LNN SPY

ගෝටාගමනයෙන් උඩ ගිය ලොක්කෝ – 01…. රණවිරු ගායට දැන් සැපද? දූෂණයෙන් කප් ගසා සිටින ආනන්ද පීරිස් දෙවන මෙහෙයුම අරඹයි…සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට දෙයියන්ගේ පිහිටයි…

 Published on: Jan 26, 2020- ගෝටාගමනයෙන් උඩ ගිය ලොක්කෝ – 01

අද අනාවරණය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් ගැනය

ගෝටාගමනයත් සමඟ රටේ ලොකු පුටු වෙනස් විය. නමුත් 2015ට පෙර වනචර දශකයේම සිටි විශ්‍රාම ගොස් සිටි දූෂිත වයස අවුරුදු 68ක් ඉක්ම වූ දූෂිත රියර් අද්මිරාල් ආනන්ද පීරිස් සහ ඔහු යටතේම බළකායේ සෙබළියන් දූෂණය කරමින් අවර කෙළි දහසක් කරමින් සිටි අධ්‍යක්ෂ මණ්ඩලයම යළිත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ලැබීමට තරම් සිවිල් ආරක්ෂක සෙබලුන් ගෝටාගමනයෙන් අභාග්‍ය සම්පන්න වූහ.

ගෝටාට අනුව දූෂණයෙන් කප් ගසා සිටින ආනන්ද පීරිස් මෙම තනතුරට යළිත් පත්කිරීමට ප්‍රධානම හේතුව වූයේ යහපාලන සමයේ දිවා රෑ නොබලා පොහොට්ටු නඩයත් සමඟ ආණ්ඩු විරෝධී පිකට් සංවිධානය කර අව්වේ පිකට් කිරීම හා ආනන්ද ආදි ශිෂ්‍යයෙකු වීමයි. ආනන්දෙ කමල් ගුණේ නම් ආරක්ෂක ලේකම් ධූරය සඳහා වෙනකෙකුට මුදල් ගෙවා මානුෂීය මෙහෙයුමෙන් ෆොන්සේකා ඉවත් කර මුලු යුද්ධයම තමා කරා සේ හගවමින් යුද්ධයට බියෙන් ඇමෙරිකාවට පැන්න චූ ගෝටාවත් ඇතුලත් කර පොතක් හෝ ලියවාගෙන තමන්ගෙ නම දාගත්තේය.

අහෝ රටකට ගිය කලක්!

වැඩකරන අපේ විරුවාගේ මෙකී දූෂිත අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් රාජකාරි ආරම්භ කරමින් කළ මුල්ම රාජකාරිය වූයේ සිය නුවරඑළියේ පිහිටි හෝටලය අලුත්වැඩියාව සඳහා සිවිල් ආරක්ෂක භට කණ්ඩායමක් පිටත් කිරීමය. මොහු 2011 සිට 2015 දක්වා මෙම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර හෙබවූ අතර ආනන්ද පීරිස්ගේ හැටි හොදාකාරව දන්නා සෙබලුන් කල් තියා මොහු හැර වෙනත් සුදුස්සෙකු ගෝටාගෙන් ඉල්ලා ඉල්ලීම් කළහ. අවාසනාවට ඒ සියලු ලියුම් කමල් ගුණේ හරහා ආනන්ද පීරිස් අතටම පත්වීමෙන් මේ වනවිට සමස්ත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන්ම පළිගැනීමට ආනන්ද පීරිස් පටන්ගෙන ඇත. එහි පළමු අදියර ලෙස සමස්ත දෙපාර්තමේන්තුවේම ආහාර දීමනාව මේ වනවිට කපාදමා ඇති අතර ඔහු ඒ පිළිබඳව ප්‍රසිද්ධියේම වහසි බස් දොඩමින් සියලුම සෙබළුන්ට තර් ජනය කරමින් තමන්ට අවනත කරගැනීමට කටයුතු කරමින් සිටියි.

