LNN SPY

රාජපක්ෂලා කොල්ල කෑ මහජන ධනය ලෝවපුරා කැරකෙන හැටි…. නිශාන්ත රාජපක්ෂ,ලලන්ත වටදුර හරහා ලන්ඩන් බිජ්ජා දක්වා විහිදුන ජාවාරම… නිමි ඇදුම් ව්‍යාපාරයට සහ දේශපාලන බලයට මුවාවි ජනතා මුදල් ගිලින හැටි…

Published on: Feb 16, 2020- රාජපක්ෂලා නම් හොරු… හොරු නම් රාජපක්ෂලා…. රුපියල් මිලියන 600කට පොලු තබා සේවකයන් පාරට දමා අතුරුදන් වු රාජපක්ෂ! එක්සත් ජාතින්ගේ සංවිධානයටත් වංචා කරලා… යහපාලනයත් ආරක්ෂා කල කම්බ හොරු රටේ ජනතාවට බාරයි…. යනුවෙන් නිශාන්ත රුවන් සෙනවිරත්න රාජපක්ෂ හෙවත් කෙටියෙන් මේජර් නිශාන්ත රාජපක්ෂගේ දුෂණ වංචා රැසක් අප විසින් අනාවරණය කල අතර මේ එම අනාවරණයේම දිගුවකී.

දැනට අනාවරණය වන ප්‍රමාණයට අනුව මේජර් නිශාන්ත රාජපක්ෂ නැමත්තා Pan Asia Bank සදහා මිලියන් 70ක පොල්ලක් තබා ඇති අතර එම මුල්‍ය වංචාව සදහා එම බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයෙකු සaජුවම සම්බන්ධ වි ඇති බවද අනාවරණය වි තිබේන අතර ඔහු සම්බන්ධයෙන් ඉදිරියේදි අනාවරණය කිරිමට අප කටයුතු කරනු ඇත. ඊට අමතරව Union Bank වට මිලියන 4ක්,Seylan Bank වට මිලියන 6ක්, HSBC බැංකුවට මිලියන 2ක් සහ Nations Trust Bank සදහා මිලියන 3ක් මෙන්ම රාජ්‍ය බැංකු සියල්ලටම මිලියන් ගණනින් පොලු තබා ඇති අතර සම්පූර්ණයෙන් ඔහු වංචා කල මුදල රුපියල් මිලියන 600කට අධිකයි.අද වනවිට නිශාන්තලා පවුල් පිටින්ම අතුරුදහන්ව සිටි නමුත් එම මුදල් අද කොහේ හෝ ආයෝජන වන බව නොරහසකි.

මේජර් නිශාන්තගේ පුත් ශවීන් රාජපක්ෂ ඔස්ට්‍රේලියාවේ භාවිතා කරන මොටර් රථ්‍ ය…

මේජර් නිශාන්තගේ පුත්‍රයා ඔස්ට්‍රේලියාවේ Deakin University හි අධ්‍යාපණය හදාරණ අතර ඔහුට ජිවත් විමට තනි නිවසක්, මොටර් රථයක් තිබේන බවත් අප පසුගිය වාර්තාවෙන් අනාවරණය කළා. ශවීන් රාජපක්ෂ හෙවත් මේජර් නිශාන්තගේ පුත්‍රයා විවාහය විමට සිටින්නේද ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ලලන්ත වටදුරගේ දියණිය වන ඉදුනී වටදුර සමග වන අතර මේජර් නිශාන්ත කූට ආකාරයට උපයාගත් මුදල් වලින් වැඩි ප්‍රමාණයක් ලලන්තලාගේ ව්‍යාපාර වලට යොදවා තිබේන බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

නිශාන්ත රාජපක්ෂ,නිරෝෂා රාජපක්ෂ සහ ශවීන් රාජපක්ෂ සහ ඉදුනී වටදුර 

ලලන්ත වටදුර යනු EKKO Brand හී අයිතිකරු වන අතර කුඩා ව්‍යාපාරයක්ව සිට එක්වරම විශාල ව්‍යාපාරයක් දක්වා මෙම ව්‍යාපාර ජාලය ඉදිරියට පැමිණිම සිදුවන්නේ නිශාන්ත රාජපක්ෂලාගේ අතුරුදහන් කාල සිමාට සමගාමිවය.EKKO Brand වලට අමතරව අද වනවිට නිමි ඇදුම් ක්ෂේත්‍රයේ ව්‍යාපාර රැසක ලලන්තලා විවිධ ආයෝජනයන් කර තිබේ.

ලලන්තලා EKKO Premier Formal Shirt එළිදැක්වීම් ODEL හිදි සිදුකරනු ලැබු අතර එම විවෘත කිරිමේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටියෙ සොෆ්ට්ලොජික් ව්‍යාපාර සමූහයේ සභාපති,ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ නව සභාපති අශෝක් පතිරගේ මහතායි.

ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්ව සිටි සමයේ ඔහුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවා ඇති නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවකු ලෙසද අශෝක් පතිරගේ නම් කර තිබුනා.රාජපක්ෂලාගේ කළු සල්ලි සුදු කිරිමේ කුප්‍රකට ජාවාරමේ ඉදිරියෙන් සිටින අශෝක් ගෝඨාභය ජනාධිපති වි ශ්‍රීලංකන් ගුවන්සේවයේ සභාපතිවරයා ලෙස පත්කිරිමට කටයුතු කරනු ලැබුවා.ඒ අනුව රාජපක්ෂලාගේ කලු සල්ලි සුදුකිරිමේ මෙහෙයුමේ ලලන්ත යනු තවත් එක් ඉත්තේකු බව පැහැදිලිය.

ලංකාවේ සිටි ක්‍රිකට් ක්‍රිඩකයෙකු මෙන්ම පොහොට්ටුවේ අන්තවාදී කදවුරේ දේශපාලඥයෙකු වන තිලකරත්න් ඩිල්ෂාන් දේශපාලනයට පිවිසෙන්නේ නිකංම නොවන බව මතක තබා ගන්න …

නාමල් සමග රගර් ගැසු කවුද මේ රෝෂාන් …!!!

ලලන්ත වටදුරට අයත් එංගලන්තයේ ව්‍යාපාරයක් දියත් වන බවත් එම ව්‍යාපාරය භාරව සිටින්නේ නාමල් රාජපක්ෂ සමග රගර් ගැසු රෝෂාන් නැමත්තේකු බවත් අප පසුගිය වාර්තාවෙන් අනාවාරණය කළා. රෝෂාන් ගුණරත්න (Roshan gunaratne) හෙවත් ලන්ඩන් බිජ්ජා ලෙස හදුන්වනු ලබන මොහු යහපාලන ආණ්ඩුව සමයේ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යවරයාව කටයුතු කල මලික් සමරවික්‍රමගේද සමීප කටයුතු කල අතර,එවකට ලන්ධන් බිජ්ජා මලික්ගේ කොලුවෙකු ලෙසද ප්‍රසිද්ධවි සිටියා.

CLS AIRLINE SUPPLIES LIMITED

ඥාතියෙකු හරහා ලලන්ත එංගලන්තයේ පවත්වාගෙන යන CLS AIRLINE SUPPLIES LIMITED නමින් හිතෘ ගුවන් තොටුපලේ සිට ශ්‍රි ලංකන් ගුවන් යානා වලට කෙට්‍රින් (catering) කරන සර්විස් එකක් පවතාගෙන යන අතර රෝෂාන් ගුණරත්න හෙවත් ලන්ඩන් බිජ්ජා එහි හිමිකරු ලෙස පෙනී සිටිනවා. Unit 2.16, Wembley Commercial Centre, East Lane, Wembley, Middlesex, England, HA9 7UR යන ලිපිනයේ පවත්වාගෙන යන එම සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටින්නෙ දිප්ත දර්ෂණ වටදුර සහ සාෂා වටදුර වන අතර නිශාන්ත රාජපක්ෂ විසින් කොල්ල කන ලද කෝටි ගණනක මුදල් මෙම සමාගමේද ආයෝජනා කර තිබේන බව සමාගමේ වාර්ෂික අයෝජන වාර්තා අනාවරණය කර තිබේ.

දිප්ත දර්ෂණ වටදුර සහ සාෂා වටදුරගේ එංගලන්තයේ ව්‍යාපාර සම්බන්ධයෙන් සෑක සංකා මතුවිම ආරම්භ වන්නේ ඔහුන් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් අවස්ථා ගණනාවක ව්‍යාපාර 9ක් ආරම්භ කර ඇති අතර එම ව්‍යාපාර අයෝජන සිදුකර කෙටි කාලයකදි වසාදැමිම ඔහුන්ගේ ව්‍යාපාරවල කුප්‍රකට ජාවාරම් සිදුවන බව තහවුරු කරන්නකි.එනම් ලංකාවේ ජනතාවගෙන් හොරාකන විශාල ධනය විවිධ නාම හරහා ලියාපදිංචි වන සමගම් වලට ලබාගන්නා අතර පසුව එම සමාගම් වසා දමා වෙනත් සමාගමක එම් මුදල් ආයෝජනය කිරිමයි.

(දිප්ත දර්ශණ CLS AIRLINE SUPPLIES LIMITED සමාගම සම්බන්ධයෙන් එංගලන්ත රජයට ලබාදි තිබේන තහවුරුව … පහතින් බලන්න )

යුරෝපයේ ශ්‍රි ලංකන් එයාර්ලයින් භාරව කටයුතු කරනුයේ සජින්ගේ වාස්ගේ සහෝදරයෙකු වන මනොජ් ගුණවර්ධන වන අතර කාලයක් මනෝජ් වර්තමානයේ අත්අඩංගුවේ පසුවන කපිල චන්ද්‍රසේන සිටි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද කටයුතු කර තිබේ. ලන්ධන් බිජ්ජා  මනොජ් ගුණවර්ධන සමීපව ආශ්‍රය කල අතර  අතර ඒ හරහා හිතෘ ගුවන් තොටුපලේ සිට ශ්‍රි ලංකන් ගුවන් යානා වලට කෙට්‍රින් ලබාදිම CLS AIRLINE SUPPLIES LIMITED වෙත ලබාදීමට කටයුතු කර තිබේ.

