Political

උතුරේ හමුදාව ඉවතට – ස්වයං පාලන දැනටමත් ක්‍රියාත්මකයි

ශ්‍රි ලංකාවේ දෙමළ ජනතාවගේ නව බලාපොරොත්තු ඇතැයි වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කේ.වේලායුදන් මහතා තමිල්නාඩු ඩී.එම්.කේ පක්ෂනායක සහ හිටපු තමිල්නාඩු මහ ඇමැති එම්. කරුණානිධි හමුවි වසර 30ක් ලබාගැනිමට නොහැකි වු දේ ලබාගැනිමට තවත් ඇත්තේ දින කිහිපයක් පමණක් බව පවසා තිබේ. මේ වනවිටත් උතුරේ ස්වයං පාලන ක්‍රමවෙදයක් ක්‍රියාත්මක් බවද ඔහු පවසා තිබේ.

පසුගියදා ලංකාවේ සංචාරයක යෙදිමින් රටේ කිසිවකුටත් නොදැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග පමණක් උතුරේ සිදුකිරිමට නියමිත වෙනස්කම් පිළිබඳව සාකච්ඡා කල තින්දුකරගත් අවසානයේ රටේ අවාසනාවන්ත ආහාරය වන ආප්ප කා රටින් පැන්න දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් සමග ඇතිකර ගත් එකඟතා එලෙසම ඉටුවන බව දැන් තහවුරු වෙමින් පවති.

කේ.වේලායුදන්ගේ ප්‍රකාශයත් සමගම කලබලයට පත්වු මෛත්‍රී රජය කොරොස් කටේ අත දාන්න ගිහින් අද හදිසියේම මාධ්‍ය හමුවක් කැදවන ලෙස දැනුම්දි තිබේ. ඒ අනුව අනාගත එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත්විමට සිහින මවමින් සිටින වත්මන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා හොරාට පෙර වැට පැන්නේ  “හමුදා භට පිරිස් තවදුරටත් උතුරේ රඳවා තබන බවයි.”

“අපේ ජනාධිපතිතුමා පැහැදිළිවම ප‍්‍රකාශ කර තිබෙනවා උතුරේ හමුදාව ගලවන්නේ නැහැ කියලා. ඉතින් මේ අවස්ථාවේදී ඒක පැහැදිළි කරන්න  ඕනි. ඡන්දයෙන් පස්සේ ගොඩක් කට කතා ගියා. මේ රට දෙකට බෙදනවා, ඒ වගේම උතුරෙන් හමුදාව ගලවනවා ඒ වගේ විශාල කටකතාවක් පැතිරෙන්න පටන් ගත්තා. නමුත් මේ අවස්ථාවේදී පැහැදිළිව කිවයුතුයි එහෙම කිසිදු දෙයක් වෙන්නේ නැහැ. මේ රට බෙදන්න දෙන්නේ නැහැ කවදාවත්ම. ඒ වගේම ජනාධිපතිතුමා පැවසූ පරිදි හමුදාව උතුරේ තියාගෙන මේ රටේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කරන බව පැහැදිළිව කියන්න  ඕනි.” ඔන්න ඔහොමයි “හොරාට පෙර වැට පැන්නේ”

මුදල් ඇමති සමග කෑ ආප්පේ රස ගැන නිශා බිස්වාල්ගේ  Twiiter පණිවිධය  

Top