LNN SPY

ගේට්ටු කඩාගෙන ඇතුල් වු යාපන සිසුන් මහවිරුවන් සමරයී… ඉහලින් ආ නියෝග වලින් යුද හමුදාව ඉවතට…. දෙමළ ඊලාම් වීරයන්ට උපරිම උපහාර!

Published on: Nov 28, 2019 – යාපනයේ විශ්ව විද්‍යාලයේ මහවිරු සැමරුමට තහනම් කර තිබියදි දෙමළ ශිෂ්‍ය ප්‍රජාව බලහත්කාරයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ ගේට්ටුව විවෘත කර දෙමළ ඊලම් වීරයන් සඳහා අනුස්මරණ භූමියට ඇතුල් වි මහවිරු සැමරුම් උත්සවය පවත්වා තිබේනවා. සිසුන් තුන්සියයකට වැඩි පිරිසක් පරිශ්‍රයට ඇතුළු වී මියගිය දෙමළ ඊලාම් වීරයන්ට උපහාර දැක්වූ බවයි උතුරේ අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

සිවිල් ඇඳුමින් සැරසුණු ශ්‍රී ලංකා හමුදා බුද්ධි නිළධාරීන් අංශ විශ්ව විද්‍යාලයට පැමිණි සහභාගී වූවන්ගේ ඡායාරූප ගැනීමට කටයුතු කර තිබේ.

මේ අතර, උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සහ හිටපු ටීඑන්ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.ශිවජිලිංගම් යාපනයේ තෙන්මරාඩ්චි හි කොඩිකාමාම් හි දෙමළ ඊලාම් වීරයන්ගේ සුසාන භූමියට පිවිසෙන ස්ථානයේ දී ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් විසින් නතර කිරිමට උත්සහ කර තිබුනද ඉහලින් ලැබුන නියෝග හමුවේ හමුදාව එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.

Top