Political

දින 90 වේ කෙරුවාව මෙන්න

මහින්ද බලය අයුතු ලෙස පාවිච්චි කලා යැයි කිවු මෛත්‍රීගේ දින 90 කෙරුවාව

1)  හිටපු අගමැති  දී මූ ජයරත්න අස් වීමට පෙර ව්‍යවස්ථාවට පිටින් රනිල් වික්‍රමසිංහ නව අගමැති ලෙස පත්කිරීම

2) පාර්ලීමේන්තුවේ  2/3 ක බහුතරයක චන්දයෙන් දෝෂාභියෝගයක් මගින් ඉවත් කරතිබූ හිටපු අග විනිසුරු ශිරානී බන්ඩාරණයක කිසිදු පාර්ලිමේන්තු ක්‍රමවෙදයකින් තොරව නැවත තනතුරේ පිහිටවීම.

3) රටේ අග විනිසුරු මොහාන් පීරිස් පාර්ලිමේන්තු ක්‍රමවෙදයකින් තොරව ජනාධිපති ලිපියකින් ඉවත් කිරීම

4) ඡන්දයකින් ජනවරමක් ලබා නැති චන්ද්‍රිකා බන්ඩාරණයක රටේ පාලනයට ජාතික උපදෙශක කමිටුවක් හරහා සම්බන්ද කර ගැනීම.

5)  ගස් කැපීම පමනක් දැන සිටි තම මලනුවන් රුපියල් ලක්ෂ 30 ක මාසික වැටුපකට රජයට අයත් විශාලතම ආයතනය වන ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ලෙස පත්කිරීම

6) කිසිදු පලපුරුද්දක් නොතිබුන  දුව හා බෑනා,  විදේශ හා ආරක්ෂක අමාත්‍යන්ෂ වල ඉහල තනතුරුවලට පත්කිරීම

7) දින 90 තුල කල පිටරට සවාරි 4ටම රජයේ වියදමින් පුතා දහම් ගෙන යාම හා විදේශ රජ්‍ය නායකයන්ට හදුන්වාදීම.

8) ජනාධිපති බලය පෙන්වා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හා සන්ධානයේ සබාපතිත්වය ලබා ගැනීම. මේ හරහා තමුන්ට විරුද්දව ඡන්ද්ය දුන් 58 ලක්ෂයක ප්‍රජාතන්ත්‍රවදී අයිතිය උදුරා ගැනීම

9) ආන්ඩුවේ නායකයා වන ගමන්ම තම ගැත්තෙකු වන නිමල් සිරිපාලට විපක්ෂ නායක කම ලබාදී මුලු පර්ලිමේන්තු ක්‍රමයම විහිලුවක් කිරීම ( කවුද කිවා වගේ ක්‍රිකට් ගහනවිට බැටින් ටීම් එකේ කැප්ටන් ෆීල්ඩින් ටීම් එකේ කැප්ටන්වත් නම් කලා වැනිය )

10) ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් හඩ නැගූ පක්ෂ ප්‍රබලයන් විනය පරීක්ෂනයකින් තොරව මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කිරීම

තාම පටන් ගත්තා විතරය

~~විශේෂ ලියුම්කරු~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top