LNN SPY

ගෝඨාගේ නීතිගරුක රට… වැඩ තහනම් කර සිටි බන්දුල සමන් ඇතුලු දෙදෙනෙකු විමර්ශන නැතුවම සේවයට..

Published on: Jan 11, 2020 – ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දෙමටගොඩ මුලස්ථානයේ සේවය කරමින් සිටියදි සිදුකල මුල්‍ය අක්‍රමිකතා හේතුවෙන් වැඩ තහනමට ලක්කර සිටි ඒකාබද්ධ විපක්ෂයේ වෘත්තීය සමිති නායකයෙකු ලෙස පෙනී සිටිමින් ‘ඛනිජතෙල් අර්බුදය’ ඇතිකිරිමට කටයුතු කල උග්‍ර මහින්ද වාදියෙකු වන බන්දුල සමන් කුමාර නැමත්තා කිසිදු පරික්ෂණයකින් තොරවම යලි සේවයේ පිහිටුවිමට කටයුතු කර තිබේ.

බන්දුල සමන් රාජපක්ෂගේ දින 52ක නීත්‍යානුකූල නොවු අගමැති ලෙස බලහත්කාරයෙන් පත්වි දෙවන දිනයේ කුලතිස්ස ගීගනගේ නැමති නාගරික මන්ත්‍රීවරයද සමග එක්ව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දෙමටගොඩ මුලස්ථානයට කඩාවැදි ඛනිජ තෙල් සංවර්ධන හිටපු ඇමැති අර්ජුන රණතුංග ඝාතනය කිරිමට උත්සහ කල පුද්ගයාද වන අතර එය CCTV දර්ශන හරහා මෙන්ම අධිකරණය හමුවේ හෙලි වු ඇතැම් කරුණු මතද තහවුරු වුවකි.

2019 ඔක්තෝබර් 28 වැනිදා වැඩ තහනමට ලක්ව සිටියදි අර්ජුන ඝාතනය කිරීම සදහා ආණ්ඩුවේ කුලී මැර හමුදාව සමග පැමිණි බන්දුල සමන් එහිදි සිදුකල ගැටුම අතරතුර සිදුවු වෙඩි තැබිමෙන් සේවකයෙකු ජිවිතක්ෂයට පත්ව ආරක්ෂකයෙකුද තුවාල ලැබුවා.

එම මැර කුළී හමුදාවට සහ බන්දුලට ඇතුලට එමට උදවු කල ආරක්ෂක හා විමර්ශන කළමනාකරු ලෙස් එවකට කටයුතු කල MRST සමරසිංහද යලි සේවයේ පිහිටුවා ඇත්තේ කිසිදු විමර්ශනයකින් තොරවය.අර්ජුන රණතුංග මහතා ඝාතනය කිරිමට මැර කුළී හමුදාවට ඇතුලට එමට අවස්ථාව ලබාදිම හේතුවෙන් ඔහුගේද සේවය තහනමට ලක්කර තිබුනා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ජනාධිපතිවරයාගෙන් ලැබුන නියෝගයකට අනුව ඔහුන් දෙදෙනා යලි සේවයේ පිහිටුවා ඇති බව අමාත්‍යංශ ලේකම්වරියගෙන් අප විශේෂ වාර්තාකරු කල විමසිමකදි සදහන් කර තිබේ.

බන්දුල සමන් කුමාර ඇතුලු ආණ්ඩුවේ කුලී මැර හමුදාව අර්ජුන ඝාතනය කිරිමට ගත් උත්සහය

රාජපක්ෂගේ කුලී මැර හමුදාව ගැන අර්ජුන කල අනාවරණය ….

Top