LNN SPY

“මම දිනනකොට ඔය රාජ්‍ය නාලිකා එකක්වත් මට තිබුනේ නෑ….” රාජ්‍ය මාධ්‍ය වලට රජයේ උදව් නෑ…. පුලුවන් නම් කරගෙන යන්න…. සේවක කප්පාදුවක් අතලගම!

Published on: Feb 8, 2020 – මින් ඉදිරියට රාජ්‍ය මාධ්‍ය ආයතන පවත්වාගෙන යෑම සදහා මහා භාණ්ඩාගාරයෙන් හෝ රජයේ වෙනත් කිසිමආයතනයකින් මුදල් ලබාදිමට තමන් සුදානම් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය මාධ්‍ය ආයතන සභාපතිවරුන්ට සaජුවම දැනුම් දි තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

රාජ්‍ය මාධ්‍ය ආයතන දැඩි ලේස පාඩු ලබන බවත් ඊට ප්‍රධානම හේතුව ප්‍රමාණය ඉක්මවා ගිය සේවක මණ්ඩලය බව පෙන්වා දි ඇති ජනාධිපතිතුමා එම වැරදි නිවැරදි කරගනිමින් වියදම් පියවා ගැනිමේ ක්‍රමවේදයක් සකස් කර ගනිමින් හැකිනම් පමණක් එම ආයතන පවත්වාගෙන යන ලෙස දැනුම් දි තිබේ.

පෞද්ගලික නාලිකා වත්මන් රජයට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සහය ලබාදෙන බව පෙන්වා දි ඇති ජනපති, සිනාසෙමින් පවසා ඇත්තෙ “කොහොමත් මම දිනනකොට ඔය රාජ්‍ය නාලිකා එකක්වත් මට තිබුනේ නෑ ” යනුවෙනි.

එක් ක් රාජ්‍ය මාධ්‍ය ආයතන සතු දේපළ සම්බන්ධයෙන් වාර්තාවක් මාසයක් තුල තමන්ට ලබාදිමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදි නියෝග කර තිබේ.

රාජ්‍ය මාධ්‍ය ආයතන පොලවට සමතලා කර එවා සතු සම්පත් රාජපක්ෂලාට කඩේ යන කළු මාධ්‍යයට ලබාදිම සදහා කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් මේ වනවිට දියත්ව තිබේන බවත් ඒ සදහා රාජ්‍ය මාධ්‍ය යාන්ත්‍රනය සම්පූර්ණයෙන්ම දියකර හැරිම සදහා මෙහෙයුමක් දියත් වන බවද මේ වනවිට අනාවරනය වෙමින් තිබේ.(ITN,SLBC,SLRC)

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…



Top