෙම් ජනාධිපති සටන තුළ හුදකලා කළ අතර ඔහුගේ සහයට සිටියේ පක්ෂය විනාශ නොවි රැක ගත යුතු බවට තවමත් තීරණය කොට සටන් කරන එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පමණි.

මෙහිදි පැවසිය යුතු ප්‍රධාන ම කාරණය වන්නේ නායකයෙක් විදියට රනිල් වික්‍රමසිංහ ෆේල් බවය. රනිල් ගේ අසමත්කම දැන රට දැන සිටියද මෙම මැතිවරණ ප්‍රතිඵලය ඔප්පු කොට ඇත්තේ රනිල් විසින් එක්සත් ජාතික පක්ෂයට තිබුණා යැයි කියන ඡන්ද පදනම සුණු විසුණු කොට ඇති බවය.

උතුරු නැගෙනහිර හැරුණු කොට රටේ අනෙකුත් සියළුම ප්‍රදේශ වල එක්සත් ජාතික පක්ෂ ය 30% ඉක්මවා යාම රනිල් ගේ අසමත් බව පෙන්වන අතරම හංසයාට ලැබුණු ඡන්ද රනිල් වෙනුවෙන් ලැබුණු ඒවා නොව රැයක් දවාලක් නොමැතිව මේ රටේ අස්සක් මුල්ලක් නෑර ජනතාවට සේවය කරමින් සජිත් උපයා ගත් පාක්ෂික මනාපය බව කිව යුතුමය.  ඒ අනුව වසර ගණනාවක් පක්ෂයේ නායකයා ලෙස ඉදිමින් එක ඡන්දයක් හෝ පක්ෂයට රනිල් වික්‍රමසිංහ උපයා නැති බව නම්පැහැදිළිය

ඊයේ රාත්‍රියේ ඡන්ද පෙට්ටි විවෘත කිරීමට පෙර රනිල් වික්‍රමසිංහ විසින් පක්ෂ නායක රැස්වීමක් කැදවූ අතර නායකයන් එයට සහභාගි වීමට අකමැත්ත පල කළ ද පක්ෂ නායකයන්ට බල කිරීමට රනිල් කටයුතු කළා. එහිදි ඔහු තීරණ දෙදක් ලබා දී ඇති අතර පළමු වැන්න සජිත් දින්නොත් අගමැතිකම රනිල්ටම ලබා දෙන බව හා සජිත් පරාජය වුවහොත් උදෑසන වන විට සියළු ක්‍රියාකාරකම් නවත්වන ලෙසය. එහිදි අමාත්‍ය පාඨලි චම්පික රනිල් ගේ කුහක මතයට විරුද්ධ වි ඇති අතර පවසා ඇත්තේ ඡන්ද පෙට්ටි විවෘත කිරීමට පවා ආරම්භ කොට නැති මොහොතක රනිල් ගේ මේ ව්‍යායම පිළිකුල් සහගත බවයි. මුළු රැස්වීම ම විනාඩි 8 යි තත්පර 32 කට සීම කිරීමට පක්ෂ නායකයින් කටයුතු කොට රනිල් ගේ මූණටම නැගිට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනෙක් අතට මේ ජනාධිපතිවරණයෙදි ගෝඨාභය රාජපක්ෂ වැනි නරුම පාලකයෙකුට එරෙහි සටනේදි කඩාකප්පල් කාරි ක්‍රියාව කළේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණයි. රනිල් ගෙන් මුදල් අරගෙන ඔවුන් රනිල් මහින්ද සුසංයෝගයෙන් ගැසු ප්‍රජාතන්ත්‍රවාදීවාදයේ විනාශ කුමන්ත්‍රණයට ඌණ පුර්ණය කොට ඇත. පරාජය උරුම බව දැන දැන පොදු සතුරා පරජය කිරීම වෙනුවට තමන්ගේ සිගිති ආතල් ලෝක තුළ ජීවත් වෙමින් මේ රටේ ජනතාවට මර බිය ඇති කිරීමට ඔවුන් කළ ක්‍රියාවට ප්‍රතිවීපාක ලැබෙනු ඇත.

දැන් සියල්ල සිදු වී අවසන් ය. නමුත් ඉහිරුණු කිරිට නොහඩන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැප වුණ ජනතාව ෆීනිස්ක් පක්ෂියා සේ නැගිටිමින් ඇත. ඒ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය නව නායකයෙකු යටතේ නව ගමනක් ආරම්භ කළ යුතු බව ඔවුන්ගේ අදහස වී ඇති අතර සජිත් ප්‍රේමදාස ගේ නව ජවය හරහා නව ගමන් මාර්ගයක් තනා ගැනීමට මේ වන විට කටයුතු කරමින් පවති.

තවත් මාස ගණනකින් රටේ මහා ඡන්දය එනු ඇත. ඒ වන විට බොහෝ දෙනෙකුට තමන්ගේ කතිරය තුළ සැඟවුණු විනාශය, මරණය, භීෂණයි හදුනා ගත හැකි වනු ඇත, ඒ වෙද්දි විනාශ වන ඒ ජන සමාජයට අවශ්‍ය ජීවනාලිය වීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් කළ යුතුය.

එසේනම් ඒ සඳහා රනිල් වික්‍රමසිංහ කියන පිලලය එජාපයෙන් අතුගා දැමිය යුතුය. එහෙත් හාමුකමෙන් ඔලුව උදුමවා සිට්න රනිල් වික්‍රමසිංහ ඉවත්ව නොයන්නේ නම් බලෙන් හෝ ඔහුව ඉවත් කිරීමට සුදානම් විය යුතුය. ඒ වෙනුවෙන් මෙතක් පක්ෂය වෙනුවෙන් පක්ෂයේ නව වෙනසක් වෙනුවෙන් වෙනුවෙන් කැප වුණ එක්සත් ජාතික පක්ෂයේ තරුණ නායකත්වය හා තරුණ ජවය සූදානම් ය. කිසිදා වෙනස් නොවන අලියා සලකුනෙන් ජවසම්පන්න නව ලේකම්වරයෙක් යටතේ සජිත් ගේ නායකත්වයෙන් එම නව ගමන අරඹනු ඇත.

රනිල් හාමු දැන්වත් ගෙදර යන්න. නොඑසේනම් උපයා ගත් ගෞරවය සියල්ල පසෙක තබා බලෙන් ඇද පක්ෂයෙන් ඉවත් කරන තෙක් ඔබව සිටිමට ශක්තිය ඇත්නම් ඉන්න. ඔබව ඉවත් කිරීමට අප සූදානම් ය. තවදුරටත් මේ රටේ ජනතාවට බලය වෙනුවෙන් ඩීල් දමන පප්පලා රට විනාශ කරන තෙක් දෑත් බැඳ සිටිය නොහැකිය. එසේ නොසිටින බවද මතක් කරමු.

 

Top