රණවිරු ගාය ගැන මහත් උජාරුවෙන් කතාකරන පොහොට්ටු කාරයින්ට යුද්ධය ඉවර වී වසර 6ක් ගතවුවද මානුශීය මෙහෙයුම වෙනුවෙන් නිහඬ නමුත් සුවිශේෂ සේවයක් ඉටුකළ මෙම බළකාය රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් ලබන තත්වයට පත්කිරීමට කිසිදු උවමනාවක් නොතිබුණි. 2015 ජනාධිපතිවරණය ආසන්න දිනක මෙම ආනන්ද පීරිස් විසින් මහින්ද රාජපක්ෂ අන්දා ලකුණු දාගැනීම පිණිස සිවිල් ආරක්ෂක භට භටවරියන් 5000ක් මිහින්තලේ පිට්ටනියකට වැසි දිනක ගෙන්වා හොර ස්ථිර පත්වීම් ලිපියක් දුන්නේය. වැඩේ ලත් තැනම ලොප් වූයේ එම ලිපිය කිස්දු වාණිජ බැංකුවක් පිළිනොගත් නිසාය. 35,000ක් පමණ වන සිවිල් ආරක්ෂක බළකායේ ඡන්ද එතැනින්ම මහින්දට නැති වූයේ ආනන්ද පීරිස් නිසාය. 2015 මහින්දගේ පරාජයට මූලික හේතුවක් වූ ආනන්ද පීරිස් 2020 දීද මහින්දට ගෝටා හරහා වළ කපන බව මේ වනවිට පැහැදිලිව පෙනෙන්නට තිබේ.

2011 වර් ෂයේ සිට සිවිල් ආරක්ෂක දෙපාර් තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස රියර් අද්මිරාල් ආනන්ද පීරිස් සිටි කාල වකවානුවේ සිට දෙපාර් තමේන්තුව මගින් රජය වෙත උපයා දුන් මූල්‍යමය ආදායම් පහත පරිදි වේ.

2011 වර් ෂයේ – මිලියන 45

2012 වර් ෂයේ – මිලියන 51

2013 වර් ෂයේ – මිලියන 48

2014 වර් ෂයේ – මිලියන 56

2015 වර් ෂයේ සිට සිවිල් ආරක්ෂක දෙපාර් තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කීර්තිමත් පරිපාලන නිලධාරියෙකු වූ චන්ද්‍රරත්න පල්ලේගම මහතා සිටි කාලවකවානුවේ දෙපාර් තමේන්තුව මගින් රජය වෙත උපයා දුන් මූල්‍යමය ආදායම් පහත පරිදි වේ.

2015 වර් ෂයේ – මිලියන 323

2016 වර් ෂයේ – මිලියන 1056

2017 වර් ෂයේ – මිලියන 1143

2018 වර් ෂයේ – මිලියන 996

2019 වර් ෂය – මිලියන 1185

ආදායම් විසිගුණයකින් පමණ වැඩි වීමෙන්ම ආනන්ද පීරිස්ගේ දූෂණ හා කියුම් කෙරුම් ගැන ඕනැම පුද්ගලයකුට සිතාගත හැකිය. පත්වී මාසයක් ගත නොවූවද ආනන්ද පීරිස් විසින් පරිහරණය කරනු ලබන වාහන අවභාවිතාවය මෙසේය.

