LNN SPY

පාර්ලිමේන්තුව මේ මස අවසන් සතියේ විසුරුවයි

මේ මස අවසන් සතිය තුල පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට තමන්ට සිදුවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසා තිබෙන බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.ජනතා විමුක්ති පෙරමුණේ ඉල්ලිම සම්බන්ධයෙන් තමන්ට සත පහක වැඩක් නැති වුවත් එක්සත් ජාතික පක්ෂය නායකත්වය සහ  ඇමතිවරුන්ගේ නිරනතර ප්‍රකාශයන් සහ රටේ අස්ථාවරත්වය තුල තමාට පාර්ලිමේන්තුව විසුරුවාලීමට හැර වෙන කරන්න දෙයක් නොමැති බවයි ජනපති පවසා ඇත්තේ.

මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් කොටස් ආණ්ඩුවට බලපෑම් කරන අතර ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප ඇමැතිවරු කියා සිටින්නේ නව මැතිවරණ ක්‍රමය සම්මත කිරීමෙන් පසු මැතිවරණයකට යා යුතු බවය.

ආණ්ඩුව මේව නවිට කල්ඉකුත්වෙමින් තිබෙන්නක් බැවින් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යා යුතු බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශක්ද කළා,

නව මැතිවරණ ක්‍රමයක් පිළිබඳ පවතින කතා බහ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් අද (11) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වු අතර එහිදිද කිසියම් එකගතාවයක් ඇති කර ගැනිමට හැකිවි නෑ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top