LNN SPY

මාධ්‍යට පහරදුන් මැර ඩොනල්ඩ් රංජිත් අල්ලනවද? නැද්ද?

සියත රූපවාහිනියට සහ සිරස නාලිකාවන්ට පහරදුන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන ඩොනල්ඩ් රංජිත් හෙවත් මාලිගාවත්තේ ඩොනල්ඩ් මේ දිනවල මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ චක් ගොලයෙකු බව තැන තැන පවසමින් සිටි.ජනාධිපතිවරණ සමයේදි තමන් මෛත්‍රීපාලනය වෙනුවෙන් කැපවි කටයුතුකල බවත් දැන් තමන්ට එරෙහිව නීතියි ක්‍රියාත්මක කිරිමට කිසිවෙකුටත් නොහැකි බව ඩොනල්ඩ් මේ දිනවල පවසන්නේ මහත් උජාරුවෙනී.මේ දිනවල අඩියක් ගැසීමට යන ඩොනල්ඩ් රංජිත් තම මිතුරන්ට පවසා ඇත්තේ “මම දැන් මෛත්‍රී පාලනයේ නේ බන්…දැන් මගේ ලොක්කා මෛත්‍රී බන්….”

ඩොනල්ඩ් නමැත්තා ප්‍රසිද්ධ පුද්ගලයන් ඇසුරු කළ අයෙක් වන අතර කැසිනෝ ශාළා වල සූදු ක්‍රීඩා කර පරදින පුද්ගලයන්ට ඔවුන්ගේ වාහන ඇපයට තබාගෙන එවෙලේම සියයට දහයේ පොලියට මුදල් ලබා දීම ඔහුගේ එක් ව්‍යාපාරයක් ලෙස කරගෙන ගොස් තිබේ.දු වෑන් කණ්ඩායම විසින්  තමන් පැහැරගත් බවට පසුගිය කාල සිමාවේ බොරු ප්‍රචාරයක්ද කල ඩොනල්ඩ් රංජිත් ඒ හරහා හිටපු ජනාධිපතිවරයාට සමිප විමට උත්සහ දැරුවෙකි.

යහපාලක මෛත්‍රීට අපට කිමට ඇත්තේ මෙපමණකි දවසින් දවස පැයෙන් පැය…..ඉස්සර හිටපු හොරු දැන් නමට ඉදිරියෙන් මෛත්‍රී නම්වු නාමපදය එකතු කරගනිමින් තවමත් යහතින් වැජඹෙන බවයි.නීතිය අකුරට ක්‍රියාත්මක ඩොනල්ඩ් රංජිත් වැනි මැරයන් අත් අඩංගුවට ගැනිමට නීතිය අසමත් වුවහොත් හිටන් ඉක්මනටම යහපාලනය බොඩ් ලෑල්ලට සිමාවනු ඇති බවය.

Top