LNN SPY

තරු වෙනුවට ෆොන්සේකා ගොනාට අදි!

හිටපු යුද හමුදාපති මෙන්ම 2010 වසරේදි ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඡන්ද හතළිස්‌ එක්‌ලක්‍ෂ හැත්තෑතුන්දාස්‌ එකසිය අසූපහක් ලබාගත්  ජනරාල් සරත් ෆොන්සේකා දේශපාලන ප්‍රවාහයෙන් සම්පුර්ණයෙන්ම අතුගා දැමිම හෙට දිනයේ ක්‍රියාත්මක විමට නියමිතයි.

බෙදුම්වාදීන් සමග සිදුවන ගණුදෙනු වලදි දේශප්‍රේමි අරගල වල නියුතුවු ප්‍රසිද්ධ චරිත දේශපාලන භූමියෙන් අතුගා දැමිම සදහා කටයුතු කරන ලෙසට ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගෙන් ලැබුනු නියෝගයකට අනුව චන්ද්‍රිකා,රනිල් සහ මෛත්‍රී ක්‍රියාත්මක කරමින් සිටින මෙහෙයුමට ෆොන්සේකා දැන් හසුවි හමාරය.

හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් තනතුරට උසස් කිරීමේ නිල උත්සවය හෙට ඉරිදා (22) ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්වීමට සුදානමින් සිටි. ජෙනරාල් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් තනතුරට උසස් කරන ශී‍්‍ර ලංකාවේ පළමු හමුදා නිලධාරියා ලෙස ඉතිහාසයට එක්වෙන අතර ෆීල්ඩ් මාෂල් වරයකුට විශේෂ වරප්‍රසාද රැසක් හිමි වන අතර ෆීල්ඩ් මාෂල් තනතුර කිසි දිනක විශ්‍රාම නොයන ධුරයක් වන අතර ඒ හරහා ලැබෙන වරප්‍රසාදයන් හේතුවෙන් යලි කිසිදිනක සරත් ෆොන්සේකාට දේශපාලනයේ යෙදිමට අවස්ථාවක් නොලැබි යනු ඇත.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top