LNN SPY

ශ්‍රී ලංකා – පාකිස්තාන ක්‍රිකට් තරගාවලිය ලංකාවේ විකාශයක් නෑ… රූපවාහිනියේ බලය ඇල්ලු ගෝඨාගේ ගොට්ටන්ට ජනතාවගෙන් කුණු බැනුම්… දැන් ෂැපද?

Published on: Dec 10, 2019 – ශ්‍රි ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වරට හෙට (දෙසැම්බර් 11) ඇරැඹෙන ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු ටෙස්ට් තරගය Channel EYE හෝ වෙනත් කිසිඳු දේශීය රූපවාහිනී හෝ ගුවන් විදුලි නාලිකාවක විකාශය නොවන බව මේ වනවිට අනාවරණය වි තිබේ.

ඉතා අපහසු තත්ත්වයන් යටතේ පවා ශ්‍රි ලංක රූපවාහිනි සංස්ථාව සිය Channel EYE නාලිකාව හරහා ශ්‍රි ලංකා කණ්ඩායමේ ක්‍රිකට තරට ජනතාව වෙත නොමිළේ නැරඹීමට අවස්ථාව උදාකර දුන් අතර නොවැම්බර් 16 වැනිදා ගෝඨාභයගේ ආගමනයෙන් පසුව රටේ පවතින අකාර්යක්ෂම පාලනය හේතුවෙන් මෙම තත්ත්වය උදාවි තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

17 වැනිදා ජනාධිපතිවරණයෙ ප්‍රථිපල ප්‍රකාශ කිරිමටත් පෙර රූපවාහිනියේ බලය අල්ලාගත් ගෝඨාභයගේ අමන පැටවු මේ හරහා නාලිකාවට හිමිවිමට තිබු විශාල මුදලක්ද අහිමිකර දමා තිබේ.

මේ දක්වා ස්වාධීන රූපවාහිනියට හෝ රූපවාහිනි නාලිකාවට නිසි කළමනාකාරිත්වයක් පත්කර ගැනිමට අසමත්වු ගෝඨා ප්‍රමුඛ ආණ්ඩුව මේ වනවිට ශ්‍රි ලංකා ජනතාවගේ ජිවිතය වන් ක්‍රිකට් ක්‍රිඩාව නැරඹීමට පවා තිබු අවස්ථාවට කෙළවා තිබේ.

ගෝඨාභයගේ ගොට්ටන් දෙදෙනෙකු වන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුමේද අතුලසිරි සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වැඩසටහන්). නිශාන්ත උබයවංශ රූපවාහිනියේ බලය අල්ලා ගත්තද ඔහුන් දෙදෙනාටම කලහැකි මගුලක් නැති බව දැන් පැහැදිලිය.

ජාතික ක්‍රිඩා නාලිකාව ලෙස නම්දරා සිටින Channel EYE විනාශ කර නැවතත් රාජපක්ෂලාගේ කළු සල්ලි සුදුකරන CSN නාලිකාව ආරම්භ කිරිමේ පියවරක් ලෙස ශ්‍රී ලංකා – පාකිස්තාන තරගය විකාශය නො කිරිමට කටයුතු කර ඇති බව සමාජ ජාලා ක්‍රියාකාරින් පෙන්වා දි තිබේ.

Top