1. 300 – 6641 – බෙන්ස් කාර් රථය – බිරිඳගේ පරිහරණය සඳහා

2. HK – 1551 – ජගුවර් කාර් රථය – පුතා ගාල්ලේ ව්‍යාපාරික ස්ථානයේ පරිහරණය සඳහා

3. JR – 3456 – මොන්ටෙරො ජීප් රථය – දෙවැනි පුතාගේ පරිහරණය සඳහා

4. KD – 9380 – කැම්රි කාර් රථය – නුවරඑළියේ හෝටලයේ පරිහරණය සඳහා

5. KX – 8227 – නිසාන් කාර් රථය – ආනන්ද පීරිස් මහතා

6. JQ – 8461 – ප්‍රාඩෝ ජීප් රථය – ආනන්ද පීරිස් මහතා

7. KB – 7591 – ඩිෆෙන්ඩර් රථය – ආනන්ද පීරිස් මහතාගේ ආරක්ෂක රාජකාරි සඳහා

8. KB – 7612 – ඩිෆෙන්ඩර් රථය – ආනන්ද පීරිස් මහතාගේ ආරක්ෂක රාජකාරි සඳහා

9. GA – 4428 – ඩිෆෙන්ඩර් රථය – ආනන්ද පීරිස් මහතාගේ ආරක්ෂක රාජකාරි සඳහා

10. 254 – 0855 – කැබ් රථය – නාවික හමුදාවේ ලුතිනන් කරුණාරත්න ඥාතිවරයාගේ නිවසේ කටයුතු සඳහා

මෙයට අමතරව තවත් කැබ් රථ 3ක් හා මෝටර් සයිකල් 3ක් රුක්මලේ නිවසේ හා පැලවත්ත නිවසේ පෞද්ගලික කටයුතු සඳහා යොදවා ඇත. තවද තීරුබදු රහිත බලපත්‍රයෙන් ලබාගත් කෝටි 1 ½ පමණ වටිනා සුදු පැහැති ලෑන්ඩ් කෲෂර් ජීප් රථයක් භාවිතා කරන අතර එයට යොදවා ඇති මුදල් කාගේ ද?

රටේ මේ වනවිට කිසිදු යුද්ධයක් හෝ ආරක්ෂක අඩුපාඩුවක් නොමැති මොහොතක වුවද අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස්ට නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බළගණයෙන් සෙබළුන් 20 දෙනෙකු අනුයුක්ත විශේෂ ආරක්ෂාවක් සලසන්නේ කුමක් නිසාද? ජනාධිපති පවා මේ වනවිට පිරිවර රථ සීමා කර ඇති මොහොතක විශ්‍රාම ගොස් සිට නැවත පැමිණි සිවිල් ආරක්ෂක ලොක්කාට පමණක් විශේෂ නාවික හමුදා සෙබළුන් මගින් ඩිෆෙන්ඩර් රථ 3කින් ආරක්ෂාව සැලසීමට රටේ ඇති ආරක්ෂක අඩුපාඩුව කුමක්ද?

අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් විසින් 2011 සිට 2016 වසර දක්වා සිවිල් ආරක්ෂක දෙපාර් තමේන්තුවේ සිටි කාලයේදී සිවිල් ආරක්ෂක දෙපාර් තමේන්තුව උපයන ලද මුදලින් ගන්නා ලද ස්ථිර වත්කම් කිහිපයක්….

1. පන්නිපිටිය රුක්මලේ නිවස සම්පූර්ණයෙන් ඩෝසර් කර අති නවීන සුඛෝපභෝගි නිවසක් බළකා සෙබලුන්ගේ ශ්‍රමයෙන් ඉදි කර ගැනීම

2. පැලවත්ත ඉසුරුපාය අසල පෙරේරා මාවතේ අංක 715 දරන නිවස ඥාතියෙකුගේ නමින් මිලදී ගෙන සිවිල් ආරක්ෂක භටයින් යොදවා නවීකරණය කර මාසික කුලියට ලබාදීම. ආදායම් දෙකකි. එකක් සිවිල් ආරක්ෂක දෙපාර් තමේන්තුවේ ආදායම් අවභාවිතා කර තම පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම සහ එම මුදලින් ඉදි කරන ලද නිවස කුලියට ලබාදීමෙන් මාසිකව ලබාගන්නා මුදල

