LNN SPY

මෛත්‍රී ආණ්ඩුව දෙදරයි! රාජ්‍ය මාධ්‍ය ප්‍රධානින්ට කණකොකා හඬයි

එළැඹෙන මහ මැතිවරණයේදී සිරස සභාපති රාජේන්ද්‍රන් රාජාමහේන්ද්‍රන් හෙවත් කිලී මහරාජා ජාතික ලයිස්තුවෙන් පත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත්විමට කළ ඉල්ලිමත් සමග මෛත්‍රීපාල සිරිසේන අනාත වි සිටින බව වාර්තා වේ. එම අවස්ථාව ලබාදිමට මෛත්‍රී කටයුතු නොකරන්නේ නම් යහපාලනයේ නිරුවත රටට හෙලිකිරිමට කටයුතු කරන බවට තර්ජනාත්මක පණිවිඩයක් කිලී මෛත්‍රීට යවා තිබේ.

මේ අතර කිලී මහාරාජාට ශ්‍රිලනීපය ජාතික ලැයිස්තුවෙන් අවස්ථාවක් ලබාදෙන්නේ නම් ඊට එරෙහිව තමන් ඇතුලු පිරිස සටනක් අරඹන බව මංගල සමරවිර මෛත්‍රීපාලට දන්වා තිබේ.මංගල ඒ සම්බන්ධයෙන් චන්දිකාවද දැනුවත් කර තිබේ.

මේ වනවිටත් මේම අර්බුදය යහපාලක ආණ්ඩුව ගිනියම් කිරිමට සමත්ව ඇති අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් හෙට (15)දිනයේදී හදිස්සි කැබිනට් රැස්වීමක් පැවැත්විමටද තිරණය කර තිබෙන බව LNW විශේෂ වාර්තාකරු සදහන් කළා.

මිට අමතරව  ඉදිරි දින 40ක පමණ කාලයක් රජය ආරක්ෂා කර ගැනිමේ අරමුණින් රාජ්‍ය මාධ්‍ය ආයතන කිහිපයක ඉහල පුටු වෙනස් කිරිමට හෝ එම තනතුරු වලට ඉහලින් කණ්ඩායම් පත්කිරිමටද මෛත්‍රී ජනපති තිරණය කර තිබෙන බවඩ්ජ ඔහු සදහන් කළා.



හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top