LNN SPY

සිරිසේන කියන්නේ ටොම් පචයෙක්!

ආප්ප කා අවසාන මොහෝතේ රජකම ගැනිම සදහා රට විකුණන එකඟතාවයන්ට හිස නැමු පච කියන රාළලාගේ මෛත්‍රීපාල සිරිසේන ලෝව අංක එකේ පචයෙක්ම බව පමණක් යලිත් ඔප්පු කර තිබේ.පසුගියදා උතුරු රටේ ජනාධිපතිවරයා හමුවු අපේ පළාත් පාලන මන්ත්‍රි මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ මාධ්‍ය ඇම්බැට්ටයන් යොදවාගෙන කන්කසන්තුරේ හා ආරුගම්බේ ඉදිකර ඇති කී ජනාධිපති මන්දිර ගැන ජනතාවට කියා සිටියේ  මහා උජාරුවෙනි.

රුපියල් කෝටි 250ක පමණ වියදමින් යාපනයේ කන්කසන්තුරේ ඉදිකරනු ලබන සුවිසල් ජනාධිපති මන්දිරයේ පදිංචියට තමන් නොයන බවත් එය ජනතාව වෙනුවෙන් විවෘත කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියා.

කන්කසන්තුරේ හා ආරුගම්බේ ඉදිකර ඇති බව කියන ජනාධිපති මන්දිරය ගැන කරුණු පැහැදිලි කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේ  ජනාධිපති මන්දිර සඳහා සිදු කරන නාස්තිකාර වියදමක් හැටියට හුවා දැක්විම පසුගිය වකවානුව පුරාම මට එරෙහිව පැවති අවලාද ව්‍යාපාරයේ කොටසක් බවයි.

මෙහි දැක්වෙන්නේ ඔහු විසින් නිකුත් කර ඇති එම නිවේදනයයි.

මාගේ භාවිතය සඳහා කන්කසන්තුරේ ඉදි වෙමින් පැවති ජනාධිපති මන්දිරයක් යැයි කියන ගොඩනැගිල්ලක රූප ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරුනි. කන්කසන්තුරේ ඉදිවෙමින් පැවති කිසිදු ජනාධිපති මන්දිරයක් නැති බව ජනතාවට දැනුම් දීමට මම කැමැත්තෙමි. 1980 ගණන් වලදී කොටි ත්‍රස්තවාදීන් විසින් විනාශ කරන තුරු ජනාධිපති මන්දිරයක් යාපනය කොටුව තුල තිබුණු බව මෙහිදී මතක් කර දිය යුතුය. එය අද දක්වාම නැවත ඉදිකර නැත. කන්කසන්තුරේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවතින ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථානයකි. එහි ඉදිකිරීම් කටයුතු භාරව හිටියේ නාවුක හමුදාවයි. ලංකාවේ වැඩිම ඉල්ලුමක් තිබෙන සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන වන බණ්ඩාරනාක සම්මන්ත්‍රණ ශාලාව, ශ්‍රී ලංකා පදනම් ආයතනය, නෙලුම් පොකුණ වැනි ආයතන සියල්ල පැවතියේ ජනාධිපති ලේකම් කාර්යාලය යටතේය.

කන්කසන්තුරේ හා ආරුගම්බේ යන ස්ථානවල ඉදිවෙම්න් පැවති ගොඩනැගිලි ජනාධිපති මන්දිර නොව ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයි. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නොයෙක් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ වලටත්, උතුරු නැගෙනහිර ප්‍රදේශ වලට පැමිණෙන විදෙස් රාජ්‍ය නායකයින් හා වෙනත් දෙස් විදෙස් අමුත්තන්ගේ ප්‍රයෝජනය සදහාත් මෙම මධ්‍යස්ථාන භාවිතා කිරීමට සැලසුම් කර තිබුණි. සාමය උදාවීමත් සමග මේ ප්‍රදේශවලට යන එන දෙස් විදේස් අමුත්තන්ගේ ගණන විශාල වශයෙන් වැඩිවනු ඇතැයි අපේක්ෂා කරන ලදී. මෙකි මධ්‍යස්ථාන ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පැවති සෙසු සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන වලින් වෙනස් වන්නේ ඒවායේ නවාතැන් පහසුකම්  ද සපයා තිබීමෙනි. මේ ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථාන ඉදි කිරීමට කැබිනට් අනුමැතිය ද ලැබී තිබුණි. මෙවැනි ආයතන ඉදි කිරීම ජනාධිපති මන්දිර සඳහා සිදු කරන නාස්තිකාර වියදමක් හැටියට හුවා දැක්විම පසුගිය වකවානුව පුරාම මට එරෙහිව පැවති අවලාද ව්‍යාපාරයේ කොටසක් බව කිව යුතුය.

මේ සාවද්‍ය ප්‍රචාර වලින් නොමග නොයන මෙන් මම ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

මහින්ද රාජපක්‍ෂ
හිටපු ජනාධිපති

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top