Political

ස්වයං පාලනයේ පලමු පියවර තියයි – කොටියා දිනුම්

කොටි ත්‍රස්තවාදීන්ගේ ස්වයං පාලන ගමනේ පලමු පියවර තබමින් රටේ සියලුම වර්ගයා එකම භාෂාවකින් ගැයු ජාතික ගීය දමිළ භාෂාවෙන්ද ගායනා කිරිමට මෛත්‍රීපාල ජනාධිපතිවරයා අවස්ථාව උදාකර දි තිබේ.

‘ශ්‍රී ලංකා මාතා .. අප ශ්‍රී ලංකා … නමෝ නමෝ නමෝ මාතා …. ‘ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනයට ඉඩ දෙමින් මෛත්‍රීපාල සිරිසේන ජනපති  සියලු ආයතනවලට චක්‍රලේඛයක් නිකුත්  කිරීමට නියමිතය.

ජනපතිගේ මේ  තීරණය අනුව 2010 සිට ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනය සම්බන්ධයෙන් පනවා තිබු නිල නොවන තහනම ඉවත් කෙරෙනුයේ ප්‍රජාතන්ත්‍රවාදී මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා ජාතික විධායක සභාවේදී අඟහරුවාදා  ඉදිරිපත් කළ යෝජනාවක්  අනුවය.

ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට නොහැකි බව කියමින් මහින්ද රාජපක්ෂ රජයේ හිටපු ස්වදේශ ඇමැති ජෝන් සෙනවිරත්න මහතා 2010 දෙසැම්බර් 12 වැනිදා ඇමැති මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළ අතර  මහින්ද රාජපක්ෂ ජනපති ඊට නිල වශයෙන් ප්‍රතිචාරයක් නොදැක්වු නමුත් දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට රජය කැමැත්තක්  නැති බවට මතයක් පළ විය.

මේ ලියන මම ජාතිවාදියෙක් නෙමෙයි. නමුත් ඒකීය රටක භාෂා දෙකකින් ජාතික ගීය ගයන එක හරිද කියන ප්‍රශ්නය අපටද තිබෙන ප්‍රශ්ණයක්.ඉන්දියාවේ භාෂා කීපයක් තිබෙනවා, පිලිපීනයේත් තිබෙනවා. එහෙත් ඒ රටවල මේ වගේ ප්‍රශ්නයක් තිබෙනවාද කියන එකත් ජාතික කොඩිය ගැන දවසක ප්‍රශ්ණ කරන්න පටන් ගත්තොත් එදාල මෛත්‍රීපාලලා මොනවා කරයිද යන්නත් හිතන්නට වෙනවා.

සිරිසේන උන්නැහේ අවසර දෙනකොට දමිළ භාෂාවෙන් ගායනා කරලත් ඉවරයි හිටන්,,,,,,


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top