LNN SPY

දුමින්ද බේරාගන්න රේනෝගේන් ගෝඨාභයට පෙත්සමක් …. අත්සනකට මිලියන 2.5ක්!… වැඩකට නැති හාමුදුරුවන්ගේ Voice Cut දාන්න එපා … මහින්දගෙන් ඉල්ලිමක්!

Published on: Jan 13, 2020 – නිදහස් දිනයේ භාරත ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා නිදහස් කරන ලෙස ඉල්ලා මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙ අත්සනින් යුත් පෙත්සමකට අත්සන් ගැනිම මේ වනවිට ආරම්භ කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.එක් අත්සනක් වෙනුවෙන් මිලියන 2.5ක මුදලක් ලබාදෙන අතර පෞද්ගලිකවම් රේනෝ ඉදිරියේ අත්සන තැබෙන එම පෙත්සමට එම අවස්ථාවේදිම මුදල් ලබාදිම සිදුවෙන බවයි දැනට අනාවරණය වි ඇත්තේ. ‘

අදාළ පෙත්සම අත්සන් කිරිමේ මෙහෙයුම පසුපස පසුගිය කාලේ රුපියල් 100 බැගින් හිගා කමින් පාර්ලිමේන්තු ආ මන්ත්‍රීවරයෙකු ප්‍රධානත්වය ගෙන කටයුතු කරන අතර අදාළ පෙත්සම ඉත ඉක්මනින්ම අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලැබීමට සැලැස්වීම රේනෝගේ අදහස වි ඇත්තේ.

මහින්ද රාජපක්ෂ හමුවි රේනෝ දුමින්දගේ නිදහස් සම්බන්ධයෙන් විමසා ඇති අතර එහිදි මහින්ද පවසා ඇත්තේ තමන්ගේ ඉල්ලිම් සම්බන්ධයෙන් ගෝඨාභය එතරම් සැලකිල්ලක් නොදක්වන් බවත් තමන් ආයතන ප්‍රධානින් පත්කිරිම සදහා යැවු ලැයිස්තුව පවා ගෝඨාභය ප්‍රතිකේෂ්ප කල ආකාරයද මතක් කර තිබේ.ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද මන්ත්‍රීවරුන්ගේ අත්සන් සහිත පෙත්සමක් යොමු කිරිම හරහා දුමින්ද නිදහස් කිරිමට ගෝඨාභයට අවස්ථාවක් ලැබෙනු ඇති බව මහින්ද පෙන්වා දි තිබේ.

මේ වනවිට රංජන්ගේ හඩපට හරහා ලැබුන අවස්ථාවද එයට භාවිතා කලහැකි බව පෙන්වා දුන් මහින්ද වැඩකට නැති හාමුදුරුවන්ගේ Voice Cut නාලිකාවේ විකාශය විම නතර කරන ලෙසද රේනෝගේන් ඉල්ලා තිබේ.තමන්(මහින්ද ) එය දිලිත්ටද(දෙරණ හිමිකරු) දැනුවු බවද මහින්ද එහිදි කියා තිබේ.කෙසේවෙතත් මේ දක්වා විපක්ෂයේ කිසිවෙක් මේ සදහා අත්සන් තබා නැති බවයි දැනට වාර්තා වන්නේ.

මේ අතර තමන් දුමින්දව නිදහස් කිරිමට කිසිවිටෙකත් පැකිලෙන්නේ නැති බව ගෝඨාභය එහිදි සදහන් කර ඇති අතර මාර්තු මාසයේ පැවැත්වෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසි වාරයෙන් පසු තමන් දුමින්ද නිදහස් කරන බවද රේනෝ සිල්වාට පොරොන්දු වු බවද ගෝඨාභය ප්‍රකාශ කල බව අප පසුගියදා අනාවරණය කළා.

Loading…


http://lankanewsnetwork.org/archives/22281

Top