3. නුවරඑළිය, කළු කැලේ පාරේ, ඉසුරු සෙවණ අංක 27 හි ඇති අති සුඛෝපභෝගි හෝටලය දැනට Mobitel ආයතනයට බදු පදනම මත ලබාදී ආදායම් උපයා ගනියි. 2019.12.06 වනදා රියර් අද්මිරාල් ආනන්ද පීරිස් දෙවන වරටත් සිවිල් ආරක්ෂක දෙපාර් තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස රාජකාරි භාරගත් මොහොතේ පළමු රාජකාරිය ලෙස අප සිවිල් ආරක්ෂක භට කණ්ඩායමක් එම හෝටලයේ ප්‍රතිසංස්කරණය සඳහා යවන ලදි.

 

4. සිවිල් ආරක්ෂක දෙපාර් තමේන්තුවේ තමන්ට හිතවත් අණදෙන නිලධාරින් මාර් ගයෙන් උපයාගත් ධනයෙන් තෙවන ආදායම් මාර් ගය ලෙස ගාල්ලේ වාහන service මධ්‍යස්ථානයක් ඉදිකර ඇත. එහි ලිපිනය MOTOPET, 32, ඛේමානන්ද මාවත, බටගංවිල, ගාල්ල වේ.

5. ඊළඟ ආදායම් අවභාවිතයෙන් ඉදිකරන ලද ගල්කිස්සේ තැබෑරුම සහිත හෝටලය Waves Seafood Grill Restaurant and Pub අවන්හල හතරවන ආදායම් මාර් ගයයි. එහි ලිපිනය Waves Seafood and Grill Restaurant, 58/6, අල්විස් පෙදෙස, දෙහිවල.

අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් මේ සියලුම දේපළ උපයා ගත්තේ 2011 සිට 2014 කාලවකවානුවේදී බව අප වගකීමෙන් ප්‍රකාශ කර සිටිමු. රජයට හිමිවිය යුතු විශාල ආදායමක් මෙම අධ්‍යක්ෂ ජනරාල්වරයා තම පෞද්ගලික ව්‍යාපාර සඳහා යොදාගෙන ඇති අතර නාවික හමුදා වැටුපෙන් මෙවැනි විශාල දේපළ තොගයක් ලබා ගත හැකිද යන්න පිළිබඳව වෙනමම පරීක්ෂා කර බැලිය යුතුය. සැබැවින්ම නාවික හමුදා වැටුපෙන් මෙසේ කළ හැකි නම් වැඩ කරන අපේ මිනිසා විය යුත්තේ ගෝටා නොව ආනන්ද පීරිස්ය. මෙවැනි දූෂිත නිලධාරින් ධන කුවේරයන් බවට පත් වූයේ ඔහුටම කියාපු බළකා අණදෙන නිලධාරින් සිටි නිසාය. තමන්ට හිතවත් දූෂිත නිලධාරින් පමණක් දෙපාර්තමේන්තුව තුල රඳවා ගනිමින් වංචාවට හා දූෂණයට අකැමැති අවංක නිලධාරින් බොරු චෝදනා නගා ආපසු ත්‍රිවිධ හමුදා වෙත යැවීමේ කූට උපක්‍රමයක් මෙම අද්මිරාල් පීරිස් විසින් සිදු කරගෙන යයි.

සිවිල් ආරක්ෂක දෙපාර් තමේන්තුවේ භටවරියන් තිදෙනෙකු අපයෝජනය කළ (තම බිරිඳ උසස් හමුදා නිලධාරියෙකු සමඟ පැනගිය නිසා) කර්නල් රත්නසිංහ නමැති දූෂිත යුධ හමුදා නිලධාරියා නැවතත් අප දෙපාර්තමේන්තුවට අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් විසින් යළිත් ගෙන්වා ගෙන ඇත. ඔහුගේ පැමිණීම පිළිබඳව ප්‍රධාන කාර්යාලයේ සියලුම භටවරියන් සිටින්නේ ඉතා කළකිරීමෙනි. ආරක්ෂක අමාත්‍යාංශය ගත් තීරණයකට අනුව සිවිල් ආරක්ෂක දෙපාර් තමේන්තුවට අනුයුක්තව සේවය කරන ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරින් අනුයුක්ත වී සිටිය හැක්කේ උපරිම අවුරුදු 3ක් පමණි. ඉහත කී නිලධාරියා අවුරුදු 5ක් සේවය කර හමුදාවට ගොස් සිටි අතර අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් ඔහුව යළිත් දෙපාර්තමේන්තුවට ගෙන්වා ගෙන ඇත්තේ කුමන අවසරයක් සහිතවද?

