LNN SPY

21 ප්‍රහාරය ගැන මම 5 වතාවක් ගමරාලට කිව්වා… “අන්තිමේ දී මට ඇප අරං දුන්නේ මහින්ද ” හිස්බුල්ලාගේ ඩොලර් ලක්ෂ ගණනක් එක දවසින් මාරූ කළා…

Published on: Feb 16, 2020- ආරක්ෂක ලේකම්වරයා වශයෙන් තමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පස් වතාවක්ම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර එල්ලවීමේ අනතුරු හැඟවීම දැනුම් දුන් බව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අනාවරණය කර තිබේ.තමන් මේ සියල්ල ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය කිරිමට සුදානම් බවද හේමසිරි ප්‍රනාන්දු පසුගියදා පැවැති සාදයක දී සදහන් කර තිබේ.

බම්බලපිටියේ ඔහුගේ නිවසේ පැවැති මෙම සාදයට තොරාගත් ජනමාධ්‍යවේදීන් සහ නීතිවේදීන් සුලු පිරිසකට ආරාධනා කර තිබුණි.

තමා නිරපරාදයේ මාස හයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ තැබීම් සම්බන්ධයෙන්ද ඔහු සිරිසේන‌ හිටපු ජනාධිපතිවරයාට තදබල ‌ලෙස දෝශාරෝපණය කර තිබේ. තමන්ට ඇප ලැබිම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හේමසිරි සදහන් කර ඇත්තේ “අන්තිමේ දී මට ඇප අරං දුන්නේ මහින්ද ” යනුවෙනි.

තමා මහජන බැංකුවේ සභාපතිව සිටිය දී විදේශයක සිට එවන ලද ඩොලර් 10,000ක් සිය ගිණුමට මාරු දීමට මහ බැංකුව මාසයක් ගත් නමුත් හිස්බුල්ලාට නැගෙනහිර විශ්ව විද්‍යාලය සෑදිමට යැයි එවන ලද ඩොලර් ලක්ෂ ගණන් එක දවසක් තුළ ඔහුගේ ගිණුමට මාරු කර දුන් බවද ඔහු එහිදි අනාවරණය කර තිබේ.

ඉතාම ඉහළ පෙළේ මැදිහත්වීමකින් තොරව එවැනි වරප්‍රසාදයක් හිස්බුල්ලාට ලැබිමට හැකියාවක් නැති බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

වැඩ තහනමට ලක්ව සිටින පූජිත ජයසුන්දර සම්බන්ධයෙන්ද හිටපු ආරක්ෂක ලේකම්වරයා අදහස් දක්වමින් සදහන් කර ඇත්තේ පූජිත,පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැති රජය පත්කල විශේෂ තේරීම් කාරක සභාවේ කල සියලුම අනාවරණයන් සත්‍ය බවයි.

සිරිසේනගේ සරම ඔලුවෙන් ගැලවු පුජිත..

පසුගිය ඉරිදා එල්ල වු මරාගෙන මැරෙන අන්තවාදි ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම අවශ්‍ය නිළධාරීන් දැනුවත් කිරිමට ආරක්ෂක ලේකම් කටයුතු කර නැත්තේ ගෝඨාභය රාජපක්ෂ සමග ඇතිකරගත් එකඟතාවක් මත බව මේ වනවිට අනාවරණය වි තිබේන බව අප 2019 අප්‍රියෙල් 27 වැනිදා අනාවරණය කල අතර එම අනාවරණය පහතින් කියවිය හැක.

ජනපතිගේ පාවාදිමේ තරම … ආරක්ෂක ලේකම් හෙලිකරයි…

ගෝඨා,හේමසිරි ඩිල් එක කරලියට…. ප්‍රහාරය මතින් ගෝඨා ජනපති සටනට….

http://lankanewsnetwork.org/archives/20177

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Top