මේජර් නිශාන්තගේ බිරිද වන නිරෝෂා රාජපක්ෂ සහ ලන්ඩන් බිජ්ජා හෙවත් රෝෂාන්ගේ බිරිද වන නිලුකා විරසුරිය පාසල් මිතුරියන් වන අතර එම සම්බන්ධය හරහා මේම සියලුම ගණුදෙනු ආරම්භ වි තිබේ.ලලන්තගේ බිරිද වන එරෝෂා වටදුරද මේ දෙදෙන සමග සමීපව ආශ්‍රය කරන අය වේ.

නිලුකා විරසුරිය සහ නිලුකා විරසුරිය සමග නිරෝෂා රාජපක්ෂ

ලංකාවේ කුප්‍රකට ව්‍යාපාර ජාලය අවසානයේ ගැට ගැසෙන්නේ නිමි ඇදුම් කර්මාන්ත සමගය.බොහෝ විට එය ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරවපහසුවෙන් පවත්වාගෙන යැමට හැකියාව තිබිම එයට හේතුවි ඇත.ඒ නිසාම නිමි ඇදුම් ව්‍යාපාරයට සහ දේශපාලන බලයට මුවාවි මෙම කල්ලිය රටේ ජනතාවගේ මුදල් කොල්ල කා ඒ හරහා විදේශ ව්‍යපාර ආරම්භ කරමින් කිසිදු ගැටලුවක් නොමැතිව ජිවත් වන අතර ජනතාවගේ මුදල් කොල්ල කෑ ඔහුන් ගැන කිසිම ආකාරයක පරික්ෂණයක් දියත් නොවේ.

ඊට හොදම උදාහරණය වන්නේ මේජර් නිශාන්ත රාජපක්ෂගේ බිරිද වන නිරෝෂා රාජපක්ෂ සුප්‍රකට MAS Holdings (Pvt) Ltd හී HR එකකයේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කල අතර එවකට මාස් හෝල්ඩින්ස් හි හිටපු සමූහ අධ්‍යක්‍ෂවරයාව සිටි ඩයන් ගෝමස් මහතා වන අතර ඩයන්ට ජෝර්ජියාවල කොන්සල් ලෙස පත්විම ලබා ගැනිම සදහා නිශාන්ත රාජපක්ෂ සමග ඩීල් දැමිමයි. නිරෝෂා රාජපක්ෂ සහ ඩයන්ලා අතර තිබු සමීප සම්බන්ධය තහවුරු වන්නේ ඩයන් ගෝමස් හෙළ ක්ලෝතින් සමාගමේ ප්‍රධානීයා ලෙස පත්ව යන විට නිරෝෂාද ඔහු සමග එම සමාගමට එක්වම හරහාය.

එපමණක් නොව රටේ මහජනතාවගේ ධනය රාජපක්ෂ නාමයෙන් කොල්ල කා ඇටි තරම හෙලිකිරිමට අප සතුව සාක්ෂී රැසක් තිබේ. ඒ අතර එම සියලුම අනාවරණයන්ද බලාපොරොත්තු වන්න ….

ඔබගේ අවධානයට …. මේම කල්ලියේ වංචාවන්ට හසුවු බොහෝ පිරිසකගේ විස්තර අප සතුව ඇත.ඔබත් මේ කල්ලියේ වංචාවන්ට හසුවුවෙකු නම් අපට ලියන්න   – lankanewsweb.today@gmail.com

දිප්ත දර්ශණ CLS AIRLINE SUPPLIES LIMITED සමාගම සම්බන්ධයෙන් එංගලන්ත රජයට ලබාදි තිබේන තහවුරුව …

About MR DEEPTHA DHARSHANA WATHUDURA

Mr Deeptha Dharshana Wathudura holds 1 appointment at 1 active company, has resigned from 1 companies and held 7 appointments at 7 dissolved companies. Their longest current appointment spans 1 years, 7 months and 5 days at CLS AIRLINE SUPPLIES LIMITED

The combined cash at bank value for all businesses where DEEPTHA holds a current appointment equals £269.9k, a combined total current assets value of £493.4k with a total current liabilities of £336k and a total current net worth of £301k. Roles associated with Mr Deeptha Dharshana Wathudura within the recorded businesses include: Director, Company Secretary

Director Details

Full Name- Mr Deeptha Dharshana Wathudura

Date Of Birth- Jun 1968

Nationality-British

Director ID- 907021369

අප පසුගිය පෙබරවාරි 8 වැනිදා කල අනාවරණය පහතින් කියවන්න 

http://lankanewsnetwork.org/archives/22857

Top