LNN SPY

මතට තිත කියා සිරිසේන යන්න කලින් ආණ්ඩුකාර වන්නම නටලා… නොදන්වාම ආණ්ඩුකාරවරුන්ට මන්පැන් බලපත්‍ර

Published on: Nov 20, 2019- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදෙන් බව පවසමින් රටේ ජනතාව මුළාකරමින් සියලුම වැරදි එජාපය මත පටවා ගෝඨා සමග මේ වනවිට ගන්න හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන් ඉවත්ව යෑමට පැය 5කට කලින් තමන් විසින් වන්දිභට්ටකම් කිරිම සදහා පත්කර ගත් ආණ්ඩුකාරවරුන් සදහා මත්පැන් බලපත්‍ර ලබාදිමට කටයුතු කර තිබේන බව මේ වනවිට අනාවරණය වි තිබේ.

ගෝඨාභය දිවුරුම් දිමත් සමග ආණ්ඩුකාර ධුර සදහා හමුදා ප්‍රධානින් පත්කිරිමට සුදානම් බැවින් දැනට සිටින ආණ්ඩුකාර වරුන්ට මෙම විශේෂ බලපත්‍ර ලබාදිමට කටයුතු කර තිබේන බවයි වාර්තා වන්නේ.

ඇතැම් ආණ්ඩුකාරවරුන් තමන්ගේ අතට බලපත්‍රයට අදාළ ලිපි ලේඛන ලැබෙනතුරු මේ සම්බන්ධයෙන් දැනුවත්ව සිට නොමැති අතර එම මෙහෙයුම පසුපස  බස්නාහිර ආණ්ඩුකාර A.J.M.මුසාමිල් සිටින බවද මේ වනවිට අනාවරණය වි තිබේ.කෙසේවෙතත් ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකු එම බලපත්‍ර දැඩි ලෙස විවේචනය කර තිබේ.

Top