නැගෙනහිර පළාතේ දිනෙන් දින වර්ධනය වන මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන් සහ ආරැගම්බේ සංචාරක කලාපය තුල ඇතිවෙමින් තිබේන ඊශ්‍රායල රාජ්‍ය සම්බන්ධයෙන් ජාත්‍යන්තර බුද්ධි අංශ සිය විමර්ශණ දියත් කරද්දී ලංකාවේ බංකු බංකු ආරක්ෂක අමාත්‍යංශ නිහඬ පිළිවෙතක සිටිම පුදුමයට කරුණක් බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා. කෙසේවෙතත් ඔස්ට්‍රේලියානු බුද්ධි අංශ (ASIO) හී විමර්ශණ අනුව එරට සංචාරකයන්ට මේ වනවිටත් දැඩි අවවාදාත්මක නිවේදන නිකුත් කිරිම ආරම්භ කර තිබේ.
https://www.smartraveller.gov.au හරහා ශ්‍රි ලංකාව බලායන ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට අවවාද කරමින් සදහන් කර ඇත්තේ “Exercise a high degree of caution in Sri Lanka due to the threat of public demonstrations and security risks.” මහජන විරෝධතා සහ ආරක්ෂක අවදානම් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ඉහළ මට්ටමේ ප්‍රවේශම් වන්න. යනුවෙනි එහි වැඩිදුරටත් සදහන් වන්නේ
“ශ්‍රී ලංකාව සඳහා අපගේ සංචාරක උපදෙස් අපි සමාලෝචනය කර ඇති අතර ඉහළ ප්‍රවේශම් සහගත ලෙස කටයුතු කරන ලෙස අපි දිගටම උපදෙස් දෙමු. ශ්‍රී ලංකාවට ඇතුළු වීමට, ඔබට විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA) ආකාරයෙන් වීසා බලපත්‍රයක් අවශ්‍ය වනු ඇත. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණීමේදී ETA ලබා ගැනීමට සීමිත පහසුකම් ඇති බැවින්, ඔබ සංචාරය කිරීමට පෙර මෙය කළ යුතුය” යනුවෙනි.
එම අනතුරු ඇඟැවීමට අදාළවම ඇති සාරාංශයේ එම අනතුරුදායක තත්ත්වය විග්‍රහ කර තිබේ.අනිකුත් සියලුම අනතුරු ඇඟවීම් සාමාන්‍ය තත්ත්වයන් සේ සලකා අතහැර දැමුවද එහි සදහන්ව තිබේන ආරක්ෂක කණ්ඩයේ කොටස ජාතික ආරක්ෂාවට සaජුව බලපැම් එල්ල කර තිබේ.
ආරක්ෂාව
ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ප්‍රහාර එල්ල වීමේ අවදානමක් පවතී. කලාපීය සහ වෙරළබඩ නගර ඇතුළුව විදේශිකයන් සහ සංචාරකයින් අතර ජනප්‍රිය ප්‍රදේශ ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගත හැකිය. මැදපෙරදිග පවතින ගැටුම අනෙකුත් කලාපවල ඊශ්‍රායල අවශ්‍යතාවලට එරෙහි ප්‍රහාරවල තර්ජනය වැඩි කිරීමට හේතු විය හැක.
- There is an ongoing risk of terrorist attacks in Sri Lanka. Terrorists may target areas popular with foreigners and tourists, including in regional and coastal towns. The ongoing conflict in the Middle East could lead to an increased threat of attacks against Israeli interests in other regions.