සහයට ඩැනී… සහකාර පොලිස් අධිකාරි ජගත් විජේසුන්දර

සහකාර පොලිස් අධිකාරි ජගත් විජේසුන්දරව අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් විසින් යළිත් දෙපාර් තමේන්තුවට ගෙන්වා ගෙන ඇති පට්ට හොරෙකි. ජනාධිපති කාර්යාලයේ සුභසාධන අංශය මගින් ප්‍රතිපාදන ලබාදුන් පුස්තකාල ව්‍යාපෘතිය මගින් පුස්තකාල සාදන බවට යෝජනා ඉදිරිපත් කර විශාල මුදලක් වංචා කළ පුද්ගලයෙකි. මොහු පොලිස් උපපරීක්ෂක ධූරයේ සිට පොලිස් පරීක්ෂක ධූරයටත්, සහකාර පොලිස් අධිකාරි ධූරයටත් උසස්වීම් ලැබුවේ දෙපාර් තමේන්තුවේ සිටි කාලය තුලදීමය. ජනාධිපති කාර්යාලයේ 2012 දී පමණ ලබාදී තිබූ බැකෝ රථ හා ටිපර් රථ 2ක් ලබාදුන් දිනයේ සිට පුස්තකාල ව්‍යාපෘති සඳහා යැයි පවසා රැගෙන ගොස් තිබූ අතර ඒවා නැවත දෙපාර් තමේන්තුවට අයිති වියයුතු බව දෙපාර් තමේන්තු ප්‍රවාහන අංශය පරීක්ෂණයකින් පසු සොයාගත්තේ 2016 වසරේදීය. 2012 වසරේ සිට 2016 වසර දක්වා වසර 4ක් මෙම බැකෝ රථ හා ටිපර් රථ 2 තම පුද්ගලික දේපළක් ලෙස සලකා තම පෞද්ගලික කාර්යයන් සඳහා තබාගනිමින් වැලි, පස්, ගල් ඇදීම සඳහා කුලියට ලබාදී කෝටි ගණනක් මුදලක් උපයාගෙන ඇත. මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ තවමත් පරීක්ෂණ ක්‍රියාත්මක අතර පරීක්ෂණ යන අතරතුරදී මෙම නිලධාරියාව නැවතත් අප දෙපාර් තමේන්තුවට පැමිණියේ කෙසේද යන්න අප සියලු දෙනාටම පුදුමයකි. අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් විසින් යළිත් ඔහුටම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රවාහන අංශයම භාරදීම තවත් පුදුමයකි. දැනට මහා පරිමාණ වංචාවන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ පරීක්ෂණයක් කරමින් පවතින අතරතුර මෙම නිලධාරියාටම අප දෙපාර් තමේන්තුවේ එම රාජකාරියටම පැවරීමත්, යළිත් සහකාර පොලිස් අධිකාරි වරයෙකු උප පොලිස් පරීක්ෂකවරයෙකු සිටි ධූරයකට යළිත් පැමිණීමත් අපට හඟවන්නේ අප පුදුම රටක ජීවත්වන බවය. එසේම මොහු විසින් ප්‍රවාහන අංශයේ රාජකාරි කළ දෙපාර් තමේන්තු කාර්යාල සේවිකාවක සමඟ කාර්යාලය තුලදීම ප්‍රසිද්ධියේ ලිංගික සම්බන්ධතා පැවැත් වූවෙකි. දැනට දික්කසාද වී සිටින සහකාර පොලිස් අධිකාරි ජගත් විජේසුන්දරට දාව දියණියක් ඇයට සිටින අතර දෙපාර්තමේන්තු සේවා වනිතා ඒකකයෙන් ලද පානදුර නිවසක ඔවුන් මේ වනවිට ජීවත් වෙයි.

