LNN SPY

එජාපය කුජිත කිරිමේ අවසන් මෙහෙයුමට රනිල් සුදානම්! බලවත් එජාපයක් හදන්න සජිත් සුදානම්! සජිත් හෙට සිට යලිත් සටනට… විපක්ෂයේ ගෝනී බිල්ලා මෙන්න ….

Published on: Dec 4, 2019- මහ මැතිවරණයෙදිත් එක්සත් ජාතික පක්ෂයට අන්ත පරාජයක් අත්කර දි තමන් කැමති අයෙකුට පක්ෂය භාරදිම සදහා ගෙනයන රනිල්ගේ කුජිත මෙහෙයුමේ තවත් පියවරක් හෙට දියත් විමට නියමිත බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

පක්ෂ නායකත්වය බහුතර කැමත්තට ලබාදිම වෙනුවට තවමත් මහින්දලා සමග විවිධ ඩිල් දමමින් සිටින් වික්‍රමසිංහ හෙට දිනයෙ කෘත්‍යාධිකාරි මණ්ඩල කැදවා පක්ෂ නායකයා ලෙස තමන් (රනිල්) පත්කර ගැනිමටත් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ලෙසත් කරූ ජයසුරිය මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස මෙන්ම භාරකාර මණ්ඩලයේ නායකත්වයටද පත්කිරිමට සුදානමක් පවතින බව වාර්තා වේ.

භාරකාර මණ්ඩලයට කරූ,රනිල්,සජිත් යන තිදෙනාම පත්කිරිමටද රනිල් යෝජනා කර තිබේන අතර ඔහුන් තිදෙනාටම නීශේධන බලයද සහිත විම හාස්‍යයට කරුණකි.

පලමු වටයේ නායකත්ව මණ්ඩලයක් පත්කිරිමටත් එහි නායකත්වයට කරූ ජයසුරිය පත්කිරිමටත් ගත් උත්සහයට සජිත් පාර්ශවය එකහෙළාම විරුද්ධ විම හේතුවෙන් එම මෙහෙයුමද වික්‍රමසිංහ විසින් හකුලාගෙන තිබේ.

ඒ අනුව පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාසට කෙලින්ම ලබා නොදි විවිධ කල්ලි කණ්ඩායම් අතර බෙදා යලිත් සංවිධාන යාන්ත්‍රනය අඩපණ කිරිම රනිල් සහ කල්ලියේ උපක්‍රමය වි තිබේ.ඒ හරහා මහ මැතිවරණයේදි අන්ත පරාජයක් එක්සත් ජාතික පක්ෂයට ලබාදිම මගින් දිර්ඝ කාලිනව පක්ෂයේ ප්‍රතිසංවිධානය කටයුතු වෙනුවෙන් කැපකිරිම් කල සියලු දෙනා මර්දණය කිරිම වික්‍රමසිංහගෙ උපක්‍රමය වි තිබේ.ඒ අනුව නවීන් දිසානායක,අකිල විරාජ් වැනි පුද්ගලයන් පක්ෂයේ ඉහල තනතුරු සදහා ගෙන එම රනිල්ගේ උපක්‍රමය වි තිබේ.

සජිත්ගේ ආගමනය….

මේ අතර සජිත් ප්‍රේමදාස සහ ඔහුට හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වොක්ෂෝල් වීදියේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාල පෙරේදා දිනයේදී හමු වී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර එම සාකච්ඡා අද දිනයේදීද පැවැත්වුනා.

එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය හා විපක්‍ෂනායක ධුරය සම්බන්ධව එ.ජා.ප.යේ නායකයන් ඉදිරි දින කිහිපයේදී තීරණයක් ගනු ඇතැයි සජිත් කණ්ඩායම විශ්වාස කරන අතර රනිල් වික්‍රමසිංහ පක්‍ෂයේ අනුශාසකවරයා ලෙස සිටියදී සජිත් ප්‍රේමදාසට පක්‍ෂ නායකත්වය හා විපක්‍ෂනායක ධුරය ලබාදිය යුතු බවයි ඔහුන්ගේ මතය වි ඇත්තේ.

විපක්ෂයේ ගෝනී බිල්ලා….

මෙ අතර ජනවාරි 3 වැනිදා පාර්ලිමේන්තුව රැස්වු වහාම 2/3 ක බලයෙන් පාර්ලිමේන්තුව විසුරුවාලීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගැනිම සදහා රනිල්ගේ සුවච කීකරු ගෝලයා වන සාගල රත්නායක මේ වනවිට කුමන්ත්‍රණයක් දියත් කර තිබේන බව වාර්තා වේ.

මේ වනවිට එජාප මන්ත්‍රීවරුන් රැසක් හමුවි සාකච්ඡා කර තිබේන සාගල විපක්ෂයේ ගෝනී බිල්ලාගේ චරිතය ඔහුන් ඉදිරියේ රඟමින් පවසා ඇත්තේ පහුගිය වසර 4 1/2 කා කාලය කල දුෂණ,වංචා සහ වෙනත් වැරදි සදහා කිසිදු ප්‍රශ්ණයකින් තොරව ගත කිරිමට නම් මේ සදහා දායකත්වය ලබාදෙන ලෙසයි.මේ වනවිට මන්ත්‍රීවරුන් 12 දෙනෙකුගේ සහය සාගල විසින් ලබාගෙන තිබේන බවද අනාවරණය වි තිබේ.මීට අමතරව 2019 ජනාධිපතිවරණ සටනේදි සජිත් ප්‍රේමදාස වෙනුවෙන් වැඩකල,ගෝඨාභය පරාජය කිරිම සදහා මෙහෙයුම් දියත් කල සියලු දෙන පාවාදීමද මේ වනවිට සාගල විසින් ආරම්භ කර තිබේ.

2/3 ක ලබා ගැනිම සදහා ද්‍රවිධ ජාතික සන්ධානයද දෙකඩ කිරිමේ මෙහෙයුමක් මේ වනවිට දියත් වෙමින් තිබේන අතර,පාර්ලිමේන්තුව කල් දැමිම සහ හදිසි විසුරුවාලිමකට බැසිල් රාජපක්ෂ දැඩි ලෙස විරෝධය දක්වා තිබේන බවද වාර්තා වේ.

ජනාධිපතිවරණයට පෙර සිටම ඉතාම සියුම් ලෙස රාජපක්ෂලා සමග ඩිල් කල විපක්ෂයේ ගෝනී බිල්ලාගේ චරිතය රඟන සාගල වෙනුවෙන් මේ වනවිට රජය විවිධ වරප්‍රසාද ලබාදි ඇති අතර ඒ පිළිබඳව ඉදිරියේදී අනාවරණය කිරිමටද අප සුදානම්.

http://lankanewsnetwork.org/archives/21591

Top