ඒ අනුව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු 2025 මාර්තු 12 වැනිදින කල අනාවරණය වන “Super Muslim, Tablighi ජමාත් සහ බැටළු ඇඳුමින් සැරසුණු වෘකයා!” (අදාළ පුවත පහලින් කියවන්න) හී සදහන් කරුණු සම්බන්ධයෙන් බංකු බංකු ආරක්ෂ අංශ කටයුතු නොකර සිටිම මේ තත්ත්වය වර්ධනයට බලපැම් එල්ක කර තිබේන බව නොරහසකි. ඊට සාපේක්ෂව දිනෙන් දින ආරැගම්බේ සංචාරක කලාපය තුල ඊශ්‍රායල බල ව්‍යාප්තිය දරුණු ලෙස සිදුවෙමින් තිබේන අතර වසර ගණනාවක් පොලිස් සහ හමුදා ආරක්ෂාව යටතේ ආරුගම්බේ ප්‍රදේශයේ ස්ථිරව පදිංචිව සිටින එක් ඊශ්‍රායල් ජාතිකයෙකු ඒ සදහා නායකත්වය දෙන බවද අනාවරණය වි තිබේ. නමුත් සියල්ලම රටේ අයහපත දෙසට සිදුවෙමින් පවතින සමයකද මුස්ලිම් ජාතිකයන්ගේ සිත් රිදවිමට අකමැති ආණ්ඩුව සහ වැඩකට නැති බංකු බංකු ආරක්ෂක අංශ නිහඬ සිටින බවයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කළේ. ඒ අනුව ඉතාව පැහැදිලිව “මැදපෙරදිග පවතින ගැටුම අනෙකුත් කලාපවල ඊශ්‍රායල අවශ්‍යතාවලට එරෙහි ප්‍රහාරවල තර්ජනය වැඩි කිරීමට හේතු විය හැක.” යනුවෙන් ඔස්ට්‍රේලියාවේ ආරක්ෂ අංශ සිය පු රවැසියන්ට දැනුම් දි තිබේ.
ඊශ්‍රායල් ජාතිකයින්ට ආරුගම්බේ ප්‍රදේශයේ ආගමික ස්ථානයක් පවත්වාගෙන යෑමට අවසර ලබාදී ඇති අතර ඒ සදහා රාජ්‍ය අනුග්‍රහය ලැබෙමින් පවතින බවටද තොරතුරු අනාවරණය වු අතර අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු එම ප්‍රදේශයේ සිදුකර සංචාර වලදි ඊශ්‍රායල් ජාතිකයින් පවත්වාගෙන යන බව කියන ආගමික ස්ථානයට පොලිස් නිලධාරින් යොදවා ආරක්ෂාව ලබා දී ඇති ආකාරය දකින්නට හැකිව තිබුනා. කෙසේවෙතත් බූ දේශපාලණිකව මේ වනවිට ලංකාව උගුල් ගණනාවක පටලවි සිටින හෙයින් ඒ අනුව ගන්නා තීන්දු ඉදිරියේදි වෙනස් වි ඊශ්‍රායල් ජාතිකයින්ට බලපෑම් එල්ල වියහැකි තත්ත්වයක් උදාවිය හැකි බවත් එහිදි ඇතිවන අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් මේ දක්වා බුද්ධි අංශ කිසිදු විමර්ෂණයක් කර නොමැති බවයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළේ.
ඊට අමතරව වත්මන් ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරුන්ගේ උද්ද්ච්ච ක්‍රියාවන්ට අදාලාව ජනතාව පාරට එමින් සිටින අතර මාස 6ක් ඉක්මවන ආණ්ඩුවට සතර අතින් හූ හඩ ඇසෙන්නට පටන්ගෙන තිබේ. බදු එකතු කිරිම හැර කියු දෙවල් වලට ප්‍රතිවිරුද්ධ දැ කිරිම එම තත්ත්වය තවත් උග්‍ර අතට පත්වෙමින් තිබේ. එහි අනාගත තත්ත්වය දකින ඔස්ට්‍රේලියාවේ ආරක්ෂ අංශ ඒ සම්බන්ධයෙන් අනාවරණයක්ද සිදුකර තිබේ .ඒ අනුව
- Public demonstrations can occur throughout Sri Lanka. Demonstrations can lead to disruptions to traffic and public transport. Avoid areas impacted by demonstrations, follow the advice of local authorities and monitor the media for updates.
ශ්‍රී ලංකාව පුරා මහජන පෙළපාලි සිදුවිය හැකිය. පෙළපාලි හේතුවෙන් රථවාහන හා පොදු ප්‍රවාහන කටයුතුවලට බාධා ඇති විය හැකිය. පෙළපාලිවලින් බලපෑමට ලක් වූ ප්‍රදේශවලින් වළකින්න, පළාත් පාලන ආයතනවල උපදෙස් අනුගමනය කරන්න සහ යාවත්කාලීන කිරීම් සඳහා මාධ්‍ය නිරීක්ෂණය කරන්න.
Super Muslim, Tablighi ජමාත් සහ බැටළු ඇඳුමින් සැරසුණු වෘකයා! · Lanka News Network