කර්නල් මිල්ලවාන නමැති ශිෂ්‍ය භට ඒකකයේ නිලධාරියා වසර 8කට වඩා සිවිල් ආරක්ෂක දෙපාර් තමේන්තුවේ සිට මේජර් ජනරාල් කොස්වත්ත මහතා විසින් ඔහුට ඇති චෝදනා නිසාම දෙපාර් තමේන්තුවෙන් පන්නා දැමූ අයෙකි. වව්නියාව හා හොරොව්පතාන බළකාවල අණදෙන නිලධාරි ලෙස සේවය කළ මොහුට මුදල් වංචා, භටවරියන් සමඟ ලිංගික සම්බන්ධතා තිබූ හෙයින් සැමියන් විසින් ඔහුට පහර දුන් අවස්ථා හා මේ නිසාම පොලිස් කූඩුවේ දවසක් රැඳී සිටීමට සිදුවූ නිලධාරියෙකි. එසේම මුදල්වලට දැඩි ආසාවක් දක්වන නිලධාරියෙකි. ගුරු සේවයේ සිට හමුදාවට පැමිණ ඇති මොහුගේ වත්කම් පිළිබඳව වෙනමම අල්ලස් දෙපාර් තමේන්තුව මගින් වෙනමම පරීක්ෂා කරන ලෙස ඉල්ලා සිටිමු.

මේජර් කමල් ජයවීර යුධ හමුදාවේ වසර 16ක් පමණ සේවය කර ඇතත් අප දෙපාර් තමේන්තුවට පැමිණි දා සිට කිසිදු උසස් වීමක් ලබා නොමැත. අප දෙපාර් තමේන්තුවේ අවුරුදු 16ක් සේවය කොට කොස්වත්ත මහතා විසින් මුදල් වංචා චෝදනා නිසා පන්නා දැමූ අයෙකි. මෙම නිලධාරියා අප දෙපාර් තමේන්තුව පටන්ගත් දා සිට 2017 දක්වා අප ආයතනයේම සේවය කර ආරක්ෂක අමාත්‍යාංශයේ අවුරුදු 3 නීතිය නිසා හා රජයේ මුදල් වංචා නිසා එලවා දමන ලද අයෙකි. ඔහුද ආනන්ද පීරිස්ගේ නව පත්වීමත් සමඟ දෙපාර් තමේන්තුවට යළිත් පැමිණීමට නියමිත බව ආරංචි වී ඇත.

කර්නල් විරාජ් ප්‍රනාන්දු වසර 6ක් අප දෙපාර් තමේන්තුවේ සේවය කර ආරක්ෂක අමාත්‍යාංශයේ අවුරුදු 3 නීතිය නිසා හමුදාවට යාමට සිදුවී නැවතත් අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් විසින් බඳවා ගෙන ඇත. 2011-2014 දක්වා වූ හොරකම් නැවත කිරීම සඳහා මෙම නිලධාරියා යළිත් ගෙන්වා යාපනය, කිළිනොච්ච්, මුලතිවු ඒකාබද්ධ බළකායේ ඒකාබද්ධ අණදෙන නිලධාරි ලෙස පත් කිරීමෙන් සැරසෙන්නේ 2015ට පෙර කාලයේ සිදුකළ හොරකම් හා දූෂණ නැවතත් කිරීමට බව පැහැදිලිය.

