Featured

රනිල්ගේ,සජිත්ගේ මගේ අතේ ලේ නෑ -කොටහේන ඝාතනය රවීගේ පාතලයේ-සුජිව,රවී පැන්නුවේ නැත්නම් තින්දුවක් ගන්නවා- සජිත්

රාජපක්ෂලාට මඩ ගසන්නට ගොස් මුලු එක්සත් ජාතික් පක්ෂයේම දැලි ගෑ රවී කරුණානායකට වහාම සියලුම තනතුරු වලින් ඉල්ලා අස්වෙන ලෙස එක්සත් ජාතික පක්ෂ විනය කමිටුව හරහා නියෝගයක් නිකුත් කරන ලෙස සජිත් පිළේ සමාජිකයන් රනිල් වික්‍රමසිංහ සමග ගැටුමක් ඇතිකරගෙන තිබේ.එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදෙන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළේ.මහා බැංකු කොල්ලකරු රවී කරුණානායක සහ කුඩුලාල්ගේ පාතාල කණ්ඩායම සහ “ප්‍රින්ස්” පාතාල කණ්ඩායම අතර ඊයේ  කොළඹ කොටහේන ප‍්‍රදේශයේ ඇතිවු ගැටුම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කය තුල පමණක් නොව රටේ සෑම ප්‍රදේශයකම එජාප මැතිවරණ මෙහෙයුම අඩාල විමට පත්ව ඇති බවට එම කණ්ඩායම් රනිල්ට පවසා ඇති බවයි.

මේ අතර වහාම රවිගේ අමන ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඉදිරි දින 2ක තුල ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස මෙම කණ්ඩායම එජාප මහා ලේකම් කබිර් හෂිම් හට ලිපියක්ද භාරදි තිබේ.ඒ සම්බන්ධයෙන් තින්දුවක් නොගන්නේ නම් පක්ෂය ආරක්ෂාකර ගැනිම සදහා මැතිවරණ සටන පසෙකලා දේශපාලන තින්දුවක් ගැනිමට දෙවරක් නොසිතන බවද සජිත් කණ්ඩායම එම ලිපිය මගින් අවධාරණය කර තිබේ.

මේ අතර කොටහේන බ්ලුමැන්ඩල් ප්‍රදේශයේදී ඊයේ (31) සිදුවූ සිදුවීමට මහින්ද රාජපක්ෂලාටම චෝදනා කිරීම සාධාරණ නොමැති බවත් තමාට බොරු කීමට අවශ්‍ය නොවන බවත් එය පාතාල කල්ලි අතර ඇතිවූ වෙඩි තැබීමක් බවයි.තමන්ගේ සහ රනිල්ගේ මෙන්ම සජිත්ගේ අත්වල ලේ ගැවි නැති බවද  අමාත්‍ය සුජීව සේනසිංහ අද (01) අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් පවසා තිබේ.ඒ අනුව සුජීව සේනසිංහද මෙය රවීගේ පාතාල ක්‍රියාවක් බව පිලිගෙන තිබේ.(Video ව නරඹන්න)

[box type=”warning” ]මේ අතර ඉදිරි මැතිවරණයේ ප‍්‍රථිපල ඉතා අයහපත් විය හැකි බව එක්සත් ජාතික පක්‍ෂය විසින් කරනු ලැබ ඇති සියළු සමීක්‍ෂණවලින් අණාවරණය වී ඇතැයි සිරිකොත ආරංචි මාර්ග පවසයි.

මේ හේතුව මත එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනප‍්‍රියත්වය පහල දැමීම සඳහා කොළඹ ප‍්‍රධාන පෙලේ ප‍්‍රචාරක ආයතන හිමිකරුවෙකුට හදිසි කොන්ත‍්‍රාත්තුවක් බාර දී ඇත.

මෙම ව්‍යාපෘතිය බාර දී ඇත්තේ ෆීනික්ස් ප‍්‍රචාරක ආයතනයේ අර්වින් වීරක්කකොඩි නම් අයට වන අතර ඔහු ගාමිණී දිසානායකගේ තාලයේත් එජාප මෙම ව්‍යාපෘති භාරව කටයුතු කලේය. රට පුරා ඇති මාළිගා, ලැම්බොගිනි, රත‍්‍රන් අශ්වයින් ගැන විශාල පින්තූරයක් මවා ‘අහස පොලොව නුහුලන අපරාධවට ඉඩ දෙන්නේද’ වැනි තේමාවකින් සියළු මාධ්‍ය ආයතන වෙත මෙම ව්‍යාපෘතිය යටතේ ප‍්‍රචාරක දැන්වීම් ලබා දීමට නියමිතය.[/box]

 

Top