LNN SPY

මම එනවා ඔබත් එන්න

Publish on: Feb 17, 2015 රට දෙකඩ වන අනතුරින් වහාම රට බෙරා ගැනිම් සදහා පෙළ ගැසේන මහා ජනතා බලවේගයට භියවු ශ්‍රිලනිපයේ,ජනතා විමුක්ති පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් බෙදුම්වාදී ජාත්‍යන්තර ඩොලර් කුට්ටි මත යැපෙන හෙංචයියන් විවිධ කටකතා පතුරවමින් සිටින බව LNN රටපුරා සිටින වාර්තාකරුන් වාර්තා කරයි.නමුත් කුමණ කටකතාවකටවත් හෙට නුගේගොඩ නගරයට එන ලක්ෂ සංඛ්‍යාත ජනතාව නතර කිරිමට හැකියාවක් නොමැති බවයි ඔහුන් පෙන්වා දුන්නේ.

වෙනදාට ගමේ සංවිධායකයන්ගෙන් ලැබෙන අරක්කු බොතලයට,බත් පැකට් එකට සහ නොමිලේ ලැබෙන බස් සේවාවන්ට යටවුනු ජනතාවට වඩා ස්වකීය කැමැත්තෙන් මුදල් එකතුකර සංවිධානය වු දහස් ගණන් ගම් මට්ටමි සංවිධානය වන අකාරය දකින්නට තිබෙන බවයි ඔහුන් සදහන් කළේ.

රට වෙනුවෙන් ගොඩ නැගෙන මේ ප්‍රභල සංවිධානයට හොදටම භීතියට පත්ව ඇත්තේ මහා ඩීල්කරු අනුර කුමාර දිසානායක බව LNN විශේෂ වාර්තාකරු සදහන් කළා.මේ වනවිටත් නුගේගොඩ රැලිය සම්බන්ධයෙන් විවිධ අසත්‍ය තොරතුරු වාර්තා කිරිමේ යෙදි සිටින අතර එම පක්ෂයේ නිල මඩ වෙබ් අඩවිය වන ලංකා ටෘත් වෙබ් අධවිය පලකර තිබු පුවත පහත දැක්වේ.

………………..උපුටා ගැන්ම JVP මඩ වෙබ් අධවිය …………………………….

හෙට රැලියට මහින්ද නැහැ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා කළ යුතුයැයි පවසමින් හෙට (18) පැවැත්වීමට නියමිත රැලියට තමන් සහභාගී නොවන බවත් අගමැති අපේක්ෂකයා ලෙස නැවත දේශපාලනයට පැමිණීමට තමගේ කිසිඳු අපේක්ෂාවක් නැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.ඒ මහතා තම සමීපතම දේශපාන හිතවතුන් කිහිපදෙනෙකු සමග මේ බව පවසා තිබෙ.නැවත ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් තමන්ගේ අදහසක් නොමැති බවද සිය පුත්‍රයා වන නාමල් රාජපක්ෂගේ ඉදිරි දේශපාලන අනාගතය වෙනුවෙන් කටයුතු කරන බවද ඔහු සිය හිතවතුන් සමග වැඩිදුරටත් පවසා ඇත.

දෙවරක් ජනාධිපති වී තෙවන වර පරාජයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතා නැවත මහ මැතිවරණයකට පැමිණෙන්නේදැයි ඔහුම තීරණය කළ යුතු කරුනක් බවත් එවැනි ඉල්ලීමක් සිදුවුවහොත් එහි අවසන් තීරණය ගන්නේ පක්ෂයේ නාමයෝජනා මණ්ඩලය බවත් පසුගියදා තෙරීපත්වූ එම පක්ෂයේ නව ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත් මහතා බී.බී.සී සංදේශය වෙත පවසා තිබිණ.

……….උපුටා ගැන්ම අවසන් …………………………………………….

මේ අතර හෙට රැළියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගි වන බව මේ වනවිටත් නිළ මට්ටමේ සාකච්ඡා වලදි තහවුරු වි තිබේ.ඊට අමතරව රට බෙදුම්වාදීන්ගෙන් ගලවා ගත හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතාද සහභාගි වන බව දැන ගන්නට ලැබේ. මේ අතර හෙට දිනයේ නුගේගො පැවැත්වෙන ජනතා රැළිය සඳහා සහභාගී වීමට බන්නාහිර පළාත් සභාවේ සන්ධාන මන්ත‍්‍රි කණ්ඩායම තීරණය කර තිබේ

Top