එසේම විල්පත්තු ප්‍රාදේශීය සභා පොදුජන මන්ත්‍රීවරියකගේ යෝජනාවකට අනුව අප සිවිල් ආරක්ෂක භටයින් 7 දෙනෙකු අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් විසින් කිසිදු හේතුවක් නොදක්වා මාරු කර යවා ඇත්තේ ඔවුන් එක්සත් ජාතික පාක්ශිකයන් කියා නමුත් සැබෑ කරුණ වන්නේ පෞද්ගලික පළිගැනීමකි.

එසේම 2020.01.26 වනදා අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස්ගේ පන්නිපිටිය රුක්මලේ නිවසේ පාටියක් පැවැත්වන බව පවසමින් දෙපාර් තමේන්තුවේ බළකා 26 න්ම හා උපබළකා වල සිටින අණදෙන නිලධාරින් අනිවාර්යයෙන් රුපියල් 50,000 ලබාදිය යුතුබව අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් අලුතින් ගෙන්වා ගත් දූෂිත ජගත් විජේසුන්දර සහකාර පොලිස් අධිකාරිවරයා සෑම බළකායකටම නියෝගයක් නිකුත් කර ඇත. එයත් අන්තිමේදී කැපෙන්නේ අසරණ සිවිල් ආරක්ෂක භටයින්ගේ වැටුපෙනි.

මෙයට අමතරව යුද්ධ හමුදා අණදෙන නිලධාරින් අතර නොසන්සුන්තාවයක් හා වෛරයක් පැතිරවීමට අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් කටයුතු කරමින් සිටියි. දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ මෙහෙයුම් කර් නල් ප්‍රියන්ත විජේගුණවර්ධන තනතුරේ සිටියදීම ඔහුව තනතුරෙන් ඉවත් නොකර කර් නල් රත්නසිංහ නම් දූෂිතයා එම තනතුරට පත්කර ඇත. කර් නල් රංචාගොඩ මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස සිටියදීම කර් නල් රත්නසිංහ නමැති දූෂිතයාටම එම තනතුරත් ලබාදී ඇත. එලෙසම යාපනය, කිළිනොච්චි, මුලතිව් ඒකාබද්ධ අණදෙන නිලධාරි කර් නල් මලල්දෙණිය සිටියදීම කර් නල් විරාජ් පෙරේරා යන දූෂිතයාව එම තනතුරට පත්කර ඇත. ජනාධිපතිතුමනි, මේවා පුදුම පත්කිරීම්ය. මෙවැනි අනුවණ ක්‍රියා කරමින් භට භටවරුන් අතර මෙන්ම අණදෙන නිලධාරින් හා අධ්‍යක්ෂ මණ්ඩලය අතර පවා වෛරය පතුරුවමින් දෙපාර් තමේන්තුව අගාධයකට තල්ලු කරමින් සිටියි.

නිලධාරීන්ට හා භටයින්ට ඔහු විසින් තෝරාගත් ඔත්තු දෙන භටයින් මගින් කේළාම් බස් අසා දෙපාර්තමේන්තුවේ සියලු දෙනාටම අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් බැණ වදිමින් තර් ජනය කරයි. සිවිල් ආරක්ෂකයින් රාජ්‍ය සේවයේ ස්ථිර කරපු එක වැරදි බවත්, අප බුලත්විට කා බීඩි බී ඉන්නා කාලකන්නි පිරිසක් බවත් අපගෙන් කිසිදු ගෞරවනීය සේවයක් නොලැබෙන බවත් අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් ප්‍රසිද්ධියේ පවසමින් සමස්ත දෙපාර් තමේන්තුවම හෑල්ලුවට ලක්කරමින් බියෙන් ත්‍රස්ත කර අලුතින් යළිත් පත්ව ආ දූෂිත නිලධාරින් පිරිසත් සමඟ දෙපාර් තමේන්තුවේ ත්‍රස්තවාදී පාලනයක් ගෙනයයි.

