Political

ඇමරිකාවෙන් පළිගන්නා බවට ඉරාන අයතුල්ලා කමේනි ප්‍රතිඥා දෙයි… ඇමරිකානු හිතවාදී රටවලට මරණ වරෙන්තු… ජෙනරාල් Qasem ඝාතනයෙන් ඇමරිකාවට වැඩ වරදින ලකුණු!

Published on: Jan 4, 2020- ඇමෙරිකානු හමුදා සිකුරාදා එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ඉරාන හමුදා නායක ජෙනරාල් කසීම් සුලෙයිමානී (Guards commander Qasem Soleimani) මරුමුවට පත්විමත් සමග ඇමරිකානු හිතවාදී රාජ්‍යයන් ඉලක්ක කර පහරදිමට ඉරානය තීන්දුවක් ගෙන තිබෙන බව අප ජාත්‍යන්තර දේශපාලන වාර්තාකරු අනාවරණය කරනවා. මිසයිල ප්‍රහාරය ජෙනරාල් ඝාතනය කිරිම ඉලක්ක කර එල්ල කර ඇති බව මේ වනවිට ඉරාන ආරක්ෂ අංශ තහවුරු කර තිබේ.

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා කමේනි(Ali Khamenei ) ජෙනරාල්වරයාට “ප්‍රාණ පරිත්‍යාගිකයෙකු” ලෙස උපහාර දැක්වූ අතර ඝාතනයට එරෙහිව “දැඩි පළිගැනීමක්” සිදුකරන බවට ප්‍රතිඥාවක්ද ලබාදි තිබේ.

සොලෙයිමනීට ගෞරව දැක්වීම සඳහා ඔහු දින තුනක් ජාතික ශෝකය ප්‍රකාශ කිරිමටද මේ වනවිට කටයුතු කර තිබේ.

එක්සත් ජනපදය දශක ගණනාවක් තිස්සේ ජෙනරාල්වරය පසුපස ලුහුබැඳ ඇති බවත් 2003 සිට ඉරාකය තුළ ඔහු කළ මෙහෙයුම් හේතුවෙන් ඇමරිකානු සාමාජිකයින් 600 කට වැඩි පිරිසක් මිය ගොස් තිබේන බවද වාර්තා වල සදහන් වේ.

ඇමෙරිකාවේ බලාපොරොත්තු සුන්වීම..

ඇමෙරිකාව කළ අපරාධයට ඉරානය සහතික වශයෙන් ම පලිගන්නා බව ඉරාන ජනපති හසන් රූනි(Hassan Rouhani) ඊයේ මාධ්‍ය හමුවේද අනාවරණය කර තිබු අතර ඉරාන ආණ්ඩුවේ නිල වෙබ් අඩවිය සදහන් කර තිබුනේ

“අපරාධකරුවකු වන ඇමෙරිකාව සිය හමුදා ප්‍රධානියා ඝාතනය කිරීමෙන්, ඉරානයේ හදවත කම්පාවට පත් කළ බවද ජනපති සඳහන් කරයි.

එසේම එම ප්‍රහාරය, ඇමෙරිකාවේ දාමරිකත්වයට එරෙහිව නැගී සිටීමට සහ ඉස්ලාම් වටිනාකම් ආරක්ෂා
කරගැනීමට ඉරානය ගෙන තිබූ අධිෂ්ඨානය දෙගුණයකින් වර්ධනය කළා.

මේ නීච සහ බියසුලු නාටකය, ඇමෙරිකාවේ බලාපොරොත්තු සුන්වීම ගැනත් එම කලාපයේ දුර්වලතාව ගැනත් තවත් නිදසුනක් පමණී.” යනුවෙනි. Will Take “Revenge” Against US For Commander’s Killing: Iran President…

කලාපීය විශ්ලේෂකයින්ට අනුව උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිට පසුව සොලෙයිමනී ඉරානයේ දෙවන බලවත්ම නායකයා ලෙස සැලකේ.

ඉරාක අගමැති කාර්යාලය විසින් නිකුත් කරන ලද මෙම ඡායාරූපය 2020 ජනවාරි 3 වන සිකුරාදා පාන්දර ඉරාකයේ බැග්ඩෑඩ් හි ගුවන් ප්‍රහාරයකින් පසු බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දැවෙන වාහනයක් පෙන්වයි. නමුත් පෙන්ටගනය බ්‍රහස්පතින්දා කියා සිටියේ එක්සත් ජනපද හමුදාව ජෙනරාල් කසෙම් සොලෙයිමනී ඝාතනය කළ බවයි.

ඊශ්‍රායලයට මර බිය….

මේ අතර ඇමෙරිකානු ප්‍රහාරයකින් ඉරාන හමුදා නායකයකු මරුමුවට පත්වීමත් සමඟ ග්‍රීසියේ සංචාරයක යෙදෙමින් සිටි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු එම සංචාරය අතර මඟ නවතා දමා නැවත සිය රට වෙත පැමිණ තිබේ.

ඉරාන හමුදා නායකයා මිය යෑමේ සිදුවීමත් සමඟ යුදෙව් රාජ්‍යයක් වගේම ඇමෙරිකා එක්සත් ජනපදයේ සමීපතම මිතුරෙකු වන ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල වීමේ අවදානමක් මතු වී තිබේන බවත් ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ආරක්ෂක ප්‍රධානීන් සහ කැබිනට් මණ්ඩලය ඊයේ රාත්‍රීයේ විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබේ.

රුසියාවත් බය වෙයි….

මේ අතර ඝාතනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන රූසියාව සදහන් කර ඇත්තේ එක්සත් ජනපදය සොලෙයිමනී ඝාතනය කිරීම මැද පෙරදිග පුරා ආතතීන් වැඩි කරන බවයි.

“සොලෙයිමනී ඝාතනය කලාපය පුරා ආතතීන් වැඩි කරන වික්‍රමාන්විත පියවරක්” යැයි ප්‍රවෘත්ති ඒජන්සි RIA Novosti සහ TASS උපුටා දක්වමින් විදේශ අමාත්‍යාංශය පවසයි.

“ඉරානයේ ජාතික අවශ්‍යතා භක්තියෙන් ආරක්ෂා කිරීම සඳහා සොලෙයිමානි සේවය කළේය. ඉරාන ජනතාවට අපගේ අවංක ශෝකය ප්‍රකාශ කරමු.” යනුවෙන්ද එහි සදහන් වේ.

http://lankanewsnetwork.org/archives/22177

Top