LNN SPY

මොරගහකන්ද ජලාශය පුපුරා යයිද?රට මැද සුනාමියක්!… මාටියා ගසා ප්‍රමිතියක් නැතිව හැදු මොරගහකන්ද අනතුරේ… චින සමාගම කොළ පැහැති දැල්දමා කාන්දුව වහලා…

Published on: Jan 3, 2020- සක්‍යතා අධ්‍යනයන් නොසලකා හරිමින්, නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකිකල මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ලේ ඉහළින් දින කිහිපයක සිට ජල කාන්දුවක් හටගෙන තිබේන අතර යම් හෙයෙකින් ප්‍රධාන වේල්ල පුපුරා ගියහොත් රට මැද සුනාමි තත්වයක් අතිවීමේ අවධානමක් ඇති වන බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

ඊයේ (02) පවැති මාධ්‍යහමුවකදී නාමල් කරුණාරත්න අවධාරණය කළේ මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් පිළිබඳව අතීතයේ සිටම විවිධ ප්‍රශ්න සහ ගැටළු සහගත ස්ථාන පැවති බවය.මේ වනවිට විශාල ජල කඳක් ජලාශයේ පවතින බවත් මෙම ජලාශය පරාක්‍රම සමුද්‍රය මෙන් පස්ගුණයක් පිරී තිබේ.

ජල කාන්දුව සිරස් අතට පැවතීම ඉතාමත්ම අනතුරුදායක තත්ත්වයක් බවද ඇතැම් විට මෙම පැල්ම මහ පොළොවේ සිට පවතිනවා දැයි සැකයක් පවතින බව නාමල් කරුණාරත්න මහතා මෙහිදි පෙන්වා දුන්නා.

මෙම සිද්ධිය සුළුකොට නොතකා වහාම කෙටි හා දීර්ඝ කාලීන සැලසුම් යෙදවීම ආණ්ඩුවේ වගකීමක් යැයි ද නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා හදිස්සියෙන් මෙම ජලාශය වැඩ නිම කරවා ඔහු විශ්‍රාම යෑමට පෙර විවෘත කිරීමේ හදිස්සියක් පැවති අතර එහි ප්‍රතිඵල මෙයාකාරයෙන් භුක්ති විඳීමට සිදු වෙන නිසා ඔවුන් මේ වගකීම භාරගත යුතු බවද කියා සිටියේය.

මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ලේ ඉහළින් දින කිහිපයක සිට ජල කාන්දුවක් පවතීන අතර් උපරිම ජල ධාරිතාව ලැබීමත් සමඟ ජලාශයේ ප්‍රධාන වේල්ලේ ඉහළ කෙළවරක ජල කාන්දුවක් හටගෙන තිබුණු බව සේවකයෝ හා ආරක්ෂක නිලධාරින් පාලක කාර්යාලයට දැනුම් දීමෙන් පසු පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මොරගහකන්ද ජලාශය ඉදිකිරීම් කටයුතු ආරම්භයේම භූ විද්‍යාඥයින් සහ විශේෂඥ දැනුම ඇති අය මෙම මහපොළොවේ හුණුගල්ස්තරයක් තිබෙන බවට ප්‍රකාශ කර තිබුණු අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ධුර කාලය අවසන් විමට පෙර  මෙම ඉදිකිරීම් කඩිනම් කර ගැනීමට අවශ්‍ය වු නිසා එම ප්‍රකාශයක් ඉවත දැමිමට කටයුතු කර තිබුනා.

දින කිහිපයක සිට මේ දක්වාම ජල කාන්දුව නොනවත්වා සිදුවන අතර ප්‍රධාන වේල්ල බාරව සිටින චීන ජාතික ඉංජිනේරුවරයා මෙම ජල කාන්දුව පිටතට නොපෙනෙන ආකාරයට කොළ පැහැති දැල් ආවරණයක් යොදා වසා දැමීමට කටයුතු කර තිබේ.