එසේම මහ මැතිවරණයෙන් පසු ඉක්මණටම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යළිත් බළකායක් බවට පත් කර විශ්‍රාම වැටුප් අහිමි කරන බවද අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් ප්‍රසිද්ධියේ කියයි. සිවිල් ආරක්ෂක අප ඉල්ලා සිටින්නේ අප සිවිල් ආරක්ෂක මූලස්ථානයට හෝ බළකායකට හෝ භටයින් සමඟ හෝ බුද්ධි අංශ මගින් සියුම්ව බුද්ධි වාර් තා රැගෙන අප දෙපාර් තමේන්තුව සියුම්ව නිරීක්ෂණය කරන ලෙසටයි. 2019.11.16 වනදා ගෝටාභය සමඟ සිටි සිවිල් ආරක්ෂක භටයින් පවා මේ කරුණු නිසාම ගෝටාභයගේ ජයග්‍රහණයට සාප කරන තත්වයකට පත්ව ඇත.

මෙම විශ්‍රාම ගොස් සිටි අවු 68 ක් වන වයෝවෘද්ධ අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් දෙවන වරට පත්කර එවීම , ඔහ ගෙන්වා ගන්නා දූෂිත නිලධාරින් හා අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස්ගේ දේපළ හා නාස්තිය පිළිබඳව බුද්ධි අංශ හෝ යොදවා කරුණු සොයා බැලිය යුතුය. යම් ස්ථාවරයකට පැමිණ ඇති අප දෙපාර්තමේන්තුව මෙම දූෂිත අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් හා ඔහුගේ සහචරයින් විසින් කඩා වැට්ටීමට ඉඩ නොදෙන ලෙසයි.

2015.01.08 දින මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීමට පළමු හේතුවක් වූයේද මෙම දූෂිත අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් මය . අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් විසින් 2015 ජනාධිපතිවරණය කිට්ටුව අප සිවිල් ආරක්ෂක භටවරුන් 25,000ක් පමණ මිහින්තලේ විශ්ව විද්‍යාල පිට්ටනියට ගෙන්වා ස්ථිර පත්වීම් දෙන බව පවසමින් සිදු කළ මහා බොරුව හේතුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් පරාජය වීමට ප්‍රධාන හේතුවක් වූ බව වගකීමෙන් ප්‍රකාශ කර සිටින්නෙමු. සිවිල් ආරක්ෂක දෙපාර් තමේන්තු මූලස්ථානය පුදබිමක පිහිටා ඇතත් එහි වැඩවාසය කරන ස්වාමීන් වහන්සේලාට පවා ගරහමින් ඔවුන්ව ප්‍රතිකේෂ්ප කිරීමේ මන්ද මානසික තත්ත්වයක් අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස්ට පවතියි.

වෛරී සහගතව පළිගැනීම්වලට ලක්ව අසරණව සිටින සිවිල් ආරක්ෂක භටවරුන් දැඩි විශ්වාස භංගත්වයට පත්ව ඇති අතර තවදුරටත් මෙම පාලකයින් පිළිබඳව දැඩි අවධානයට ලක් කර සාධාරණ විනිශ්චයක් බලාපොරොත්තුවෙන් සිටියි. මූලස්ථානයේ මෙන්ම බළකාවල සිටින සියලුම භට භටවරියන් දැඩි මානසික පීඩණයකට ලක්කර ඇති අතර මෙම අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස්ගේ එකම කාර් යය පළිගැනීම පමණි. මේ සියලු තොරතුරු පිළිබඳව අවධානය යොමුකර මෙහි සත්‍ය අසත්‍යතාවය පරීක්ෂා කර, නිසි විමර් ශනයක් සිදු කර බුද්ධිමත් හා සාධාරණයක් ඉටු කර පළිගැනීම් වලින් තොර නව සුදුසු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලබාදෙන ලෙස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියලුම භට භටවරියන් මෙයින් ඉල්ලා සිටිමු.

~~සිවිල් ආරක්ෂක පොඩ්ඩා~~
Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…





Loading…


Top