2016 ජුලි 30 වන දින මොරගහකන්දේ නිදන් තැන්පත් කල නැකැතින් සිරිසේනට කෙලවේ -නිදන් හාරා යලී වලදමයි යනුවෙන් අප අනාවරණයක් සිදුකල අතර ඒ අනුවද මෙම ව්‍යාපෘතිය අසාර්ථක එකක් බව තහවුරු වේ…..

2016 ජුලි 25 වැනිදා උදැසන 10.59 ට අදාළ නැකැත යෙදි තිබුණු අතර අදාළ නැකැත් පත්‍රය සෑදිමේ කටයුත්ත සදහා සිරිසේන ජනාධිපතිවරයාගේ පෞද්ගලික ජ්‍යොතිෂය පිනවන්නිය වන බැංකු ණයෙන් ගැලවිම සදහා ජංගි ඇද මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයට වගකී සට්ටැබිගේ දොන් නීල් ශ්‍රීයාරත්න හෙවත් වෛද්‍යවරුන් පවා පිරිමියෙකු ලෙස තහවුරු කර තිබියදි ගවුම් සහ සාරි අදින නිලුකා ඒකනායක සම්බන්ධ කරගෙන නැති අතර මොරගහකන්ද- කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක කමිටුව අදාළ නැකැත් සාදා තිබේ.

පසුව නිලුකා ඒකනායක අදාළ නැකැත සම්බන්ධයෙන් පුලුල් විශ්ලේෂණයක් කර ඇති අතර ඈය සදහන් කර ඇත්තේ එම නැකැත ජනාධිපතිවරයාට අන්තිම අසුභ බවත් ඒ අනුව භූමියට අධිපති භූතයන් ජනාධිපතිවරයාට හානී කිරිමට කටයුතු කරනු ඇති බවත්‍ ය. ඒ අනුව අදාළ නිදන් ගලවා ආපසු පස්වලට යටකිරිමට කටයුතු කර අදාළ නැකැත් වෙලාව මගහැරිමට කටයුතු කල යුතු බවටද ඇය නියෝග කර තිබේ.

පසුව පසුගිය 28 වැනිදා රාත්‍රීයේම අදාළ නිදන් හාරා ගලවා එම නිදන් ඊට නුදුරෙන් වෙනත් ස්ථානයක වලදමා තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍යයටද වාර්තා ලැබි ඇති අතර මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු එම ස්ථානයට ගොස් ඇති අතර ලග්ගල පොලිසියේ පොලිස් නිළධාරි කිහිප දෙනෙකුද එම ස්ථානයට පැමිණ ඇති අතර ඔහුන්ට දැන ගැනිමට ලැබි ඇත්තේ නිදහන් වස්තු මංජුසාව සොරා ගැනීමට කිසියම් පිරිසක් උත්සහ දරා ඇති බවට එහී සේවකයෙකු දැනුම් දුන් බවයි.

පසුව මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු අදාළ ස්ථානයට පැමිණ ඇති අතර පොලිසියේ සහය ඇතිව එම ස්ථානය පරික්ෂා කිරිමට යෑමට උත්සහ දැරිමේදි පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණ එය වලක්වා ඇති අතර වේල්ල තැලීම සිදු කරද්දී චීන ජාතිකයෙකු අතින් බැකෝ යන්ත්‍රයේ කුල්ල නිධන් මංජුසාවේ වැදිලා අත්වැරදීමකින් හානි වි ඇති බවත් දැන් එම නිදන් නිසී පරිදි පස් දමා යලි වසා දමා ඇති බවද එම පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම් දි සියලු දෙනාව ඉවත් කිරිමට කටයුතු කර තිබේ.

සිරිසේන මොරගහකන්ද ව්‍යාපෘතියෙනුත් මාටියා ගහලා -සාක්ෂී අගමැති අතට යනුවෙන් අප වෙබ් අධවිය එදා කල අනාවරණයන් කියවන්න…

http://lankanewsnetwork.org/archives/12866

http://lankanewsnetwork.org/archives/12857

http://lankanewsnetwork.org/archives/12818

Top